(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)
නගරයේ කුඩා සැලුන් එකක් පවත්වාගෙන ගිය කරණවෑමියකු රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් සැලුන් එක වසා දමා නිවෙසට වී කල්පනා කරමින් සිටියේ මත්පැන් බීමට මුදල් උපයන ක්‍රමයක් ගැන කල්පනා කරමිනි.

උපයන මුදලින් සවසට අඩියක් ගසන කරණවෑමියාට එය අහිමි වීම ද මහත් කනස්සල්ලකි. ඔහුගේ බිරිඳ ද සැරපරුෂ කාන්තාවක නිසා ඇයගෙන් ද සහනයක් ලබා ගැනීමට ඔහුට නොහැකි විය.
මෙදින උදෑසනින්ම අවදි වූ කරණවෑමියා හොඳ උපායක් කල්පනා කළේය. හෙතෙම කොණ්ඩ කපන ආම්පන්න ද බෑගයක දමාගෙන ආරක්ෂිත විධි ක්‍රම ද අනුගමනය කරමින් නිවෙස්වලට ගොස් කොණ්ඩය කැපීමට තම අසල්වැසි ගම්වල නිවෙස්වලට ගියේ මහත් බලාපොරොත්තු ඇතිවය.
ඔහු සිතූ තරම් වැඩේ සාර්ථක නොවුණ ද, සවස් වන විට යම් මුදලක් උපයා ගැනීමට හැකි විය. ඉන් මහත් සතුටට පත් වූ කරණවෑමියාට අතරමගදී මිතුරකු ද හමුවිය.
මිතුරාට ද ආරධනා කළ කරණවෑමියා කසිප්පු තිප්පොළකින් පැකට් කීපයක් මිලදී ගෙන මිතුරා සමග පානය කළේ ද මීටරයක දුර තබාගෙනය.
එදින උපයාගත් මුදලින් ගෙදරට අවැසි දෙයක්ද නොගත් කරණවෑමියා මුදල් අවසන් වන තුරුම කසිප්පු පැකට් මිලදී ගෙන රෑ වන තුරුම පදමට බීවේය. තනිව නිවෙසට යා නොහැකි වූ කරණවෑමියා මිතුරාගේ පිහිටෙන් නිවෙසට ඇරලවීය.
නිවෙසට පැමිණිය ද බිරිඳට බියෙන් නිවෙසේ දොර ළඟ වැටී කරණවෑමියා එළියේම නින්දට වැටිණි.
මැදියම් රැයේ කෙඳිරි ගාන හඬක් ඇසී නිවෙසේ දොර හැර බලද්දී වෙරි වී වැටී සිටින සැමියා දැකීමෙන් බිරිඳගේ ද යකා නැග්ගාය.
සැමියා ළඟ බිම තිබූ ආම්පන්න මල්ලෙන් කතුර අතට ගත් බිරිඳ, කරණවෑමි සැමියාගේ හිසෙහි කොටසක කොණ්ඩය කපා දමා අනිත් පැත්තේ කෙස්වලින් ඇදගෙන ගොස් නිවෙසට දමා දොර වසා දමා ඇත.
පසුදින දහවල් වී අවදි වූ කරණවෑමියා මුහුණ සෝදාගෙන අසල කඩය වෙත ගියේ කෑමට යමක් ගැනීම සඳහාය.
බිරිඳ රාත්‍රියේ තමාගේ කොණ්ඩය පැත්තක් කපා දමා ඇති බව කරණවෑමියා නොදැන සිටි අතර, කඩයට ගිය විට කඩයේ තරුණ මුදලාලි ‘‘සැලුන් අයියා අලුත් කට් එකක් ද ඔය’’ කියා අසා ඇත. වහා හිස අත ගා බලා කාරණය වටහා ගත් කරණවෑමියා ‘‘ආ.... ඔව්. මල්ලී මේක කොරෝනා කට් එක’’ කියා තම ජාමය බේරා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සැලුන් අයියාගෙන් කොරෝනා කට්එක