කසිප්පු හාමිනේගේ පරෙස්සම එළිවෙනකොට ඈලියාවට ගිහින් හොර සුරා අලෙවි කරන්නියක ළඟ ඇගේ පාරිභෝගිකයකු පරෙස්සමට තැබූ රුපියල් 40,000ක මුදලක් ඈලියාවට ගිය සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් දැන ගැනීමට ලැබිණි. 25 July 2020
ඡන්දෙට මනාප ගන්න ගමටම අල්ලපු ගෙදර රඹුටන් බෙදලා තම නිවසේ සාර්ථකව වැවී තිබූ රඹුටන් පලදාව නිවෙස් හිමියා විසින් කඩා ගමටම බෙදාදීමේ සිදුවීමක් මහනුවරට නුදුරු නාගරික ප්‍රදේශයකින් වාර්තා විය. 25 July 2020
පෙම්වතාට තෑගි කළ ‘දත් වහල්ල’ පෙම්වතිය පොළොවෙ ගහලා පාසල් වියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා තම පෙම්වතාගේ මුදලින් ඉගෙන ගෙන රජයේ රැකියාවක් ලැබුණු පසු තමාගේ පෙමට තිත තබා අලුත් පෙම්වතෙකු සොයා ගත් රජයේ සේවිකාවකට පැරැණි පෙම්වතා විසින් රැගෙන දුන් දත් ඉදිරියට ඒම සඳහා දමා තිබූ ප්ලේට් එක ගලවා පොළවේ ගැසූ සිද්ධියක් දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ස්ථානයකින් වාර්තා වේ. 25 July 2020
රුපියලේ පලහිලව්වෙන් ඉල ඇට කඩාගෙන රුපියලේ කාසියක් නිසා මිනීමරා ගැනීමට තැත්කිරීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ගම්මානයක සිට නගරයට දිවෙන මගම බසයකිනි. 25 July 2020
අමනාපය මකාගන්න දුන් තෑග්ගෙන් රස්සාවත් එපාවෙලා ආයතනයෙන් ඉවත්ව ගිය සේවකයකු යළි ආයතනයට පැමිණ අමනාපයෙන් පසුවන මිතුරෙකුට දුන් විශේෂ ත්‍යාගය හමුවේ අමනාප මිතුරා සේවක පිරිස් ඉදිරියේ ලැජ්ජාවට පත්වීමේ පුවතක් වැව් බැඳි පෙදෙසකින් වාර්තා වුණි. 25 July 2020
පුතාගේ රචනාවෙන් තාත්තා හොල්මන්වෙලා පුතු ලියා තිබූ වාක්‍ය රචනාවෙන් මවකගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳ ඉඟියක් ලැබුණු බව කියැවෙන රසවත් පුවතකි මේ. 24 July 2020
අනියම් පෙම් රස බලන්න ගිහින් වල් ඌරෙක් ගහලා බිරිය රාජකාරියට ඇරලවා අනියම් බිරිය බැලීමට ගොස් වල් ඌරකුගේ ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ගන්නට සිදුවූ නිලධාරියකු පිළිබදව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය රෝහලකින් වාර්තා වේ. 23 July 2020
වැව් මාළු ඔළුවක් පොලිසි ගිහින් වැව් මාළු ඔළුවකට පොලීසි ගිය කතාවක් මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ඉකුත් සති අන්තයේ සිදුවූ මේ සිද්ධිය වාර්තා වන අන්දමට මෙසේය. 22 July 2020
සුපිරි රියේ කුඩ්ඩන්ට විසිකළ කුඩු පැකැට්ටුව පොලිස් ලොක්කා අතට ගිහින් කුඩු ජාවාරම්කාරයන් දෙදෙනකු ගනුදෙනුකරුවන්ට ඇහිද ගැනීමට විසි කළ කුඩු පැකට් එක පොලිස් ලොක්කකු අතට පත්වීමේ සිද්ධියක් කුරුණෑගල නගරයෙන් ඇසේ. 21 July 2020
වී හොරා යතුරු තිබූ තැනම තබා ගිහින් ගෙහිමිකත සඟවා තිබූ යතුර රැගෙන නිවස තුළ ගොඩ ගසා තිබූ වී ගෝනි සොරාගෙන යතුර තිබූ තැනින්ම තබා පලාගිය වී සොරකු පිළිබඳ මාවතගම පොලිසිය පරීක්ෂණ පවත්වයි. 20 July 2020
ෆ්‍රී ෂූට් වරද්දාගෙන මනාලියගෙන් ගුටිකාලා මංගල උළෙලට පෙර දිනයක යුවළකගේ ඡායාරූප ගැනීමේ (ෆ්‍රී ෂූට්) යෙදී සිටි ජායාරූප ශිල්පීන් කණ්ඩායමක සාමාජිකයෙකු මනාලියගේ සැඟවුණු තැන් හොර රහසේ වීඩියෝ කරන්නට ගොස් මනාලියගේ ගුටි බැට ප්‍රහාරයකට ගොදුරුව පොලිස් කූඩුවේ ද ලැගීමට සිදුවූ පුවතක් සීදුවට නුදුරු පෙදෙසකින් පසුගියදා වාර්තා විය. 18 July 2020
දුව පෝරුවේ නගිද්දී මව හැඩවෙන්න ගිහින් තම දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් හැඩවැඩ වීම සඳහා රූපලාවණ්‍ය ආයතනයකට ගිය මවක එම කටයුතු නිමාවී උත්සවය තිබූ ස්ථානය වෙත පැමිණෙනවිට පෝරුවේ චාරිත්‍ර අවසන්ව තිබූ බව කියැවෙන පුවතක් බිංතැන්නේ නගරබද ප්‍රදේශයකින් වාර්තා විය. 17 July 2020
මර නින්දේදී හීනයකට බියවී කන්තෝරුව දෙවනත් කරලා රාජකාරි වේලාවේදී කාර්යාලීය මේසය මත මර නින්දේ පසුවූ ලිපිකාර මහත්මියක සිහිනයක් දැක බිය වී මුළු කාර්යාලයම දෙවනත් කරමින් කෑ ගැසූ බව කියවෙන පුවතක් වාර්තා වෙයි. 16 July 2020
සුවඳට වහ වැටුණු ගැටයාට තරුණියකගෙන් කුඩ පහරක් කඳුකර ප්‍රදේශයේ සිට මාතර බලා දිවෙන පෞද්ගලික බස් රථයකි. අතරමගදී බසයට නැග්ගේ යුරෝපීය ඇඳුමෙන් සැරැසුණු රූමත් ලලනාවන් දෙදෙනෙකි. ඔවුන් බසයට නැගීමත් සමගම මුළු බසයම සුවඳවත් වූයේ ඔවුන් ආලේප කර තිබූ සැර සුවඳ විලවුන් නිසාය. 15 July 2020
මුහුණු පොතේ ප්‍රේම මන්දිරය ගුටි ප්‍රහාරයකින් සුනු විසුනුවෙලා මුහුණු පොතෙන් හඳුනාගත් බව කියන තිස් හැවිරිදි පෙම්වතිය සොයා පැමිණි විසි හැවිරිදි තරුණයකුට එම කාන්තාවගේ සැමියාගේ පහර කෑමට ලක්ව පොලිස් කූඩුවේද ලගින්නට වීමේ සිද්ධියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 14 July 2020
පෙම් සිහිනය යළි දකින්න මිදුලේ නිදාගත් කතට සර්පයකු ගහලා සිහිනෙන් දුටු දහ අටේ පෙම්වතා යළි සිහිනෙන් පෙනෙන තුරු දින ගණනක් රාත්‍රියේ මිදුලේ නිදාගත් 68 වියැති කාන්තාවකට සර්පයකු දෂ්ට කිරීමේ අපූරු පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ. 13 July 2020
බසයේදී රූමතියක් බදාෙගන කොන්දොස්තර පරිප්පුවක් කයි දකුණු පළාතේ උපනගරයක සිට ප්‍රධාන රෝහලක් කරා ධාවනය වූ බස් රථයකි. රෝගීන් බැලීමට යන අය මෙන්ම රෝගවලට ප්‍රතිකාර ගැනීමට යන අය ද මෙහි වූ අතර දුරස්ථභාවය රැකිය යුතු නිසා එක් ආසනයක දෙකෙළවර වූයේ දෙදෙනකු පමණකි. 11 July 2020
බිරියගේ කරච්චලේට මැරෙන්න ගිය සැමියා කිතුල යට මර නින්දේ බිරිඳ සමග අමනාපව වස බොන බව පවසා නිවසින් පිටව ගිය පුද්ගලයකු පදම වැඩි වී කිතුලක් මුල හතරගාතෙන් වැටී සිටිය දී බිරිඳ හා දරුවන් විසින්ම ඔහු නිවසට රැගෙන ආ බව කියවෙන පුවතකි. 11 July 2020
උපන් ඇඳුමෙන් නාන්න ගිහින් කෙල්ලන්ගේ අත්අඩංගුවේ විනෝද චාරිකාවකට සහභාගි වී එක ඇඳුමකින් දිය නෑමට ගිය තරුණ පිරිසකට සිදු වූ අපූරු ඇබැද්දියකි. 11 July 2020
ජැංඩියට හැඳි කතගේ ඔළුවට රිළවා තොප්පියක් දාලා ජැංඩියට ඇඳගෙන මහ මගට පැමිණි කතකගේ ඇඟ මතට ඉදුණු වැළ ගෙඩියක් පතිතවීම නිසා ඇය අසරණතාවට පත්වීමේ පුවතක් කුරුණෑගල බඩගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ. 11 July 2020
මීටරය රකින්න ගිය කන්තෝරුවේ ‘පහේ කල්ලිය’ ඇබැද්දියක එක කෝප්පයෙන් තේ පානය කළ යහළුවන් කිහිප දෙනකු කොරෝනා වසංගතය කාලයේ එක් අයෙකුට එක කෝප්පය බැගින් ගෙනවිත් වෙන වෙනම තේ පානය කර එක් දුම්වැටිය පමණක් යහළුවන් බෙදා ගනිමින් සියලු දෙනාම එකට පාවිච්චි කිරීමේ සිද්ධියක් රාජ්‍ය අංශයකින් වාර්තා වේ. 11 July 2020
පියුංගේ හරකා ලොක්කාට දෙවියෙක් දුෂ්කර ප්‍රදේශ කීපයක සේවය කළ ඔහු විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. එකම දුව සේවය කළේ අගනුවර රාජ්‍ය ආයතනයකය. වියපත් මව්පියන්ට උවටැන් කිරීමට අවශ්‍ය හෙයින් ගමට මාරුවක් ගැනීමට වසර ගණනාවක් කටයුතු කළත් සාර්ථක නොවූයෙන් ඇය පියාට කීවේ තම ආයතනයේ ලොක්කාට කියා තම මාරුව ලබාදෙන ලෙසය. 11 July 2020
අම්මා අරාබියෙන් ගෙනා ක්‍රීම් ගෑ දූලාට තරු පෙනිලා කොරෝනා උවදුර හේතුවෙන් හදිසියේම රට රැකියාවට සමුදී පැමිණෙද්ත්දී ගෙන ආ චර්මා ලේප ආලේප කළ ඇයගේ දියණියන් තිදෙනකුට එම ආලේපනය විස වී රෝහල් ගත වීමට සිදුවීමේ පුවතකි. සිද්ධිය මෙසේය. 10 July 2020
ලේලියගෙන් පළිගන්න නැන්දම්මා 13 දුවට මගුල් ජෝඩු කරලා ලේලියගෙන් පළිගැනීම සදහා දහතුන් හැවිරිදි මිනිබිරියට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාමට අනුබල දුන් මිත්තණිය සියල්ල හෙළිවූ පසු කරකියාගත හැකි දෙයක් නැතිව ඉන්නට සිදුවූ පුවතක් කඩවත ප්‍රදේශයෙන් වාර්තාවේ. 09 July 2020
අලුත් මනාලයා හදාදුන් රන් බඩුත් රැෙගන මනාලිය පරණ සැමියාත් සමග ගිහින් අලුතින් විවාහ වූ 59 වියැති කාර්යාල සහායකයාගේ අතගත් 21 හැවිරිදි තරුණ බිරිඳ, සැමියා ලවා සියලු රන් ආභරණ සාදවාගෙන, නිවසින් පැන යාමේ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා විය. 08 July 2020
යාළුවාට උදව් නොකළාට මළපැන විෂබීජ නාශක කුටිය ගලවාගෙන යන්න හදලා තමන්ගේ හිතවතකුට උදව්වක් නොකළැයි කෝපයට පත් ව්‍යාපාරිකයකු ඔහු රාජ්‍ය ආයතනයකට පරිත්‍යාග කර තිබූ විෂබීජ නාශක කුටීයක් ගලවාගෙන යාමට උත්සාහ කිරීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ නගරයකින් වාර්තා විය. 07 July 2020
අනියම් බිරියගේ දිෂ්ටිය එළවන්න යද්දී බිරියට යකා නැගලා අනියම් තරුණ බිරියකට වැළඳුණු අමනුෂ්‍ය දෝෂය ඉවත් කරන තැනකට ගිය අනියම් සැමියාගේ සැබෑ බිරිය හා දරුවන් කඩා පැනීම නිසා ශාන්තිකර්මය අතරමග නැවතී එය යකුන් නැටූ පිටියක් බවට පත්වීමේ පුවතක් ඇතුගල්පුර අවට ගම්මානයකින් අසන්නට ලැබිණි. 06 July 2020
මඤ්ඤොක්කා හොරකම බෑනාටම කැරකිලා එය ග්‍රාමීය ප්රදේශයකි. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් මැදිවියේ වූවකු තරමක විශාල මඤ්ඤොක්කා වගාවක් කළේ මේ දිනවල ඉන් ලබන ආදායම සරු නිසාය. 04 July 2020
මුඛ ආවරණ ගැන අහන්න ගිහින් මුදලාලිට මල පැනලා වෙළෙඳසලකින් බඩුගැනීමට ගිය ගලේවෙල ප්‍රදේශයේ පාරිභෝගිකයකුට එම වෙළෙඳ සළේ ප්‍රදර්ශනය කර තිබූ දැන්වීමක් පිළිබඳ විමසීමකදී වෙළෙඳසල් හිමියා පවසා ඇත්තේ ලබාගත් බඩු තබා මුදල් ආපසු රැගෙන යන ලෙසය. 03 July 2020
බිරියගේ හොර අල්ලන්න ගිහින් සැමියාෙපාලිස් කූඩුවෙත් ලගී බිරියගේ හොරවැඩ ඇල්ලීමට ගොස් පොලිස් කූඩුවේ ළගින්නට සිදුවූ සැමියෙකු පිළිබද ප්‍රවෘත්තියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 02 July 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026