(මාවතගම කාන්චන මාලා බණ්ඩාර)
ගෙහිමිකත සඟවා තිබූ යතුර රැගෙන නිවස තුළ ගොඩ ගසා තිබූ වී ගෝනි සොරාගෙන යතුර තිබූ තැනින්ම තබා පලාගිය වී සොරකු පිළිබඳ මාවතගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගෙහිමි කාන්තාව මාවතගම පොලිසිය වෙත ඉකුත් 17 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය මෙසේය.
මාවතගම නගරාසන්න ගමෙක වෙසෙන ඇය දිනපතා පොල්ලෙලි වැඩ පොළකට ගියේ තම දිවි සරු කර ගැනීම සඳහාය. නිවසේ කිසිවකු නොසිටින බැවින් ඇය තම නිවසේ යතුර නිවස ඉදිරිපස මල්පෝච්චියේ සඟවා යාමට පුරුදු වී සිටියාය.
එදිනද සුපුරුදු ලෙස නිවෙස වසා යතුර සඟවා තබා යන්නට ගිය ඇය වැඩ ඇරී සවස් යාමයේ නිවසට පැමිණ රාත්‍රි ආහාර පිළියෙළ කිරීම සඳහා සහල් ගබඩා කර ඇති කාමරයට ඇතුළුවිය. එහිදී දක්නට ලැබුණේ වී ගෝනිවලින් හතරක් පහක් අතුරුදන්වී ඇති බවය.
ඒ බව මාවතගම පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
මාවතගම පොලිස් ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක නිමල්, උප පොලිස් පරීක්ෂක බුද්ධික බණ්ඩාර හා පොලිස් පරීක්ෂක කුමාරසිංහ යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වී හොරා යතුරු තිබූ තැනම තබා ගිහින්