වඩේ කද්දී දත ගලවගෙන කඩේට සත්තම දාන්න හදලා නිවෙසට අවශ්‍ය කළමනා ගෙන ඒම සඳහා නගරයට ගොස් එන විට දහවල් තේ පානය සඳහා අවශ්‍ය සුළු කෑමක් ගෙන එ්ම තරුණයාගේ සිරිතය. ඒ අනුව එදින අවශ්‍ය බඩු මුට්ටු ගෙන අවසානයේදී ආපනශාලාවකට ගොස් වඩේ ටිකක්ද අරගත්තේය. 11 June 2020
ගුටි කෙළගෙන රෝහලට ආ දෙදෙනා හෙදියන්ට බැණ යාළුවෙලා ගුටි කෙළියකින් පසු රෝහල්ගත වී ඇඳන් දෙකකට වී දෙදෙනාම එකට එක්ව තමන්ගේ සිරුරේ මකුණන් කන බව පවසා රෝහල් සේවකයන්ට බැණ වැදුණු රාජ්‍ය සේවක මිතුරන් දෙදනකු පිළිබඳ පුවතක් දඹුල්ල රෝහලෙන් වාර්තා විය. 10 June 2020
ශාන්තිකර්මයට ආ කතට ආලවට්ටම් පෑ ‘කපුවා’ කපෝති හැරගිය සැමියා ආපසු ගෙන්වා දීම සඳහා ශාන්තිකර්මයක් කර දීමට තම දේවාලයට ගෙන්වාගත් කාන්තාවකගෙන් හොඳ හැටි පහරකා දේවාලයේ තිබු වටිනා බඩු මුට්ටු මෙන්ම තම ජීවිකාවද අහිමිකරගත් කපු මහතකු පිළිබඳ පුවතකි. 09 June 2020
හැමෝටම විහිළුකරන ‘‘ගමේ ජෝකර්ට’’ පොලිසියෙන් ‘‘ජෝක් එකක්’’ ගමේ හැමෝටම කවටකම් කර පොලිසියටද විහිළු කරන්න ගිය ජෝකර්ට පොලිසියෙන් ජෝක් එකක් ලැබුණු සිද්ධියක් අසන්නට ලැබුණි. 06 June 2020
පන්දාහෙන් සූර්වී බිරිඳගෙන් ගැලවෙන්න ‘මාර සූත්තරයක්’ දාලා රජයෙන් ලබා දුන් රුපියල් 5000 සහන දීමනාව ලබාගෙන නගරයේ බාර් එකට ගිය පුද්ගලයකු මුහුණ දුන් අපූරු සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තාවේ. 06 June 2020
බිරිඳ සතුටු කරන්න සැමියා දුන් ස්මාර්ට් ෙෆා්නයෙන් පවුල කැඩිලා බිරිඳක් තුෂ්ණිම්භූත කිරීමටත් සතුටු කිරීමටත් තෑගි දුන් ජංගම ස්මාර්ට් දුරකතනයක් පවුල් ජීවිතයක් අවුල් කොට සැමියකු තුෂ්ණිම්භූත කළ සිදුවීමක් උඩදුම්බර පොලිස් වසමේ ගම්මානයකින් වාර්තාවේ. 06 June 2020
කොකිස් මල්ල ගාඩ් කළ ආරක්ෂකයාගේ ජොබ් එකට තට්ටු කොකිස් මල්ලකට අපූරු ආරක්ෂාවක් ලබාදුන් ආරක්ෂක නියාමකයකු පිළිබඳ පුවතක් ඉකුත්දා අම්පාර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයකින් වාර්තාවේ. 06 June 2020
පොලිසියට කොළේ වහන්න අක්කා මල්ලිට ‘සර්’ කියලා නිරෝධායන නීතිරීතිවලට පටහැනි අයුරින් රහසිගතව උපකාරක පන්තියක් පවත්වන බවට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලද තොරතුරක් මත කුලියාපිටිය හපුගම්මන ප්‍රදේශයේ නිවසකට ඉකුත් දිනෙක ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු කණ්ඩායමට දැකගත හැකිවූයේ අස්කර දමා තිබූ ඩෙස්පුටු කිහිපයකි. 06 June 2020
පුතා පරෙස්සමට හැංගූ බීර බෝතලේ වියපත් මවුපියන් බේතක් කියා බීලා ඇඳිරි නීතිය පවත්නා දිනවලදී භාවිතයට ගැනීම සඳහා කල්තබාම රැගෙනවිත් සිය නිවසේ ශීතකරණයේ ගබඩා කර තිබූ බීර බෝතල් දෙකක් එම නිවෙසේම වෙසෙන තම වයෝවෘද්ධ දෙමාපියන් විසින් අරිෂ්ඨ බෝතලයැයි සිතා දින කීපයක් තිස්සේ බෙදාහදාගෙන පානය කිරීමේ සිද්ධියක් වියලුව ප්‍රදේශයෙන් වාර්තා වේ. 05 June 2020
තප්පර 45 කට කලින් බෝතලේ හිස් කරන ඔට්ටුවෙන් එලෝ ගිහින් ඉක්මනින් අරක්කු බෝතලයක් බී වාර්තාවක් තැබීමට සූදානම් වූ තරුණයකුට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමේ පුවතක් ආරංචිවෙයි. 04 June 2020
කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරැසී දෙහි සොරකම් කරලා සෞඛ්‍ය විද්යනුකුල කොරෝනා ඇඳුම් කට්ටලයකින් සැරසී දෙහි සොරකමේ ගිය පුද්ගලයකු පිළිබඳ අපූරූ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක වූ ප්‍රධාන එළවළු වෙළෙඳ සැලකිනි. 03 June 2020
නෑනාට ජම්බු කවන්නගිහින් මඟුලත් කම්මුතු කරගෙන තම එකම නෑනණ්ඩියට ජම්බු කවන්නට ගොස් තීන්දු වූ මඟුලක් කම්මුතු කර ගත් මනමාලයකු පිළිබඳ පුවතකි. 02 June 2020
කොරෝනා යාළුවාගේ ඇමතුමෙන් බිරියත් අඤ්ඤකොරොස් වෙලා අගනුවර ප්‍රධාන පෙළේ වානිජ ආයතනයක විධායක මට්ටමේ නිලධාරියකු වූ ඔහු විවාහ වී සිටියේ මුහුණු පොත හරහා හඳුනාගත් ව්‍යාපාරිකයකුගේ දියණියකි. 01 June 2020
ආයතනයේ ප්‍රශ්න ‘සුටුස්’ ගා විසඳන්න කම්කරුවා ‘බොස්කම’ ඉල්ලයි පදමට වෙරි වූ කම්කරුවකු තමුන් සමග එකට මත්පැන් පානය කළ ආයතන ප්‍රධානියකුගෙන් ආයතනයේ ඇති ගැටලු විසඳීම සඳහා සතියක කාලයක් තමුන්ට පාලනය භාරදෙන ලෙස කළ ඉල්ලීමක් පිළිබඳ කථා පුවතකි. 30 May 2020
පරිස්සමට ආච්චි හංගාගත් මිනිබ්රිය ඈලියාවට ගිහින් කොල්ලෙකු සමඟ පැන යතැයි සැකයෙන් එකම ඇඳේ තුරුල්ලේ නිදි කරවාගෙන සිටි මිනිබිරිය මිත්තනිය ගොරදිදී නින්දට වැටුණු අවස්ථාවේදී තම පෙම්වතා සමඟ පැනගොස් ඇතැයි කියන සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 30 May 2020
අලුත් කොන්දොස්තර මුඛවාඩමට මුවාවූ බසයේ අයිතිකරුටත් ටිකට් කඩලා ප්‍රධාන නගර දෙකක් අතර ධාවනය වූ පෞද්ගලික බස්රථයකි. පෙරදිනවල එහි සේවය කළ කොන්දොස්තර හදිසි අසනීපයකට ලක්ව ඒ වෙනුවට තම හිතවත් තරුණයකු සේවය සඳහා එවූයේ රාජකාරී තොරතුරු කියාදී රියැදුරු ද දැනුම්වත් කරමිනි. 30 May 2020
නිදහස ලද සැණින් ‘ආතල්’ ගන්න ගිහින් අතේ ඇඟිලිත් නෑ මාස ගණනාවකට පසු ලද නිදහසෙන් ආතල් එකක් ගන්නට ගොස් අතේ ඇඟිලි කීපයක් අහිමි කරගෙන රෝහල් ඇඳක ප්‍රතිකාර ලබන්නට සිදු වූ පුද්ගලයකු පිළිබඳ කියැවෙන පුවතකි. 30 May 2020
තනිපංගලමේ ඉන්න ගැහැනිය ළඟට රිංගූ රාලහාමිට ‘හූ’සංග්‍රහයක් කොරෝනාව හේතුවෙන් ඇඳිරි නීතිය පවතින අවස්ථාවක පොලිස් නිලධාරියකු අවේලාවේ කාන්තාවක් පමණක් සිටින නිවසකට ගොඩවී එහි පැය තුනක පමණ කාලයක් ගතකර නිවසින් එළියට එනවිට අසල රැස්වී සිටි ප්‍රදේශවාසීන්ගේ හූ හඬ මැද්දේ ලැජ්ජාවට පත්වී තමා පදවාගෙන ආ යතුරුපැදිය තල්ලු කරගෙන පොලිස් ස්ථානය බලා ගිය පුවතක් කොළඹ නගරයේ එක්තරා පොලිස් බල ප්‍රදේශයකින් වාර්තා වේ. 30 May 2020
දොස්තර දුරකතනයේ එල්ලිලා ලෙඩාට වැරැදි බෙහෙතක් ලියලා කකුලේ සෑදි තිබූ තුවාලයට ප්‍රතිකාර ලබාගැනීමට සබරගමු පළාතේ රෝහලක බාහිර රෝගී අංශයට ගිය සිවුදරු මවකට වෛද්‍යවරයා සිය ජංගම දුරකතනයේ ඇමතුමකට පිළිතුරු දෙමින් වැරැදි ඖෂධයක් නියම කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. 29 May 2020
පොලිසියට අරක්කු ගඳ වසන් කරන්න මුඛවාඩමක් දාගෙන කොරෝනා උවදුර මැඬපැවැත්වීමේ සෞඛ්‍ය පියවරක් ලෙස මුඛ ආවරණ පැළඳීමට උපදෙස් දී ඇතත්, ඇතැමෙක් එම උපදෙස් ඒ හැටි ගණන් නොගිනිති. 28 May 2020
සමෘද්ධි ආධාර 5000 දෙන්න ගිය නියාමකට කත ගෙම්බර්දාලා සමෘද්ධිලාභීන් වෙනුවෙන් දෙන රුපියල් 5000 ක මුදල මාස දෙකකින් ලබා නොගත් නිවෙසකට එම මුදල් බාරදීම සඳහා ගිය සමෘද්ධි නිලධාරියකුට සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳව දකුණේ ලොකු දණ්ඩක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ. 27 May 2020
අසනීප බ්රිය දරුවන්ට බාරදී සැමියා අනියම් පෙමත් එක්ක ස්වයං නිරෝධායනයට ගිහින් අසනීපව සිටින බිරිඳ රැකබලා ගැනීමට පිටස්තර සිටින දරු දෙදෙනා නිවෙසට ගෙන්වා සැමියා අනියම් බිරිඳගේ නිවෙසට සිය කැමැත්තෙන්ම නිරෝධායනය වීමට ගිය පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. 26 May 2020
අනාගත මාමාට බෑනාගෙන් අපූරු පාඩමක් මාමණ්ඩියගෙන් සිය ප්‍රේම සම්බන්ධතාවට කැමැත්ත ලබාගැනීම සඳහා අපූරු උපක්‍රමයක් යෙදූ තරුණයකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය. 25 May 2020
මනාලියට 75යි මනාලයාට 52යි දත් හැලුනත් හම රැලි වැටුනත් ඇය තාම සුන්දරයි පෙම්වතියගේ වයස අවුරුදු 75 ක් පමණය. පෙම්වතාගේ වයස අවුරුදු 52ක් පමණ වේ. ඇගේ සැමියා මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ ඔහු හැර ගොසිනි. දෙදෙනාටම කලින් විවාහවල දරු මුනුබුරෝ වෙති. ඔවුහු වයස හතළිස් පනස් ගත කරමින් පසුවෙති. 75 හැවිරිදි පෙම්වතියගේ කතාව මෙසේය. 23 May 2020
සාධාරණය සොයා පොලිසි ගියාම පැමිණිල්ල විත්තිය වෙලා තමාට සිදුවූ මුදල් වංචාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ කාන්තාවක් පැමිණිලිකරු වෙනුවට විත්තිකාරිය වීමේ සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක වූ පොලිස් ස්ථානයකිනි. 23 May 2020
බූරුවා ගැසීමේ අවසන් ජවනිකාවෙන් ගමටම සහන මලු අයහපත් දෙයක් පිටුපස යහපත් දෙයක් පැමිණීම සිරිතකි. කොරෝනා පසුපසද යහපත් දේවල් රැසක් පැමිණියේය. යහපත් සෞඛ්‍ය පුරුදු ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය. එහෙත් මේ කතාව කොරෝනා නිසා සූදුවෙන් ඈත් වූ මිනිසකුගේ කතාවකි. 23 May 2020
ඉංගිරිසිය නොතේරී වැඩේ කොහුවෙලා බස් නැවතුම්පොළේ මගීන් පිරී සිටියේ බස්රථ ප්‍රමාදය නිසාය. මේ අතරේ අධික ලෙස බීමත් පුද්ගලයෙක් අමාරුවෙන් බස් නැවතුම්පොළට පිවිසුණේය. 23 May 2020
සුප් එක වැරදී වැසිකිළියේ නැවතිලා ඔහු හිරියාල ප්‍රදේශයේ උපන් අයෙකි. තම ශරීර සනීපය ගැන නිතරම සැලකිලිමත්ය. පෝෂ්‍යදායක කෑම බීම වර්ග ආහාරයට ගත් නිසා නිරෝගී අයෙකි. හදිසි වැඩකට නගරයට ගිය දිනෙක කුසගිනි දැනී ආපන ශාලාවකට ගොඩ වැදුණේය. 23 May 2020
පන්දාහේ සහනය අන්තිෙම් අසහනයක් කසිප්පු පෙරන්න ගිහින් රජයෙන් ලැබුණු සහනාධාර මුදලත් අහිමිකරගත් තිදෙනෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ එක්තරා ගම්මානයකින් අසන්නට ලැබුණි. 23 May 2020
එළවළු ඇට ගේන්න පොල් කටු හැන්දක් අරන් ගිහින් ඇඹිලිපිටිය පැත්තේ ගොවිමහතෙකි. මහ පරිමාණයෙන් හේන් වගාව කළ ඔහු එමගින්ම අතමිට සරු කරගත් අතර වී වගාව ද සරුවට කළේය. 22 May 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026