(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මෝටර් රියක ගැටී තුවාල වූ වල් ඌරකු කාකි ඇඳි පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව මරු දැකීමෙන් පසු ත්‍රීරෝද රියක පටවාගෙන ගිය පුවතක් වයඹ පළාතේ ගසක් හා ගැටයක් සහිත ගම්මානයකින් ඇඳිරි නීතිය මැද්දේ පසුගියදා වාර්තා විය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවැති රාත්‍රී කාලයකි. මහමග දෙසින් ශබ්දයක් ඇසුණු ගම්වැසියකු ඒ දෙස නෙත් යොමා බැලුවේ කුමක් සිදුවීද යන්නයි.
නවීන පන්නයේ මෝටර් රියක් වේගයෙන් ඉදිරියට ඇදී යන අයුරුත් තුවාල ලැබූ වල් ඌරකු පාර අයිනේ වැටී දඟලමින් සිටින අයුරුත් ගම්වැසියාට දක්නට ලැබිණි.
ජීවිතයත් මරණයත් අතර පොර බදන වල් ඌරාගේ පණ බේරිය හැකිදැයි බලන්න අසල්වැසියකු එද්දී තවත් මෝටර් රියක් වැටී සිටි වල් ඌරා අසල නවතනු දක්නට ලැබිණි.
පිත්තල බොත්තම් සහිල නිල ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන් කීප දෙනකු සමග සිවිල් ඇඳුමින් එක් අයකු ද ඒ අතර සිටින බව ඔහු දැක්කේය. වල් ඌරාට දිය බිඳක් ඉසින්නට යාමෙන් ඇඳිරි නීතිය කඩ කළැයි යන චෝදනාවට ලක්වීමට ඉඩ තිබූ නිසා ගම්වැසියා ඈතට වී බලා සිටියේ කුමක් සිදුවේද යන්නයි. වට පිට ඇවිද පොල්ලක් සොයා ගත් පිත්තල බොත්තම්කාරයකු වල් ඌරාට තඩිබාන බව ඔහු දුටුවේ ඒ අතරය.
පිරිසේ සිටි කෙනකු අසල්වැසියකුට කතා කර පොරවක් හෝ මෝල් ගහක් ඉල්ලනවාද ඔහුට ඇසුණි. ඊට ලැබුණු ප්‍රතිචාරය යහපත් නොවූයෙන් පිරිස ඔවුන් සොයාගත් මුගුරෙන් වල් ඌරා සදහටම නිහඬ කරන්නට සෑහෙන වෙලාවක් ගත්තේය.
අනතුරුව වල් ඌරා මෝටර් රියට නංවා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු ගෙන්වා ගත් ත්‍රිරෝද රියක පටවා ආපසු ගෙන ගියේ සිත් සේ බුදිනු පිණිස විය යුතුය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාරේ වැටුණ ඌරා ඇඳිරිය එක්කම කුස්සියට ගිහින්
jayantha Friday, 08 May 2020 03:55 AM
මොන විකාරයක්ද මේ ආණ්ඩුවේ සල්ලි එක එක විදිහට දෙනවා.. ෆොටෝ දාගන්නවා. එක්වර රජයේ සල්ලි ටික වෙන්කර ගත්තා නම් හරිනේ..!!!
ravi Tuesday, 12 May 2020 05:48 AM
වෙසක් කාලයේදී මේවගේ ලස්සන ජාතක කතාවල් අහන්න ලැබීම ලොකු වාසනාවක්. ඌරාට සහ ඔබ සියලු දෙනාටම පින් සිද්ධ වේවා !