IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


උපන් ඇඳුමෙන් නාන්න ගිහින් කෙල්ලන්ගේ අත්අඩංගුවේ

(වියලුව වාර්තාකරු)
විනෝද චාරිකාවකට සහභාගි වී එක ඇඳුමකින් දිය නෑමට ගිය තරුණ පිරිසකට සිදු වූ අපූරු ඇබැද්දියකි.


සිද්ධිය මෙසේය.


එය ප්‍රදේශයේ එක්තරා රාජ්‍ය ආයතනයකි. සති අන්තයේ ඔවුන් විනෝද චාරිකාවක් සූද‌ානම් කළේ ඒකාකාරී පීඩනයෙන් මිදෙන්නටය.
ඒ සඳහා අවශ්‍ය අඩුම කුඩුම ආදිය ද අඩුවක් නැතිව සම්පූර්ණ කෙරිණි.


ගමනාන්තය වූයේ ප්‍රදේශයට නුදුරින් පිහිටි ජලාශයකි.


උදෑසනින්ම එහි ගිය පිරිස හොඳ හැටියට සප්පායම් වන්නට පටන් ගත් අතර ඇතැමුන් එහි වූ තොටුපොළට බැස ජල ක්‍රීඩාවේ යෙදෙන්නට වූයේ කලකින් ලද නිදහසින් උපරිම ප්‍රයෝජනය ගන්නටය.


 දිය නෑමට අවශ්‍ය තරම් නාන ඇඳුම් ආදිය නොමැති වුව ද එය ගැටලුවක් කර නොගත් ඔවුන් තොටුපොළ තමන්ගේම කර ගනිමින් එහි එහා මෙහා පිහිනමින් අඩව් කස්තිරම් අල්ලන්නට පටන් ගත්තේ ඇඟේ නූල් පටක් පවා නොමැතිවය.


එසේ වුවද එය ගමේ පොදු නාන තොටුපළක් වූයෙන් සවස් වෙද්දී අසල්වැසි ගමේ කෙල්ලන් එකා දෙන්නා එහි පැමිණෙන්නට වූ අතර ඒ වන විටත් නිරුවතින් ජලයේ සිටි පිරිසට ගොඩ ඒමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්වන්නට වැඩි වේලාවක් ගත නොවීය.


දිය නෑමට පැමිණි කෙල්ලන්ට වසන් වී තව තවත් දියඹට ගිය ඔවුන් කරවටක් දියේ ගිලෙමින් සිය අනන්‍යතාව රැකගන්නට මහත් වෙහෙසක් දැරූ අතර අවසානයේ දී ඔවුන් රැගෙන ගිය එක සරමක හා තුවායක පිහිටෙන් එකිනෙකා මාරුවෙන් මාරුවට ගොඩ ඒම සඳහා පැය තුනකටත් වැඩි කාලයක් ගතකර තිබිණි.


සිද්ධිය කොතෙක් වසන් කරන්නට උත්සාහ කළ ද ඒ වන විටත් කාන්තාවන්ගේ සිනාවෙන්ම පිරිසගේ උප්පරවැට්ටිය ඔවුන්ට දැනී ඇති බව අවබෝධ කරගත් පිරිස හෙමින් සීරුවේ එතනින් මාරු වූයේ දිය නෑමේ යෝජනාව ගෙන ආ සිය සගයාට ද දෙස් දෙවොල් තබමිනි.

 



අදහස් (0)

උපන් ඇඳුමෙන් නාන්න ගිහින් කෙල්ලන්ගේ අත්අඩංගුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site