(අම්බලන්තොට විශේෂ - ඩී.ජී. ජයසුන්දර)
දකුණු පළාතේ එක්තරා ගමක නිවසකි. නිවසේ සිටින්නේ මවත් රූමත් තරුණ දියණියන් දෙදෙනාත් පමණි.

දිනක් මධ්‍යම රාත්‍රි මුළුතැන්ගේ දෙසින් ‘ටක් ටක්’ යනුවෙන් හඬක් ඇසී මව අවදිව දියණියන් දෙදෙනාට ඒ බව පැවැසුවාය.
අම්මේ බල්ලෝ මඩුවේ ළගින හඬ වෙන්නැති දියණියෝ පැවසූහ. අනතුරුව සියල්ලෝම නින්දට ගියහ.
පසුදා පහන් විය. උදෑසනම අවදිවූ මව මුළුතැන් ගෙයට යන විට දුටු දෙයින් විමතියට පත් වූයේ මුළුතැන්ගේ ඇති ජනේලයේ ගසා තිබූ ජනෙල් කූරක් (ලී) ගලවා බිම දමා තිබීම නිසාය.
‘හොරු ඇවිල්ලා’ ඇයට ඉබේටම කියවිණි. මව වහා ගොස් මේ බව දියණියන් දෙදෙනාට පැවැසුවාය.
‘හොරු මොනවද ගෙන ගොස් තිබෙන්නේ කියා බලන්න’ මව කීය.
මද වේලාවකට පසු ‘අම්මේ වටිනා කියන ඔක්කොම බඩු තියෙනවා. හැබැයි කුස්සියේ වැලේ තිබූ අපේ යට ඇඳුම් නම් ගෙනිහිල්ලා’ දියණියෝ දෙදෙනා පැවැසූහ.
‘හා! එහෙමද? ඒවට හිලව් වෙන්න ඇති හොරාගේ යට ඇඳුම ජනේලය ළඟ දාලා ගොස් තිබෙන්නේ’ යැයි මව කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොරුන්ටත් වඩා අසහනකාරයින්නේ ඉන්නේ...