IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


කසිප්පු හාමිනේගේ පරෙස්සම එළිවෙනකොට ඈලියාවට ගිහින්

(ගල්ගමුව නිහාල් ජයවීර)
​හොර සුරා අලෙවි කරන්නියක ළඟ ඇගේ පාරිභෝගිකයකු පරෙස්සමට තැබූ රුපියල් 40,000ක මුදලක් ඈලියාවට ගිය සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් දැන ගැනීමට ලැබිණි.


එදිනෙදා කුලී වැඩ කරමින් සිය අඹුදරුවන් පෝෂණය කරන මෙහි පැමිණිලිකරු ගම් ප්‍රදේශයේ කුලී වැඩ නොමැති කාලවල දුර බැහැර ප්‍රදේශවලට ගොස් ඒ කටයුතුවලට නිරත වෙයි. එලෙස පොලොන්නරුව ප්‍රදේශයට ගොස් කුලී වැඩවල නිරත වන අතරතුර කොරෝනා වසංගතය නිසා පොලිස් ඇඳිරි නීතිය හා අන්නර් පළාත් ගමනාගමනය තහනම් කිරීම නිසා කාලයකට ඔහු එහි හිරවිය.


ඇඳිරිය නිසා ගමනාගමන තහනම ඉවත් කිරීමත් සමග මාස එක හමාරකට පමණ පසු ගමට පැමිණීමට පරිසරය සැකසිණි. කිසියම් කටයුත්තකට පොලොන්නරුවට ගොස් ආපසු යමින් සිටි සිය ගම් ප්‍රදේශයේම ලොරි රථයක් හමුවීමෙන් ඔහු එහි නැගී පැමිණ තිබේ.
ගමට කිලෝමීටර් පහක් පමණ දුර තිබිය දී රියැදුරුට කාරණාව දන්වා අතරමග දී ඔහු ලොරි රථයෙන් බැස තිබේ. පමාවකින් ​තොරව ඔහු හොර සුරා අලෙවි කරන තැනැත්තියගේ නිවසට ගියේය. කසිප්පු බාගයක් මිලදී ගෙන එහි සිටම පානය කළේය. මාස දෙකකින් පමණ සුරාවේ රස විඳීමට නොහැකි වීමේ අහේනියෙන් පෙලීම නිසා තවත් කසිප්පු භාගයක් හේ මිලදී ගෙන එය ද හිස් කෙළේය.


මේ වන විට හොඳටම රෑ බෝවී තිබිණ. බමන ගතිය ද වැඩි විය. පා ගමනින් යාමට ද නොහැකිය. කුලී කොට උපයා ගත් රුපියල් 40,000ක මුදලක් ගමන් මල්ලේ වෙනමම තබා තිබෙයි. මේ කාරණා සියල්ල සිතට ගෙන ඔහු ඇගෙන් එළියේ අඟුපිලේ නිදා ගැනීමට අවසර ඉල්ලා ඇත. කොරෝනා නිසාත්, තමන් වැන්දඹුවක නිසාත් ඔහුගේ ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කොට ඇත.


රෑ බෝ වී ඇති නිසාත්, වාහන ගමනාගමනයක් නැති නිසාත්, වල් අලින් මාර්ගයේ සිටින නිසාත් තම නි​ෙවසට යාමට නොහැකි කරුණු කාරණා පහදා දී තමා සන්තකයේ තිබෙන රුපියල් 40,000 පරෙස්සමට තබා ගෙන අගුවේ නිදා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස ඔහු ඇවිටිලි කොට තිබේ. ගමන් මල්ලේ තිබූ මුදල ඇය අතට පත් කිරීමෙන් පසු ඔහුට නවාතැන් ගැනීමට ඇය ඉඩ හැර ඇත.


පසුදා උදයේ අවදි වූ ඔහු තවත් කසිප්පු බාගයක් මිලදී ගෙන පානය කොට පරෙස්සමට තැබීමට දුන් මුදල ඇගෙන් ඉල්ලා ඇත. ඇය රුපියල් 6000ක් ඔහුට දී තිබෙන අතර, මං රුපියල් 40,000ක් නේ දුන්නේ. මෙතැන තියෙන්නේ 6000යි නේ’’යි ඔහු ඇගෙන් විමසා ඇත. ‘‘නෑ..... නෑ.... මට දුන්නේ ඔච්චරයි’’ ඇය තරයේ ප්‍රකාශ කොට ඇත. කොතරම් විවාද කළත් ප්‍රයෝජනයක් නොවූයෙන් ඔහු රුපියල් 6000 රැගෙන නිවසට ගොස් තිබේ.
බිරිඳ අතට රුපියල් 6000 පත් කළ විට මෙපමණ කලක් වැඩ කරලා මේ මුදල ද හම්බ කළේයි, ඇය විමසූ විට ඉතිරි සල්ලි පස්සෙ දෙනවා කීවා යි කියා ඔහු බිරිඳගෙන් ගැලවී ඇත.


ඊට ටික දිනකට පසු ගමේ හොර සුරා තිප්පොළේ දී තමාට සිදුවූ ඇබැද්දිය ඔහු මිතුරන්ට පවසා තිබේ. මේ කතාව ගම පුරා පැතිරෙන්නට කොලු කුරුට්ටන් පවා ‘‘අයියේ සල්ලි තියෙනවා නම් අපට දෙන්න. පරිස්සම් කරලා දෙන්නම්’’ යි පවසන්නට පටන් ගෙන තිබේ. මේ කතාව ඔහුගේ බිරියට ද ආරංචි වී ගෙදර අඬදබර ද බෝ වන්නට විය.


අවසානයේ ඔහු ගල්ගමුව පොලිසියට මේ ගැන පැමිණිලි කොට තිබේ. පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වය ගෙන්වා එය විභාග කළත්, හොර සුරා අලෙවි කරන්නිය තමාට ඔහු රුපියල් 40,000ක් නුදුන් බවත්, දුන්නේ රුපියල් 6000ක් පමණක් බවත්, එය පරෙස්සම් කොට ආපසු දුන් බවත් පවසා තිබේ.


ගල්ගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් අජිත් මහතා (42369) මේ පැමිණිල්ල විභාග කොට තිබේ.

 



අදහස් (0)

කසිප්පු හාමිනේගේ පරෙස්සම එළිවෙනකොට ඈලියාවට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1845 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site