IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මූණ කැත වුණාම සොහොනට ගිහින් හූනියමකුත් කපලා

(හොරොව්පොතාන පැතුම් දර්ශන)
”‍ක්‍රීම් වර්ගයක්”‍ ගා හැඩ වුණ තම මුහුණ ගමේ ගැහැනුන් කළ  හූනියම්  නිසා අවලස්සන වූ බව පවසමින් සොහොනකට ගොස් හූනියම් කැපූ පනස් පස් හැවිරිදි කාන්තාවක පිළිබඳව කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා විය.


තරමක් හැඩකාර කාන්තාවක වූ ඇයගේ විච්චූරණ වැඩ නිසා සැමියාද හැර ගොස් වසර ගණනාවකි. දරුවන්ද විවාහ වී පිටව ගොස් ඇති බැවින් ඇය නිවෙසේ සිටින්නේ තනිවමය.


හැඩට අඳින්නට ආසා කළ ඇය, සිදුකළ රැකියාවෙන් ලැබෙන සියලු‍ වැටුප ඇඳුම් පැළඳුම්වලට සහ රූපලාවණ්‍ය කටයුතුවලට වියදම් කළේ කිසිදු ලෝබකමක් නැතිව ය. මේ අතර ඇය රූපවාහිනියේ රූපලාවණ්‍ය  වැඩසටහන් සියල්ල බලන්නට ද අමතක නොකළාය.
යන එන සෑම තැනකම ඇය විශේෂ තැනැත්තියක වූයේ ගැලපීමක් නැති විවිධ විලාසිතා සහිත ඇඳුම් ඇදීමත්, ළං වෙන්නට බැරි තරම් සුවඳ විලවුන් ඇඟේ උලාගෙන සිටීමත් නිසාය.


කෙටි කලකින් ලස්සන විය හැකි ‘‘නයිටි ක්‍රීම්”‍එකක් ගැන දැනගන්නට ලැබී ඇත්තේ ඔය අතරතුරදීය. 


කෙටි කලකින් ලස්සන වෙනවනම් සේසතම වුවත් වියදම් කරන්නට ඇය සූදානම් වූවාය.


සති ගණනාවක් ගත විය. ස්වරූපය වෙනස් විය. මුහුණ ලස්සන වන්නට විය. ‘‘අනේ ඔයා ලස්සන වෙලා නේ මොකක්ද මේ වෙනස”‍
ගමේ අනෙකුත් කාන්තාවන්ගේ ලැබෙන වර්ණනාවන් බොහෝය. හේ සතුටින් කෙතරම් උද්දාමයට පත්වුවාදැයි කිවහොත් ඇය සිතුවේ ගමේ සිටින සියලු‍ පිරිමින් තමනට වශීවී ඇති බවත්, සියලු‍ කාන්තාවන් එයට ඉරිසියා කරන බවත්ය.


ගතවූයේ ටික දිනකි.  සියලු‍ බලාපොරොත්තු සුන් වීය. මොකක්දෝ අවාසනාවකට ලස්සනට තිබුණ මුහුණ අවපැහැ ගැන්වී ගියේය. කුරුලෑ බිබිලි මත ඇතැම් අවස්ථාවල සැරව ද ගැලු‍වාය.


‘‘මෙච්චර ලස්සනට තිබුණ මගේ මූණ ට මොකද වුණේ..? ගමේ ගෑනු හූනියම් කරලා තමයි මගේ මූණ කැත වුණේ. කරන්නම් මමත් හොඳ වැඩක්”‍


දැඩි කෝපයෙන් හිතවත්ම කාන්තාවන් කීප දෙනකුට කියා තිබිණි.


ඇය වහා ගොස් කට්ටඩියෙකු හමුවූවාය. ඇගේ තරම දන්නා කට්ටඩියාද දුන්නෙ නියම විසඳුමකි.


‘‘මේක හූනියමක්. මේ හූනියම සොහොනකට ගිහිල්ලා රෑ 12ට කපන්න  ඕනෑ”‍.


ඒ අනුව විශාල වියදමක් දරා කාටත් හොරෙන් ගමේ පාළු සොහොනට ගොස් හූනියම කපා ඇති අතර වැඩි කල් නොගොස්ම මුළු ගමම වාගේ මේ කතාව දැනගත්තේය.


‘‘නැන්දේ ළඟදී  හූනියමක් එහෙම කැපුවෙ නැද්දෑයි”‍ ගමේ කොල්ලන් අසන විට ඔවුන්ගේ අම්මා අප්පා මතක් කරන්නෙ අහල පහළ අහගෙන ඉන්න බැරි තරමටලු‍.

 



අදහස් (1)

මූණ කැත වුණාම සොහොනට ගිහින් හූනියමකුත් කපලා

Pradeep Wednesday, 06 May 2020 02:27 AM

මෙහෙමත් ගැහැණු..

:       70       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site