IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


යාළුවාට උදව් නොකළාට මළපැන විෂබීජ නාශක කුටිය ගලවාගෙන යන්න හදලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තමන්ගේ හිතවතකුට උදව්වක් නොකළැයි කෝපයට පත් ව්‍යාපාරිකයකු ඔහු රාජ්‍ය ආයතනයකට පරිත්‍යාග කර තිබූ විෂබීජ නාශක කුටීයක් ගලවාගෙන යාමට උත්සාහ කිරීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ නගරයකින් වාර්තා විය. 


කොරෝනා වසංගතයත් සමග මෙම ව්‍යාපාරිකයා විසබීජහරණ කුටි නිපදවීමේ යෙදී සිටි අයෙකි. රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක් වෙත ඔහු සිය නිෂ්පාදන ලබාදී ඇත. මේ අතර එක් රාජ්‍ය ආයතනයකට ඔහු කුටියක් පිරිනැමූයේ නොමිලේය. ආයතන ප්‍රධානියා ස්තූති පූර්වකව එය බාරගෙන පාවිච්චි කරනු ලැබූයේ ජනතාවගේ ආරක්ෂාව සලසමිනි. 


මාස දෙක තුනක් ගතවීය. පසුගිය දිනක ඉහත කී රාජ්‍ය ආයතනයෙන් පුද්ගලයකු කළ ඉල්ලීම නීතියට අනුව ඉටු කරන්නට බැරි තරම් බරපතළය. එහෙත් අදාළ පුද්ගලයා කෙසේ හෝ තම ඉල්ලීම ඉටුකර දෙන ලෙස බැගෑපත් වූයේය. එහෙත් ඒ සඳහා කිසිදු ප්‍රතිපාදනයක් නැති බව වගකිවයුතු නිලධාරීන් මේ පුද්ගලයාට දැන්වූයේ වෙනත් කළ හැකි දෙයක් නැති නිසාය.


මේ ඉල්ලීම කළ පුද්ගලයා පෙර කී විෂබීජහරණ කුටි නිෂ්පාදකයාගේ ද හිතවතෙකි. ඔහුට මේ සිද්ධිය ආරංචි වූයේ මේ අතරය. ව්‍යාපාරිකයා ද රාජ්‍ය ආයතනයෙන් සිය මිතුරාට උදව් කරන ලෙස ඉල්ලා සිටියේය. අදාළ නිලධාරීන් ඔහුට ද මේ ඉල්ලීම තම ආයතනයට ඉටු කරන්නට හැකියාවක් නැති බවට කරුණු සහිතව පෙන්වා දුන්නත් ව්‍යාපාරිකයා ඒ බව පිළිගන්නට මැලි විය. 


“මම දුන්න විෂබීජහරණ කුටිය අරගෙන යනවා”යි ගෝරනාඩු දෙමින් සගයකුට එය ගලවන ලෙස ඔහු උපදෙස් දෙනු ලැබීය. නිලධාරීන් පැවසුවේ ආයතන ප්‍රධානියාට දන්වා එය රැගෙන යන ලෙසයි. එහෙත් කිසිසේත්ම ඔවුන් කරන ඉල්ලීම ඉටු කරන්නට හැකියාවක් නැති බව දන්වන්නට තරම් රාජ්‍ය නිලධාරීහු එඩිතර වූහ.


“මම උදේම එනවා”යි කියා ව්‍යාපාරිකයා පිටව ගියේය. කුටිය ගලවාගෙන යන්නට එන ව්‍යාපාරිකයාට ඒ සඳහා සහාය දෙන්නටත් මෙතෙක් එයින් ලබාගත් සේවය වෙනුවෙන් ස්තූතිය පළ කරන ලිපියක් ලබා දෙන්නටත් රාජ්‍ය ආයතනයේ නිලධාරීහු සැදී පැහැදී බලා සිටිති. 

 



අදහස් (0)

යාළුවාට උදව් නොකළාට මළපැන විෂබීජ නාශක කුටිය ගලවාගෙන යන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site