IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පෙම්වතාට තෑගි කළ ‘දත් වහල්ල’ පෙම්වතිය පොළොවෙ ගහලා

පාසල් වියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා තම පෙම්වතාගේ මුදලින් ඉගෙන ගෙන රජයේ රැකියාවක් ලැබුණු පසු තමාගේ පෙමට තිත තබා අලුත් පෙම්වතෙකු සොයා ගත් රජයේ සේවිකාවකට පැරැණි පෙම්වතා විසින් රැගෙන දුන් දත් ඉදිරියට ඒම සඳහා දමා තිබූ ප්ලේට් එක ගලවා පොළවේ ගැසූ සිද්ධියක් දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ස්ථානයකින් වාර්තා වේ.


මෙම රාජ්‍ය නිලධාරිනියට සාමාන්‍ය පෙළ විභාගයේ සිට සියලු විය හියදම් දරා ඇත්තේ පරණ පෙම්වතාය. මෙයට ප්‍රධාන හේතුව රාජ්‍ය නිලධාරිනියගේ පවුල ඉතා අඩු ආදායම්ලාභීන් වීමයි. ඇය පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාලයට ගොස් උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අවදියේදී ඇයගේ දත් ඉදිරියට නෙරාගෙන එන අයුරු දුටු පෙම්වතා ඇය අවලස්සන වේයැයි සිතා ඇය විශේෂඥ වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් දත් පෙන්වා එය ඉදිරියට ඒම වැළැක්වීමට අවශ්‍ය උපදෙස් ලබාගෙන ඇත.


වෛද්‍යවරයා පවසා ඇත්තේ මේ සඳහා තමන් ළඟ දත් ඉදිරියට ඒම වැළැක්වීම සඳහා ප්ලේට් වර්ග තිබෙන බවත් රුපියල් 20,000 සිට 60,000 දක්වා වන මිල ගණන්වලට ඒවා ලබාගත හැකි බවත් පෙන්වා ඇත. පරණ පෙම්වතාගේ ආදරේ වැඩිකමත් ඉදිරි අනාගතයේ තමන්ගේ සහකාරිය ලස්සනට තබා ගැනීමට සිහින මැවූ පෙම්වතා රුපියල් 50,000 ක් වටිනා ප්ලේට් එකක් දත්වලට දමා ඇත.


අනතුරුව ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කර රජයේ රැකියාවකට ගොස් ඇත. එහිදී අතර මගදී මුණගැසුණු තරුණයකු සමඟ පෙමින් බැඳී ඇත. අනාගතයේදී ඔහු විවාහ කර ගන්නා බවට පොරොන්දුවක්ද දී ඇත. මේ අයුරින් දින සති ගෙවී  යද්දී පැරැණි පෙම්වතාට තම ආදරවන්තිය වෙනත් තරුණයෙකු සමඟ පෙමින් වෙලී ඇති බව ආරංචි විය. 


කෝපයට පත් ඔහු ඇය මුණගැසීමට පැමිණ ඇත්තේ ඇය සේවය කරන කාර්යාලයේ සේවයට පැමිණි පිරිස සේවය අවසන් කර නිවෙස්වලට යන අවස්ථාවේදීය. තම පෙම්වතිය දුටු ඔහු එම අවස්ථාවේ සියල්ල ඉදිරියේ සියලු දේ පවසා කටේ දත් ඉදිරියට ඒම වැළැක්වීමට දමා තිබෙන ප්ලේට් එක තමා අරන් දුන් එකක් බව පිරිස ඉදිරියේ කෝපයෙන් පවසා තමුසෙට ජීවිතයේ කවදා හරි දෙයියෝ බලයි, මම යනවා කියා පරණ පෙම්වතා යන්නට ගියේය.
කෝපයට පත් ඇය කට ඇර දත් ප්ලේට් එක ගලවා පොළවේ ගසා ඇත්තේ තම යහළුවන්ද ඉන්නා බව අමතක කරමින්ය.

දේවහුව ප්‍රසාද් ජයකොඩි

 



අදහස් (2)

පෙම්වතාට තෑගි කළ ‘දත් වහල්ල’ පෙම්වතිය පොළොවෙ ගහලා

Pradeep Saturday, 25 July 2020 04:16 PM

මේ වගේ අවස්ථාවාදී ගැහැණියකගෙන් ගැලවීමට ලැබුණු එක ගැන අර තරුණයා සතුටු විය යුතුයි. ඇය වපුරාගත් බීජවල අස්වැන්න ඇය විසින් දවසක භුක්ති විඳිනු ඇත.

:       0       0

Pradeep Saturday, 25 July 2020 04:16 PM

මේ වගේ අවස්ථාවාදී ගැහැණියකගෙන් ගැලවීමට ලැබුණු එක ගැන අර තරුණයා සතුටු විය යුතුයි. ඇය වපුරාගත් බීජවල අස්වැන්න ඇය විසින් දවසක භුක්ති විඳිනු ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1845 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site