(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
දුරකතනයෙන් සිය බිරියගේ හොර ඇල්ලීමට ගොස් ඇයගේ මිතුරන්ගෙන් ගුටි පූජාවක් ලැබුණු පුවතක් එක්තරා නගරයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඇය විවාහක කාන්තාවකි. ඇයට ලැබුණු නාඳුනන දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ ඇයට නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදෙමින් ඇයට හිරිහැර කරන්නට පටන්ගෙන තිබේ.
ඔහුට ඇය හමුවීමට අවශ්‍ය බවත් පැමිණිය හැකි දිනයක් දන්වන ලෙසත් ඔහු නිතර පවසා තිබේ. ඇය මේ බව සැමියාට කියන්නට නොගියේ ඔහු බොහෝ විට ඇය කෙරෙහි සැක උපදවා ගන්නා නිසාය. එහෙයින් සිය සැමියා නොහඳුනන ඇය දන්නා පාසල් මිතුරන් කිහිපදෙනකුගෙන් ඇය මේ සම්බන්ධයෙන් කුමන පිළියමක් ගත යුතු දැයි විමසා ඇත.
එවිට ඔවුන් ඇයට පවසා ඇත්තේ ඔහුට නගරයේ යම් ස්ථානයකට පැමිණෙන ලෙස දන්වන ලෙසත් ඔහු ඇඳන් එන ඇඳුම් පිළිබඳව ඔහුගෙන් අසා දැන ගන්නා ලෙසත්ය.
ඇය එලෙසම කටයුතු කර ඔහු පිළිබඳව විස්තරය මිතුරන්ට දන්වා ඇත. කෙසේ වෙතත් එදින බිරියගේ හොර ඇල්ලීම සඳහා එම ඇඳුම් ඇඳගෙන නියමිත ස්ථානයට පැමිණි සැමියාට ඇයගේ මිතුරන්ගෙන් ගුටි පූජාවක් ලැබී තිබේ. පසුව ඔහු රෝහල්ගත කර ඇති අතර ගුටි කා ඇත්තේ සිය සැමියා බව දැනගත් ඇය අන්දුන් කුන්දුන් වී ඇත. පසුව සිය මිතුරන්ට ද මේ බව ඇය දන්වා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ දුන් තොරතුරු අනුව අදාළ පුද්ගලයාටම පහරදුන් බවය.
අලුත් සිම්පතක් ගෙන කටහඬ වෙනස් කර බිරියගේ හොර ඇල්ලීමට ගොස් සිදු වූ අකරතැබ්බය හා ලජ්ජාවට වඩා ඔහුට සිය බිරියගේ මුහුණ බැලීමට හුඟ කලකට බැරි වුණාලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බිරියගේ හොර අල්ලන්න ගිය සැමියාට ගුටි පූජාවක්