IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බසයේ දුරින් වාඩිවෙන්න කීවාම අඹු-සැමි යුවළ මානව අයිතියට සටන් වැදිලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
පවතින තත්ත්වය හමුවේ පුද්ගල දුරස්ථභාවය තබාගෙන බස් රථවල ගමන් ගන්නා ලෙසට උපදෙස් දී තිබෙන අවස්ථාවේ බස් රථයකට ගොඩ වූ අඹුසැමි යුවළක් එකම අසුනක වාඩි වී යාමේ අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ පුවතක් කුරුණෑගල බස් රථ ගාලෙන් අපට අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


කුරුණෑගල බස් රථ ගාලේ නවතා ඇති ලංගම බස් රථයකි. අත්‍යාවශ්‍ය සේවාවේ නියැලෙන පිරිස් රැගෙන යාමට නියමිත බස් රථය මාර්ග අංක 558 ඔස්සේ මඩගල්ල දක්වා ධාවනය වීමට නියමිතය.


රාජ්‍ය සේවාවේ නියැලුණු මැදිවියේ යුවළක් සේවාව නිමකොට බස් රථය වෙත පැමිණියේ නිවෙස් බලා යාමටය.


ඒ වනවිට බස් රථය පුද්ගල දුරස්ථභාවය ඇතිවන ලෙසට සියලුම ආසන පිරී ඇතත් අතරින් පතර ආසන කිහිපයක කිහිප දෙනකුට වාඩිවීමට ඉඩකඩ තිබුණි. එසේ ඉඩකඩ තිබියදීත් දෙදෙනාම එකට එක ආසනය වාඩි වූහ.


කොන්දොස්තර මහතා ඒ දෙදෙනා ඇමතුවේය.


‘‘එකම සීට් එකේ වාඩිවෙන්න එපා. මහත්තයා අනිත් සීට් එකට යන්න.’’


‘‘අපි දෙන්නා අඹු සැමියෝ. අපි දෙන්නාට එක ආසනයක එකට යන්න පහසුකම් සලසා දෙන්න.’’


එසේ කිරීමට නම් කවුරුන් හෝ වාඩි වී සිටින අසුනකින් ඉවත් කිරීමට කොන්දොස්තරවරයාට සිදුවන නමුත් එසේ ඉවත්ව යාමට කිසිවකුගේ කැමැත්තක්ද නැති අතරේ කොන්දොස්තර මහතා යුවළ ඇමැතුවේය.


“ඔය දෙන්නා විවාහකද නැද්ද කියලා මට කසාද සහතිකය අවශ්‍ය නෑ. පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යන්නට එක් අයෙකු ඉවත්ව අනිත් අසුනකට යන්න.”


ඒ අනුව සැමියා එතැනින් ඉවත් වුවද, ඔවුන් දෙදෙනාම පොල්පිතිගම නගර සීමාවෙන් බස් රථයෙන් බැස ඇත්තේ විවාහක යුවළකට එකට වාඩිවීමේ අයිතීන් කඩකිරීම හමුවේ මානව හිමිකම් වෙතට ගොස් හෝ දඬුවම් පමුණුවන බව පවසමින් කොන්දොස්තරවරයාට නින්දා වන පරිදි දෙදෙනා විසින්ම දෝස්මුරයක් තබමින්ලු.

 



අදහස් (5)

බසයේ දුරින් වාඩිවෙන්න කීවාම අඹු-සැමි යුවළ මානව අයිතියට සටන් වැදිලා

Pradeep Monday, 04 May 2020 05:27 AM

නුගත් සේවකයෝත් ඉන්නවානේ. මේ එහෙම අය වෙන්න ඇති..

:       4060       105

PradeepWednesday, 06 May 2020 02:34 AM

ප්‍රතිචාර වලින් පෙනෙන්නේ නුගත්, දේශපාලන පත්වීම් කාරයෝ ගොඩක් ඉන්න බවයි.

:       0       22

karu Wednesday, 06 May 2020 03:32 AM

ගෙදර එකට ඉන්න දෙන්නෙක් අතරේ සමාජයේදී දුරස්ථභාවය පවත්වාගත යුතුද ?

:       0       0

JayWednesday, 06 May 2020 07:42 AM

ප්‍රශ්නය තියෙන්නේ පිටදී මේ දෙදෙනා ඇත්තටම අඹුසැමි යුවළක් කියල හොයා ගන්න විදියක් නැති එක. අනිත් රටවල පවා මේ ප්‍රශ්නය තියෙනවා. ඔස්ට්‍රලියාවේ එක නිසා පොලිසියෙන් කියල තියෙන්නේ අඹුසැමි යුවළ පවා සමාජ දුරස්ථ භාවය තබා ගත යුතුයි කියල මොකද ඒ ගොල්ලන්ට කවුද බැන්දේ කවුද නැත්තේ කියලා හොයන්න බැරි නිසා.

:       0       1

Lalith PereraWednesday, 06 May 2020 10:03 AM

ඔව්, සියලුදෙනා ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site