IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ත්‍රිරෝදයේ වාරිකය ගෙවන්න අල්ලපු ගෙදර ගම්මිරිස් උස්සලා

(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
ත්‍රිරෝද රථයේ ණය වාරිකය ගෙවීම සඳහා මිතුරෙකුගෙන් ලබාගත් ණය මුදල පියවීමට තවත් මිතුරන් දෙදෙනකු හවුල්කර ගෙන අසල්වැසි නිවෙසක තිබූ රුපියල් 30,000 ක් වටිනා ගම්මිරිස් තොගයක් සොරකම් කළ සිද්ධියක් අලවතුගොඩ විලානගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය.


නිවෙසක් තුළ තිබූ වියළි ගම්මිරිස් කිලෝ 60 ක පමණ ප්‍රමාණයක් මෙම පිරිස විසින් ත්‍රිරෝද රථයකින් සොරකම් කර ගෙන ගොස් අකුරණ ප්‍රදේශයේ වෙළෙඳසලකට රුපියල් 29,000 කට විකුණා තිබේ. එක් මිතුරකුගේ ත්‍රීරෝද රථයෙන් අදාළ නිවෙසේ කාන්තාව ගමන් කරන අවස්ථාවේ දී නිවෙසේ ඇති ගම්මිරිස් ගැන දැන ගැනීමෙන් පසුව මොහු සිය මිතුරන් දෙදෙනකුද හවුල් කර ගෙන මෙම සොරකම සිදුකරනු ලැබ ඇති අතර, එලෙස සොරකම් කරන ලද ගම්මිරිස් විකුණා ලබාගත් රුපියල් 20,000 ක මුදලක් එවෙලේම ත්‍රීරෝද රථයේ ණය වාරික ගෙවීම සඳහා මිතුරෙකුගෙන් ලබාත් රුපියල් 20,000 ක මුදල බැංකු ගිණුම් මගින් ලබා දී ඇති අතර ඉතිරි මුදලින් කොටසක් සොරකමට සම්බන්ධ වූ මිතුරන් වෙත ලබා දී තිබේ.



අදහස් (0)

ත්‍රිරෝදයේ වාරිකය ගෙවන්න අල්ලපු ගෙදර ගම්මිරිස් උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site