IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


බිරියගේ කරච්චලේට මැරෙන්න ගිය සැමියා කිතුල යට මර නින්දේ

(වියලුව වාර්තාකරු)
බිරිඳ සමග අමනාපව වස බොන බව පවසා නිවසින් පිටව ගිය පුද්ගලයකු පදම වැඩි වී කිතුලක් මුල හතරගාතෙන් වැටී සිටිය දී බිරිඳ හා දරුවන් විසින්ම ඔහු නිවසට රැගෙන ආ බව කියවෙන පුවතකි.


සිද්ධිය මෙසේය.


ඔහු ගම්බද ප්‍රදේශයක කුලී වැඩ කරමින් ජීවත් වන්නෙකි. කුලී වැඩ කිරීමෙන් උපයාගන්නා මුදලින් වැඩි ප්‍රමාණයක් වැය කළේ මත්පැන්වලටය. ඒ නිසාම නිරන්තරයෙන් බිරිඳගේ රැවුම් ගෙරවුම්වලට ලක් වන්නට ඔහුට සිදුවිය.


 බිරිඳගේ රැවුම් ගෙරවුම් ඉවසාගත නොහැකි වූ හෙතෙම ජීවිතය පිළිබඳ තීරණයක් ගත්තේ ඒ පිළිබඳව බිරිඳට මෙන්ම දරුවන්ට ද පාඩමක් ඉගැන්වීමටය.


ඔහුගේ හැටි දන්නා බිරිඳ මෙන්ම දරුවන් ද එය ගණනකට නොගත්තේ එය ඔහුගේ තවත් උප්පරවැට්ටියක් යයි එකිනෙකාට පවසමිනි.


 ‘අද නම් මැරෙන එක මැරෙනවා.’ යැයි පවසමින් නිවසින් පිටව ගිය ඔහු පැය හත අටක් ගතවෙද්දීත් නිවසට නොපැමිණීම නිසා බිරිඳ මෙන්ම දරුවෝ ද කලබලයට පත්වූහ.


ඔහු යන එන තැන් ගැන දන්නා බිරිඳ සහ දරුවෝ ඔහු පිළිබඳ විපරම් කරමින් ඒ දෙසට දිව ගියේ මඟතොටේදී හමු වූ පිරිසගෙන් ද ඔහු ගැන විමසමිනි.


පදම ඉක්මවා කිතුල් රා පානය කළ ඔහු ගමේ කිතුලක් යට මර නින්දේ පසුවන බව බිරිඳට සහ දරුවන්ට දැනගන්නට ලැබුණේ අසල්වැසියකුගෙනි.


සතෙක් සර්පයෙක් දෂ්ට කරාවි යැයි සිතූ ඔවුන් ඔහු සොයා කිතුල අසලට යද්දී ඔහු ඒ වන විටත් මර නින්දේ පසුවනු දැකගන්නට ලැබිණි.


බිරිය, දරුවන් හා එක්ව ඔහු වත්තම් කරගෙන නිවසට රැගෙන ආවේ ඔහුට තව තවත් දෙස් දෙවොල් තබමිනි.

 



අදහස් (0)

බිරියගේ කරච්චලේට මැරෙන්න ගිය සැමියා කිතුල යට මර නින්දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site