IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බිරියගේ ප්‍රශ්නයෙන් සැමියාගේ සූර් හිඳිලා

(කැලණිය -ලාල් එස්. කුමාර)
මංගල උත්සවයට සහභාගිවූ අයකු වෙරිවීම හේතුවෙන් දෙදෙනකු විසින් ඔහු වත්තන් කරගෙන පැමිණෙන දුටු ඇය ඇසූ ප්‍රශ්නයෙන් ඔහුගේ වෙරි හිඳී, දිවගොස් ඊට නුදුරින් වූ තණකොළ පඳුරක් පහුරු ගාන්නට වූ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


ඔහු සිය බිරිය හා ඥාතීන්ද සමග නිවසක පැවැත්වූ දෙවැනි දින මංගල උත්සවයකට සහභාගි විය. ගමෙන් පිට ප්‍රදේශයක උත්සවය තිබූ බැවින් මෝටර් රථයකින් ගමන ගියේය. 


සාදය අතරතුර පිරිමි අය සඳහා මත්පැන් සංග්‍රහයක්ද පිටුපස කොටසේ පැවැත්විණි. 


මෙම පුද්ගලයාද මත්පැන්වලට ලොල් වූ අයකු බැවින් ඔහුද මත්පැන් පානය කරන ස්ථානයට ගියේය. ටික වෙලාවකින් ඔහුගේ බිරිය පැමිණ කතා කළත් ඔහු එය ගණනකට නොගෙන මත්පැන් පානය කළේය.


ටික වෙලාවකින් ඔහුගේ සීමාව ඉක්මවා ගියේය. ඔහු රාත්‍රී ආහාරයද නොගෙන තමා පැමිණි වාහනය වෙත ගමන් කළේය. ඔහුට ගමන් කළ නොහැකි තරමට වෙරිවී තිබුණි. ටික දුරක් ගිය ඔහු බිම දිගාවිය.


ටික වෙලාවක් යනවිට සාදය නිමාවිය. මංගල උත්සවයට පැමිණි අය නිවෙස් බලා පිටත්වූ නමුත් මෙම වාහනයේ පැමිණි අයට යෑමට නොහැකි වූයේ මෙම පුද්ගලයා නොමැතිවීම නිසයි. 


දෙදෙනකු විසින් වත්තන් කරගෙන එනු දුටු ඔහුගේ බිරිය සැමියාගේ කටේ වෙනසක් දැක ‘බොරු දත් කුට්ටම කෝ’ යැයි විමසුවාය.


ඔහුගේ වෙරි හිඳී ගියේය. හනික ආපසු හැරී තමා දිගා වූ ස්ථානය සොයා ගියේය. ඒ අසල තිබූ තණ පඳුරක් වෙත ගිය ඔහු කෝටුවකින් එය එහා මෙහා කළේය. ඒ සමඟම බොරු දත් කුට්ටම අතට ගත් ඔහු එය සාක්කුවේ දමා ගත්තේය.


නැවත වාහනයට පැමිණ වතුර බෝතලයක් ගෙන බොරු දත් කුට්ටම සෝදා නැවත එය කටේ දමා ගත්තේය. 

 



අදහස් (0)

බිරියගේ ප්‍රශ්නයෙන් සැමියාගේ සූර් හිඳිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site