IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ශිෂ්‍යත්වය ලියූ සිසුවාගෙන් නිවසේ සැමට දැන්වීමක්

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර) 
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සිසුවකු විභාගයට පෙනී සිටි නිවසට පැමිණි විගසම කොළයක ලියා නිවසේ ඉදිරිපස දොරේ ඇළ වූ අපුරු දැන්වීමක් පිළිබඳවූ පුවතකි. 


එය වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයකි. ඔහු පසුගිය ඉරිදා (11) පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි සිසුවෙකි. විභාගයට පිළිතුරු ලියා නිවසට පැමිණි සිටි පවුලේ සාමාජිකයින් මෙන්ම නිවසට පැමිණෙන හැමදෙනාම විභාගය ගැන විමසන බව දන්නා ඔහු එය විශාල කරදයක් වන නිසා විභාගයට පෙනී සිට නිවසට පැමිණි විගසම පාසල් නිල ඇඳුමවත් අයින් නොකර කොළයක් හා පෑනක්ගෙන දැන්වීමක් ලියා නිවසේ ඉදිරිපස දොරේ අලවන ලද අතර එහි සඳහන් වූයේ මෙසේයි. 


පවුලේ සාමාජිකයින් හා නිවසට පැමිණෙන ඥාතීන් හිතවතුන් වෙත මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සමීර පුතා කරන කාරුණික දැනුම් දීමයි. 


මම ශිෂ්‍යත්ව විභාගයට හොඳින් පිළිතුරු ලිව්වා. I පත්‍රයේ අමාරු ප්‍රශ්න 3 ක් තිබුණා. ඉංග්‍රීසි හා දෙමළ ප්‍රශ්නවලටත් නිවැරදි පිළිතුරු ලිව්වා. රචනාවට අදාළ වාක්‍ය තුනක් නිවැරදිව ලිව්වා. මට විභාගයෙන් හොඳ ලකුණක් ලැබේ කියා අපේක්ෂා කරනවා. ඒ නිසා විභාගය පිළිබඳව මගෙන් අහන්න එපා කියලා හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. ප්‍රතිඵල ආවාම හැමෝටම දන්වන්නම්. 
මෙයට සමීර පුතා. 



අදහස් (0)

ශිෂ්‍යත්වය ලියූ සිසුවාගෙන් නිවසේ සැමට දැන්වීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site