(තලාතුඔය ටී.එච්. සරත්)
ඇය සුරූපිණියකි. මෑත කාලයේ නගරයෙන් ගමට සේන්දු වුවද නාගරික ගති සිරිත් අත් නොහළ තැනැත්තියකි. ගමන බිමන හා කතා බහ ද ඇඳුම් පැළඳුම් ද නාගරික පන්නයේ ම විය. නගරයේ රැකියාවක නියුතු ඇය ගමේ මංසන්ධියට පැමිණෙනුයේ රැකියාවට යාම සඳහා බස් රථයට ගොඩවීමටය. එහිදී ගමේ තරුණයන්ගේ අවධානය ද ඇය කෙරේ යොමු නොවනවා නොවේ. එනිසාම තරුණයන් අතර ඇය “තොල් රතු නෝනා” නමින් ප්‍රකටය.

ඉකුත් සෙනසුරාදා දිනයක ඇය ගමේ කඩමණ්ඩියට පැමිණියේ කලබල විලාශයක් පෙන්නුම් කරමිනි.
මුදලාලි බටර් බිස්කට් තියනව ද ඇය මුදලාලිගෙන් විමසීය. මොහොතක් නිහඬව කල්පනා කළ මුදලාලි “බටර් බිස්කට්” යයි නැවතත් විමසමින්, “නෝනා, ඒවා කොහේද මේ ගමේ කඩවල, ටවුමටම ගියොත් තමා ගන්න පුළුවන්” යැයි පැවසීය.
ඒ ආසන්නයේ වූ තවත් වෙළෙඳ සැළක් වෙත ගිය ඇය මුහුණ ඇඹුල් කරගෙන නැවත් පෙර කී කඩය වෙත එද්දී , නෝනා ත්‍රීවීල් එකකින් ටවුමට යන්න. එහෙන් තමා ගන්න පුළුවන් යයි පැවසීමත් සමග කඩමණ්ඩියේ තිබූ ත්‍රීවීල් රථයක් ඇය අසලම නැවැත්වීය.
තලාතුඔය ටවුමට යමු, ඇය රියැදුරුට කීවාය. ඒ යන අතරමග කිහිප ස්ථානයකදීම බටර් බිස්කට් තිබේදැයි විපරම් කර ඇති අතර ඇයට ලැබී ඇති පිළිතුර වූයේ “නැත” යන්නය. කිලෝමීටර පහක පමණ දුරක් ගෙවා නගරයට ගිය ඇය අවසානයේ බේකරියක් අසල නැවතී බටර් බිස්කට් සොයාගෙන තිබේ.
බේකරි හිමිකරු සිලි සිලි මල්ලක ඇයට උවමනා බටර් බිස්කට් පැකැට්ටුව දමා දී තිබේ. එය ද රැගෙන නැවත ගමේ කඩමණ්ඩියට පැමිණි ඇය ත්‍රීවිලරයෙන් බැස මුදල් ගෙවද්දී පෙර කී මුදලාලි ඇයගේ අතෙහි වූ විස්කෝතු පැකැට්ටුව දෙස බලා, “හත්තිලව්වයි නෝනා... හුළං විස්කෝතු කියලා කිව්වා නම් මම දෙනවා නේ.... මේ තියන්නේ බෝතල් පුරවලා” යනුවෙන් පවසමින් කඩය තුළ ඇති ලොකු වීදුරු බෝතලය පෙන්වා තිබේ.
එහෙත් ඒ වනවිට නෝනා රුපියල් පනහේ හුළං විස්කෝතු පැකැට්ටුව සඳහා රුපියල් තුන්සිය පනහක් වැයකර අවසන් ය.
රට පමණක් නොවෙයි. දැන් හුළං විස්කෝතුවෙත් නම වෙනස් වෙලා යි. මුදලාලි කඩමණ්ඩියට පැමිණෙන තැනැත්තන්ට නිතර පවසනු ඇසේ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තොල් රතු නෝනා බටර් බිස්කට් සොයා හතර අතේ දුවලා
Chitra Joseph Wednesday, 13 January 2021 08:50 PM
ගමේ කම, අපේ කම සහ අප අපටම නැතිව යන හැටි අපූරුවට මේ කතාව තුළින් පසක් කරයි.