(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවර ප්‍රධාන පෙළේ වානිජ ආයතනයක විධායක මට්ටමේ නිලධාරියකු වූ ඔහු විවාහ වී සිටියේ මුහුණු පොත හරහා හඳුනාගත් ව්‍යාපාරිකයකුගේ දියණියකි.

පසුගියදා නිවෙසේ වූ දුරකතනයෙන් ඇමතුමක් ගෙන ඔහු කතා කළේ ඉතාලියේ සිටි ව්‍යාපාරික හිතවතකුටය. දීර්ඝ කතාබහක් වූ නිසා එය අසා සිටි බිරිඳ අවසානයේ විමසුවේ ඒ කවුරුන්ද යන්නය.
ඉතාලියේ මගේ යාළුවෙක්. එයාටත් කොරෝනා හැදිල කියල ආරංචියක් ආවා. කාරණේ ඇත්ත. දැන් නිරෝධායනය වෙලා සනීපලු. ඔහු කීවේ තරමක සතුටෙනි.
ඔහුගේ කතාබහ කට සහ දෙනෙත් මහත්සේ විවර කරගෙන අසා සිටි බිරිඳ හත් දෙයියනේ කියමින් වහා දිවගොස් නිවෙස තුළ වූ විෂබීජහරණ දියර බෝතලය ගෙනවිත් දුරකථනය මුළුමනින්ම පිරිසුදු කළේ ඔය වගේ මෝඩ වැඩ මීට පස්සෙ නං කරන්න එපා කියමින් සැමියාට දැඩි සේ අවවාද දෙන ගමන්ලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි වලට "මොලය" ගන්න බැරිවූ කෙනෙක්...
අනුවණ කාන්තාවක්... දුරකථනය පමණක් නොව සියල්ලම නිරෝධායනය කළ යුතුයි.
මුහුණු පොතෙන් හැඳින ගත්ත කෙනෙක් නිසා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ...