(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
වැඩි වියදමකින් තොරව සිය නිවස පින්තාරු කිරීමට ගිය නිවැසියකුට ඔහුගේ ලෝබකම නිසා සිතුවාට වඩා වැඩි මුදලක් එයට දැරීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

නිවාස පින්තාරු කිරීමට ඉතා දක්ෂ පළපුරුදු බාස්කෙනෙකු ගමක සිටියේය. ඊට අල්ලපු ගමේ සිටි තරමක් ධනවත් එහෙත් ඉතාම ලෝබකමක් දක්වන නිවැසියකුට සිය නිවස පින්තාරු කර අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය විය.
ඔහු මෙම බාස් සොයාගෙන ගොස් වැඩේ කරන්න කතිකා කර ගත්තේය. ඒ අනුව බාස්ගෙන් අවශ්‍ය තීන්ත ඇතුළු උපකරණ ලැයිස්තුවක් ලබාගෙන ඒවාත් නිවසට ගෙනාවේය.
යොදාගත් දිනයේ බාස් නිවසට පැමිණ නිවස අලුත්වැඩියා කිරීමේ කටයුතු පටන් ගත්තේය. නිවැසියා ද ඒ වැඩ ගැන විමසිලිමත් වෙමින් ඒ අසලම ගැවසුනේය. නිවැසියාට මුදල් හදල් තිබුණ ද ඉතා ලෝබ අයෙකු බව බාස් උන්නැහේ දැන සිටියේය. ඒ නිසා නිවැසියා අසන ප්‍රශ්නවලට බාස් පිළිතුරු දුන්නේ ඒ බව සිතේ දරාගෙනය.
මේ නිසා තීන්ත කවලම් කිරීමට පෙර බාස් කළේ ගෙනා තිනර් බෝතල් දෙකක් නිවැසියාට හොරෙන් කඩා වෙන භාජනයකට දමා වසා තබා තිනර් බෝතල් දෙකට වතුර පුරවා ඒ අයුරින්ම වසා දැමීමය.
පසුව බාස් උන්නැහේ නිවෙස් හිමියා ඉදිරිපිටම තීන්ත සකස් කළේය. තීන්ත සකස් කිරීමේ දී බාස් තිනර් බෝතලය නිවැසියාට පෙනෙන්නට ගලවා ඒවා තීන්ත භාජනයට දමා කලවම් කළේය. ඉන්පසු බිත්තිවල ආලේප කළ අතර ඉන් ලස්සන පෙනුමක් ආවේය.
එදින සවස වැඩ අවසන්ව බාස් යන්නට සැරසෙද්දී නිවැසියා පැවසුවේ දින දෙක තුනකට අත්‍යවශ්‍ය ගමනක් යෑමට සිදුව ඇති බැවින් හෙට සිට පසුව දන්වනතුරු වැඩට නොපැමිණෙන ලෙසය.
ඒ නිසා පසුදා බාස් වැඩට ගියේ නැත. නිවැසියා සූදානම් වුණේ බාස් කළ විදියටම තීන්ත කළවම් කර බිත්තිවල ආලේප කිරීමටය.
තීන්ත ගෙන ඊට තිනර් දමා කළවම් කළේය. එහෙත් තීන්ත සියල්ලම එකට ගුලි ගැසුණා මිස දිය වුණේ නැත. ගෙනා තීන්ත ටින් දෙකක් මෙසේ වූ විට ඔහු බිරිඳට මේ බව පවසා සිටියේය.
නොදන්න මගුල් කරන්න ගිහින් සල්ලි නාස්ති කළා යැයි සැමියාට දොස් නැගූ බිරිඳ බාස් හමුවීමට ගොස් අනේ බාස් උන්නැහේ හෙටම ඇවිත් අර ඉතුරු ටිකත් තීන්ත ගාලා දෙන්නැයි’’ ඉල්ලා සිටියේය.
මොකද මහත්තයා වැඩේ අනාගත්ත ද මං ඕක දැනගෙන හිටිය හාමිනේ කියූ බාස් පසුව ගොස් ඉතිරි බිත්තිත් තීන්ත ආලේපකර දුන් අතර නිවැසියා ඒ අසලකටවත් ආවේ නැත.
2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ලෝබයා නොදන්න දේට ගිහින් වරිගෙ නහගෙන
sana Saturday, 17 October 2020 05:08 AM
තිනර් සුවඳින් අඳුනාගන්න පුළුවන්... අනික මේ තීන්ත බාස්කරලා තියෙන්නේ වංචාවක්... කරන්න තිබුණේ ඒ බාස්ට කවදාවත් ආයි වැඩ නොදෙන්න මුළු ගම පුරාමයි හාඩ්වෙයාර්වලයි ගිහින් කියන්න. තිනර් වෙන බෝතලේකට දාලා බාස් ගෙදර අරගෙන ගියා නම් මොකද කරන්නේ? අනෙක තමන්ගේ ගෙදර වැඩක් කරද්දි ඒක ළඟට වෙලා හොයා බලන එක ලෝබකමක් නොවේ...