(වලස්මුල්ල - තිලක් මනම්පේරි)
අවුරුදු අටක් වයසැති පුතුට උණ හා කැස්ස ඇති බැවින් තම පියාත් සමග තංගල්ල ප්‍රදේශයේ ආරෝග්‍යශාලාවක් වෙත ගොස් වෛද්‍ය නිලධාරියා දරුවාගේ තොරතුරු විමසද්දී පියාට සියල්ල අමතක වී පුතු දුන් පිළිතුරෙන් මුළු ආරෝග්‍යශාලාවේම සිටි අය පුදුමයට පත්වූ පුවතක් ඉකුත් දා තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධියට අනුව පවුලක වැඩිමහල් දරුවාට වයස අවුරුදු පහකි. ඔහුගේ නැගණියට වයස අවුරුදු එක හමාරකි. වැඩිමහල් පුතු දින කිහිපයක් තිස්සේ සෙම්ප්‍රතිශ්‍යාව හා උණ රෝගයෙන් රෝගාතුර විය. ඒ නිසා තම මව ඔහුට කසාය පැකැට් කිහිපයක් තම්බා දී ඇතත් රෝගී තත්ත්වය එන්න එන්නම නරක අතට පත්විය.
පියා පෞද්ගලික ආයතනයක සේවයට යන අතර ඔහු එනතුරු මව බලා සිටියේ ළඟම ඇති ඩිස්පැන්සරියකින් බෙහෙත් ගෙනෙන්නටය. ඒ අනුව වැඩ නිම වී ආ පියා තම පුතු සමඟ ළඟම ඇති ඩිස්පැන්සරියකට ගියේය.
වෛද්‍යවරයා දරුවාගේ නම, වයස හා පාසලේ ඉගෙනුම ලබන පන්තිය කුමක්දැයි විමසද්දී එකදු තොරතුරක්වත් පියාට කියාගත නොහැකි විය. ඒ සමගම වෛද්‍ය නිලධාරියා අසන ලද්දේ ‘පුතා මොනවා ද අද දහවල් ආහාරයට ගත්තේ’ කියාය. ඒ සමගම නිශ්ශබ්ද වූ පියා වේගයෙන් ආහාර වට්ටෝරුවක් කියන්නට විය.
ඒ සැනෙන් තම පුතු පියා දෙස හැරී “ඩොක්ටර්... තාත්තා කියන්නෙ බොරු. ඔය එකක්වත් නෙවෙයි මං කෑවෙ බතුයි පරිප්පුයි” යැයි කීවේ එහි සිටියවුන් මවිතයට පත් කරවමිනි.
එහිදී වෛද්‍යවරයා තමා ළඟ තිබූ චොකලට් එකක් දරුවා අතට දී බෙහෙත් දී කියා සිටියේ, “පුතා ඔයා හොඳට ඉගෙන ගන්න” කියාය.
2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුතා දොස්තරට දුන් පිළිතුරෙන් පියාත් අවට සිටි අයත් හොල්මන්