(තිහගොඩ උපසේන ලියනගම)
ජංගම දුරකතනයෙන් තම ආදරවන්තයා සමඟ දිගු ප්‍රේම සල්ලාපයක යෙදුණු දුවකට අම්මා විසින් ‘‘අඟුරු රොටියක්’’ කෑමට දීමේ සිදුවීමක් පසුගිය දා වාර්තා වූයේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙනි.

මේ දියණිය අගනුවර පෞද්ගලික ආයතනයක සේවයේ නිරත අතර ගමට ආවේ සති අන්තයේ හෝ පෝ දිනවලය.
ඇය එසේ ගෙදර පැමිණි දිනක මව උදෑසන ආහාරය සඳහා රොටි සකස් කර ලුණු මිරිසක් සමඟ රොටි හේනේ වැඩ කරන සැමියාට දීමට සැරසුනාය.
‘‘දුවේ මම තව රොටි ටිකක් හදල ඇති එකක් ළිපේ ඒක බලා ගනින් කියා දුව කැඳවා එම කාර්යය පැවරූ ඇය කඩිනමින් මේ ගමන ගියාය.
ආපසු එන විට දුව තම ආදරවන්තයා සමඟ දීර්ඝ දුරකතන සංවාදයක යෙදී සිටින බව ජනේලයෙන් දැක ඇය කුස්සිය පැත්තට ගියාය.
ඇයට දෙවියන් සිහිවිය. ලිපේ වූ තැටිය ගිනියම් වී තිබූ අතර රොටිය සම්පූර්ණයෙන්ම අඟුරු බවට පත්ව තිබිණ. කරුණු තේරුම් ගත් මව ලිප නිවා දමා අඟුරු රොටිය බෙලෙක් පිඟානකට දමා ගෙන දුව අසලට ගොස් ‘‘ඔය සල්ලාපයෙන් ටිකක් හලාගෙන මේකත් කාපන්’’ කීවේ දැඩි කෝපයෙන් ලු.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මල් කඩන්න’ ගිහින් අඟුරු රොටි කන්න වෙලා