දුවට කතා කරන්න ගිහින් කතක් කොරෝනා උපදෙස් දීලා: තාත්තා දුරකතනය පොළොවේ ගහලා
පිටස්තර ප්රදේශයක රැකියාවක් කරන සිය දියණියගේ සුවදුක් දැන ගැනීමට ඇගේ පියා අවස්ථා තුනකදීම ඇයට ඇමතුම් ගැනීමට උත්සහ කළද ඒ හැම අවස්ථාවකදීම වෙනත් කාන්තාවක කොරෝනා රෝගය ගැන විස්තර කිරීමට පටන්ගත් බැවින් ඔහු ප්රකෝපයට පත්ව ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී ජංගම දුරකතනය පොළොවේ ගැසූ සිද්ධියක් ගල්ගමුව ප්රදේශයේ ගමකින් දැනගැනීමට ලැබිණ.