IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පෙම් සිහිනය යළි දකින්න මිදුලේ නිදාගත් කතට සර්පයකු ගහලා

(නිකවැරටිය ප්‍රියානි මංගලිකා )
සිහිනෙන් දුටු දහ අටේ පෙම්වතා යළි සිහිනෙන් පෙනෙන තුරු දින ගණනක් රාත්‍රියේ මිදුලේ නිදාගත් 68 වියැති කාන්තාවකට සර්පයකු දෂ්ට කිරීමේ අපූරු පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය


වසර ගණනක් විදේශගතව ගෘහසේවා රැකියාවේ යෙදී සිට පැමිණ සිටි මෙම කාන්තාව 68 වන වියේ පසුවූවාය. මෙම විවාහක කත නිතර තරුණියක ලෙස හැඩවෙමින්, හැසිරෙමින්, තරුණ පෙම්වතකු ගැනද සිහින මවමින් සිටියාය.


හැත්තෑ පස් වියැති සැමියා ගැන වැඩි සැලකිල්ලක් නොදැක් වූ මෙම කාන්තාව, නිතර තරුණයන් සමග කතාබස් කිරීමටත්, ඔවුන්ට සැලකීමටත් දැඩි උනන්දුවක් දැක්වූවාය.


මෙදින රාත්‍රියේ ගමේ කොල්ලන් සූර් වී වැව් පිටියේ ගී ගයන හඬ මෙම කාන්තාවට ඇසිණි. එයින්  මහත් උද්දාමයට පත් වූ  කාන්තාව පැදුරක් කොට්ටයක් ද රැගෙන ගොස් නිවසේ මිදුලට වී නිදා ගත්තේ  කොල්ලන්ගේ බජව්ව හොඳට ඇසෙන අයුරිනි. තරුණ කොල්ලන්ගේ ගී හඬවල් සමග අමන්දානන්දයට පත් වූ කත නින්දට වැටුණාය. ඇයට සුන්දර සිහින ද පෙනෙන්නට විය. වයස දහ අටක පමණ තරුණයකු පැමිණ ඇයට ආදරය බව ද විවාහ වීමට කැමැති බව ද සිහිනයෙන් කියා ඇත. උදෑසන අවදි වූ කත මේ ගැන අසල්වැසි කාන්තාවටත් තම සිහිනය ගැන පවසා මහත් සතුටින්, වෙනදාට වඩා මහත් උද්‍යයෝගයෙන් නිවසේ වැඩපලවල නිරත වී ඇත.


තමාට ආදරය පළ කරමින් විවාහ වීමට කැමති බව කියූ තරුණයා යළි සිහිනයෙන් දැක ගැනීමේ අටියෙන් මෙම කාන්තාව රාත්‍රියේ මිදුලට වී දින කීපයක්ම නිදාගත්තාය. සැමියාට කීවේ තමාට දාඩිය දමන නිසා එළියේ සිටින බවයි. ඇය මෙලෙස මිදුලේ නිදාගත්ත ද ඇයට පෙර සිහිනයේ තරුණයා සිහිනෙන් නොපෙනීම නිසා මහත් දුකටත්, කනස්සල්ලටත් පත්ව අසල්වැසි කාන්තාව සමග ද මේ බව කියා ඇත.


මෙදින ද ඇය මිදුලට වී අඳුරේම නිදාගත්තාය. ඒ අතර රාත්‍රියේ ගොදුරු සොයා ගිය විෂඝෝර සර්පයකු ඇයගේ කකුලට දෂ්ට කළේ ඇයද නොසිතූ අයුරිනි. ඇයගේ සැමියා වහා ක්‍රියාත්මක වී අසල්වැසියන්ද සමග එක්වී බිරිය රෝහල්ගත කිරීමට පියවර ගත්තේ ලු‍. දින කීපයක් රෝහල් ගත වී සිට සුවය ලබා කාන්තාව නිවසට පැමිණ ඇත. මෙම කාන්තාව යළි සිහින පෙම්වතා දකින්නට ගෙමිදුලේ නිදාගැනීම නොකළ අතර, අසල්වැසි කාන්තාව සමග වූ ආශ්‍රයද අත්හැර දැමුවා ලු‍.



අදහස් (3)

පෙම් සිහිනය යළි දකින්න මිදුලේ නිදාගත් කතට සර්පයකු ගහලා

Sarath Wednesday, 15 July 2020 06:23 AM

අනේ පව් ඔයා වගේ අයත් ඉන්නවා අප්පා.

:       1       12

Perera Thursday, 16 July 2020 12:45 AM

රටේ සිටින තවත් බුද්ධිමත් ඡන්ද දායක කාන්තාවක්...

:       1       0

tashi Friday, 17 July 2020 07:17 AM

මෙහෙමත් අය... නාකි විසේ තමයි..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site