IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අන්තර් ජාලයේ කසිප්පු හදාගෙන බීලා අන්තිමේ සිහියත් නැතිවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා වසංගතය ව්‍යාප්තවීමත් සමගම රට පුරා  සුරා සල් වසා දැමීම නිසා මත්පැන් නොමැතිකම හේතුවෙන් අන්තර් ජාලයෙන් දැක  සිය නිවෙසේ සාදාගත් මත්පැන් පානය කොට අනූනවයෙන්  ජීවිතය බේරාගත් පුද්ගලයකු පිළිබඳ අපූරු  පුවතක් දකුණින් වාර්තා වේ.


හේ මත්පැනට පුරුදු වී සිටි අයකු වන අතර, සුරාව සඳහා ගත්තේ ගමේ ගොඩේ බඩුනොව සුරා සල්වල බඩුය. හිටි හැටියේම සුරා සල් වැසීම ඔහුගේ පුරුද්දට ලොකු බාධාවක්වූවේය. ගමේ බඩු සමහර තැන්වල තිබුණත් කොරෝනා ඇඳිරි නීතිය නිසා ඒවා ගැනීමට නොහැකිවීමත් තමාගේ තත්ත්වය අනුව ගමේ බඩු ගැනීම මහත් මදිකමක්වීමත් නිසා ඔහු දෙලොවක් අතර අතරමංව සිටියේය.


මේ අල්ලපනල්ලේ අන්තර් ජාලය ඔස්සේ නිවෙසේ සිටම පානයට අවශ්‍ය මත්පැන් සාදා ගැනීම පිළිබඳව ඔහු දැනුම්වත් වූයේය. ඔහු ඒ සඳහා ගත්තේ තමන්ගේ වටපිටාවෙන්  ඉතා පහසුවෙන් සොයා ගත හැකි කෙසෙල්, බෙලි, වරකා වැනි පලතුරුය. අන්තර්ජාලයෙන් දැනුම්වත් කළ ප්‍රමාණයට වඩා ඊස්ට් දැමුවේත් වඩිය දින දෙකක්ම පල්වීමට ඇරියේත් හොඳ ගතියක් ඇති බඩු සාදා ගැනීමටය.


ගෙදර නිෂ්පාදනය කළ මත්පැන් පානය කළේ දින කිහිපයක්ම බඩු නැතිව සිටීමේ හිඟයත් මග හැරීමේ අරමුණෙනි. මත්පැන් පානය කොට  ගතවූයේ ටික වේලාවකි. ඔහුට ඉන්න හිටින්නට බැරි තරමටම බඩ රිදෙන්න ගත්තේය. මේ ගැන කාටවත් කීමට ද නොහැකි නිසාම ඔහු කොතරම් බඩ රිදුණත් ඉවසා සිටියේය. එන්න එන්නම බඩේ රිදුම වැඩිවූවා මිස අඩු නොවූවේය. ඉවසන්න බැරි තරමට තමාට බඩ රිදෙන බව ගෙදර අයට කීවේය. ගෙදර අය ඔහුට ගමේ ගොඩේ දන්නා කියන වෙදහෙදකම් කළහ. එහෙත් කිසිම අඩුවක් නම් නොවීය. අවසානයේදී ඔහු සිහිසුන්ව වැටුණේය. මෙයින් බියටපත් වූ නිවැසියන් ඔහු වහාම ළඟම තියෙන රෝහලට රැගෙන ගියහ.


මෙසේ හදිසි බඩේ රිදීමක් අතිවූයේ ඇයිදැයි යන්න සොයා බැලූ වෛද්‍යවරුන්ට නිවැසියන්ට ඇත්තම කියන්නට සිදුවූයේ ඔහුගේ රෝගීත්ත්වය වඩාත් බරපතළ වූ නිසාමය. ඔහු සාදාගෙන පානය කොට  ඇති මත්පැන් විෂවී ඇති බව තේරුම්ගත් ගමේ රෝහලේ වෛද්‍යවරුන්, මොහු බේරා ගැනීමට තමන්ට නොහැකි බව තේරුම්ගත් නිසාමදෝ ඔහු වහාම ගිලන් රථයකින් නගරයේ ප්‍රධාන රෝහලට මාරු කර යැව්වේය.


නගරයේ ප්‍රධාන රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු සෙසු වෛද්‍යවරු සිහි සුන්ව සිටි ඔහු වටකරගෙන ක්ෂණීකවම  ප්‍රතිකාර නොකළානම්. මේ වනවිටත් ඔහු පරලොව ගොස් හමාරය.

 



අදහස් (2)

අන්තර් ජාලයේ කසිප්පු හදාගෙන බීලා අන්තිමේ සිහියත් නැතිවෙලා

Jay Thursday, 23 April 2020 11:23 PM

ඇත්තටම මේ මිනිස්සුන්ට බොන්න නැතුව ඉන්න බැරිද? ඇදිරි නීතිය අයින් කරපු ගමන් දුවන්නේ ගෙදරට බඩු ගන්න නෙමේ. බාර් එකට. සමහරවිට අර දුන්න 5000 ත් අරගෙන. ගෙදර මිනිස්සු හාමතේ.

:       1       1

Walter White Saturday, 25 April 2020 01:27 AM

ඉතින් එච්චරම අවුලක් නැහැ, නොමැරී හොස්පිටල් එකට යාගත්තොත් අඩියක් ගහන්න ලැබෙනවා නේ, මොකද මෙතනොල් විෂවීමට දෙන බෙහෙත එතනෝල්!

:       52       83

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site