IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලුත උපන් මිනිපිරිය බලන්න උදැල්ලකුත් අරන් සැතැපුම් 5 ක් පයින් ගිහින්

(වියලුව වාර්තාකරු)
අලුත් උපන් සිට මිනිබිරිය දැකබලා ගැනීම සඳහා ඇඳිරි නීතිය වේලාවේ උදැල්ලක් කර තබාගෙන සැතපුම් පහක් පමණ පා ගමනින්ම ගිය සමාද්ධිලාභියකු පිළිබඳ වාර්තාවෙයි.


ගොවිතැන සිය ආදායම් මාර්ගය කරගත් ඔහු සමාද්ධිලාභියෙකි.


මේ වනවිට පවත්නා කොරෝනා තත්ත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා ඔහු නිවෙසට කොටුවී සිටියේ කිසිදු කටයුත්තක් කර ගත නොහැකිවය. අසල්වැසි ගමක තරුණයකු සමග විවාහ වී සිටි සිය වැඩිහල් දියණිය දරුවකු ප්‍රසූත කළ පුවත අසන්නට ලැබුණේ මේ අතරවාරයේය.


හෙතෙම තම වැඩිමහල් දියණිය ප්‍රසූත කළ දරුවා දැක ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණුද දියණිය පදිංචි නිවෙසට යෑමට නම් ප්‍රධාන මාර්ගයක් ඔස්සේ අනිවාර්යයෙන්ම යායුතු වූ අතර පනවා ඇති ඇඳිරි නීතිය ඊට දැඩි බාධාවක් විය.


ඒ පිළිබඳව සිතමින් සිටි ඔහුට අසල්වැසි හිතවතකුගෙන් ලැබුණේ අපූරු උපදෙසකි.


ඇඳිරි නීතිය තිබුණට කුඹුරට යන්න බාධාවක් නැහැ. ඒ නිසා උදැල්ලක් අරන් දුවලාගේ ගෙදර යන්න. හිතවතාගෙන් ලැබුණේ අපූරු උපදෙසකි.

තවතාගේ උපදෙස් අනුව හොඳින් සෝදා පිරිසිදු කරගත් උදැල්ලක්ද කර තබා ගත් හෙතෙම මිනිබිරියට අවශ්‍ය අඩුම කුඩුම කීපයක්ද මල්ලක දමාගෙන මීගහකිවුල නගරය හරහා සිය දියණිය පදිංචි නිවෙස වෙත කිලෝමීටර් පහක පමණ දුරක් පා ගමනින්ම ගමන් කළේ කුඹුරට යන ගොවියකු පරිද්දෙනි. මේ වන විට ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු ආරම්භ වී තිබීම නිසා මෙම පුද්ගලයා දුටු පොලිස් නිලධාරීන් ද ඔහුගේ ගමනට කිසිදු බාධාවක් එල්ල නොකළේ ඔහු සැබෑම ගොවියකු යැයි සිතමිනි.


මිතුරාට පින් අත්වන්නට කිසිදු උපද්‍රවයකින් තොරව සිය මිනිබිරිය දැක බලා ඇය හුරතල් කළ හෙතෙම සවස් වෙද්දී යළි පා ගමනින්ම නිවෙසට පැමිණියේ බෑණාගේ සංග්‍රහයක්ද භුක්ති විඳීමෙන් අනතුරුවය.

 



අදහස් (9)

අලුත උපන් මිනිපිරිය බලන්න උදැල්ලකුත් අරන් සැතැපුම් 5 ක් පයින් ගිහින්

ශංඛ Wednesday, 29 April 2020 03:23 AM

මේ වගේ සංවේදී මිනිස්සු තාම ඉන්නවා කියන එකත් ලොකු දෙයක්.

:       6       44

kumara Wednesday, 29 April 2020 04:46 AM

සෙනෙහසේ මහිමය...

:       51       36

chamila Wednesday, 29 April 2020 06:07 AM

සැතැපුම් කියන්නේ කිලෝමීටර් එකක් දෙකක්...

:       2       11

KumarWednesday, 29 April 2020 04:23 PM

සැතපුම් 5 කිමි 8කි. මේ ගමන ගිය කෙනාට ඇති ආශාව මටත් දැනෙනවා. අපේ එකම මුනුබුරා ඉන්නේ කිමි 500 පමණ ඈත. මේ වසංගතය නොතිබුන නම් අපි මසකට වතාවක් ඔහු බලන්න යනවා. යාමට නොහැකි නිසා අපි අන්තරජාලය හරහා දිනකට කිහිපවතාවක් ඔහු මුණගැසෙනවා. ඒ කෙසේවෙතත් අතින් අල්ලනවා තරම් සතුටක් දැනෙන්නේ නැහැ.

:       0       32

ravi Wednesday, 29 April 2020 06:16 AM

නෑ ගම් යන්නෙත් උදැල්ලක් කරෙ තියාගෙන.. හොර ගැනහම්බවෙන්න යන්නෙත් උදැල්ලක් කරෙ තියාගෙන... ඉස්සර, වෙරිවෙලා රටටයි, ජාතියටයි, පාර්ලිමේන්තුවටයි බැනවදිමින් පාරවල් දිගේ කෑ කෝ .. ගහමින් මරලතෝනි තියපු.. උදවියත් දැන් ඒ ඒ.. අවශ්‍යතාවයන් සපුරාගන්නෙත් උදැල්ලක් කරෙ තියාගෙන.. දැන් අපේ රටේ " උදැල්ල " ජාතියේ ලාංචනය වෙලාද ..?

:       46       9

Kumara Wednesday, 29 April 2020 08:27 AM

ඒ වුනත් මෙම අවස්ථාවෙ හැටියට මෙවා වීරකම් නෙවෙයි මෝඩකම්. මෙවැනි දෙයට ප්‍රසිද්ධිය දීමෙන් තවත් අය ඒ අනුගමනය කළොත් මහා විනාශයක් විය හැකියි.

:       2       132

raviWednesday, 29 April 2020 12:02 PM

ඉතින් මොනවා කරන්නද...? එහෙම බැලුවොත් " මෝඩයින්ට " වෙනම එල්ලුම්ගහක් හදන්නවෙයි ..

:       7       1

zeylanicus Wednesday, 29 April 2020 08:57 AM

ලොකු හපන්කමක් කළා කියල හිතනවා ඇති මේ ගොන් සීයා. බැරිවෙලා හරි අතර මගදී කොරෝනා වෛරස් එක ඇති කෙනෙක්ගෙන් විෂබීජ ආවනම් අර අහිංසක දරුවත් ඉවරයි.

:       0       51

samantha Sunday, 03 May 2020 05:38 AM

මේ විදිහට හැමෝම කරන්න ගියොත් අන්තිමට වෙන්නේ ගොවිතැන කරන අයටත් නීති වැඩි කරන එක. මෝඩ වැඩක් කරලා තියෙන්නේ. ආශාව වගේ නෙමේ අන්තිමට කොරෝනා හැදුනොත්. පිස්සු නැත්නම් හොදයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site