(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අනියම් තරුණ බිරියකට වැළඳුණු අමනුෂ්‍ය දෝෂය ඉවත් කරන තැනකට ගිය අනියම් සැමියාගේ සැබෑ බිරිය හා දරුවන් කඩා පැනීම නිසා ශාන්තිකර්මය අතරමග නැවතී එය යකුන් නැටූ පිටියක් බවට පත්වීමේ පුවතක් ඇතුගල්පුර අවට ගම්මානයකින් අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය.
ඇය එක්දරු විවාහක තරුණ මවකි. ඇයගේ සැමියා ඇයගෙන් වෙන්ව ගොස් සිටී. මේ අතර විවාහක දෙදරු පියෙකු සමග ඇය අනියම් ඇසුරක් පවත්වා ගත්තාය. ඇය නිතර නිතර රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙන නිසා ඇය සුවපත් කරන්නට එම සැමියා දැඩි කැපකිරීමක් කර ඇත.
සුව නොවන තැන ඇය දේවාලයකට රැගෙන ගිය පසුව මියගිය ඥාතියකුගේ බැල්ම නිසා එම තත්ත්වය ඇති වෙන බවත්, එම අමනුෂ්‍ය දෝෂය ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් කට්ටඬියා පවසා තිබේ.
ඒ අනුව ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලන ගම්මානයක කට්ටඬියකු සොයා ඔවුන් එහි ගොස් ඇත.
අවශ්‍ය දෑ ද, ඇයද කැඳවාගෙන අවශ්‍ය තැනට යාමට නියමිත දිනයේ අනියම් සැමියා සියල්ල සූදානම් කළේය.
ඒ බව ඔහුගේ නීත්‍යානුකූල බිරියටද, එම දරුවන්ටද කල් වේලා ඇතිව දැන ගන්නට ලැබුණි. ඔවුහුද තවත් පිරිස් කැටුව එතැනට ගොස් ඒ අවට නිවසක රැඳී එහි සිදුවන සියල්ල දෙස බලා සිටියහ.
මැදියම් රැයේ ඇයට මියගිය ඥාතියා ආරූඪ කරවා ඇය අසිහියෙන් කෑ ගසනවාත් සමගම ඇය මෙල්ල කිරීමට කට්ටඬියාද දේව ආරූඪයෙන් කටයුතු කරන අතරවාරයේ නියම සැමියාගේ බිරිය හා සැඟවී සිටි පිරිස් එතැනට කඩා පැන සැමියාට දිගට හරහට පහර දෙන්නට වූහ.
එන පොට හොඳ නැති බව වටහා ගත් සැමියා වහා එතැනින් පැන දුවන අතරවාරයේ පැමිණි පිරිස් යහන් ගොටු, මල් පැළවල් කඩා සුණු විසුණු කර දමා ඉන් පලාගොස් තිබේ.
සිහියෙන් සිටි කතටත්, ආරූඪව සිටි කට්ටඬියාටත් ප්‍රකෘති සිහිය ලැබුණු නමුත්, අතරමග නැවතුණු ශාන්තිකර්මය නිසා ගතමනාව ගැනීමට නොහැකිව කට්ටඬියා ලතවෙන බවටත්, අනියම් කතගේ අමනුෂ්‍ය දෝෂයද ඉබේටම ඉවත්ව ගොස් සිද්ධිය එළිවීම නිසා ඇයද ලජ්ජාවෙන් පසුවන බවටත් ආරංචි වෙයි.
2025 ඔක්තෝබර් මස 08
1843
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1489
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනියම් බිරියගේ දිෂ්ටිය එළවන්න යද්දී බිරියට යකා නැගලා