IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දියණියගේ විභාගයට කට්ටඩියා මතුරද්දී භූතයා ගෙටම ඇවිදින්

(අම්බලන්තොට සනත් ගමගේ)
ගිරුවාපත්තුවේ වලවේ ගඟ සමීපයේ පිහිටි ගම්මානයකි. තරමක් රූමත් එකම දියණියක් සිටින නිවසකි. ඇයට පියා අහිමි වීම නිසා මව සමඟ නිවසේ කල් ගත කරන දියණිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. යන්ත්‍ර මන්ත්‍ර යාග හෝම ගැන දැඩි විශ්වාසයක් ඇති මෙම නිවැසියන් උසස් පෙළ ලියන තම දියණියට යම් භූත බලවේගයක් ඇති වී තිබෙන බවට සාත්තර අහන තැනකින් කී පසු තරුණ මවගේත්, දියණියගේත් නිතර කථා බහ වූයේ මෙවර උසස් පෙළ විභාගයට මෙම භූත බලවේගය යම් හරස් වීමක් සිදුවේ ද යන්නය.


තරුණ මවගේ මවුපියන් සමඟ සාකච්ඡා කර භූත බලවේගයට පිළියම් ලෙස යාග හෝමයක් පැවැත් වීමට දින නියම කරගත්තාය. එදින රාත්‍රී අවශ්‍ය සියල්ල කිරීමට කටයුතු කෙරිණි. කට්ටඩියා කල් වේලා ඇතිව නිවසට පැමිණ අවශ්‍ය කළමනා සකස් කර මන්ත්‍ර ජපකරමින් තටුව මතුරන්නට විය. ප්‍රදේශයම දුම්මල සුවඳින් පැතිරී ගොස් තිබිණි.


යතුරුපැදි කිහිපයක් නිවස ඉදිරිපිටින් එහාට මෙහාට යන්නට විය. නිසල ප්‍රදේශයක පිහිටි නිවස ඉදිරිපිටින් මෙසේ යතුරුපැදි කිහිපයක් යාම හේතුවෙන් නිවැසියෝ ද තරමක් කලබලයට පත් වූහ.


යකැදුරා එක දිගට මන්තර ජප කරමින් දියණියගේ භූත බලවේගය ඉවත් කිරීමට පිළියම් යොදමින් සිටියේය. ඉඳ හිට තරමක පොද වැස්සක් ද ප්‍රදේශයට පතිත විය. නිසල රාත්‍රියේ මාවවුලන් පියාපත් පට පට ගා ගසමින් නිවසේ ගස්වල එල්ලී සිටියහ. නිවැසියන් ද එළියට පහළියට එතරම් බහින්නේ නැතිව සිටියේ කට්ටඩියාගේ උපදෙස් මතය. දියණිය ද සාලයේ පුටුවක වාඩී වී සිටි අතර කුස්සිය පැත්තට තනියම යන විට මව කෑගහමින් කියා සිටියේ යන්න එපා ගෙට වෙලා හිටපන් කියාය. මවගේ අණසකට එක්වරක් කීකරු වූ දියණිය නැවත නිවස තුළම සිටියාය.


යළිත් නිවස ඉදිරිපිටින් යතුරුපැදි හඬ අවදිවන්නට විය. කවුද මේ මහ රාත්‍රියේ යන්නේ කියා නිවැසියෝ තරමක් විමසිලිමත් වූහ. කට්ටඩියා ගේ කනට මෙය ඇසුණු පසු ඔහු කියා ඇත්තේ කොල්ලේ කුරුට්ටෝ වෙන්න ඇති යන්නයි. කෙසේ හෝ රාත්‍රිය ගෙවි යමින් පැවැතිණි. 


අඟු‍රු දුම්මල බඳුනෙන් නිතර දුම් එළියට ගලා ගියේය. නිවැසියන් එළියට පහළියට බැස්සේ නැත. සාලයේ සිටි දියණිය සාලයෙන් එළියට පිටවනු කවුරුත් දැක නැත. දියණිය සාලයේ නැත. කට්ටඩියා භූත බලවේගයට මතුරමින් සිටී. 


එළියේ යමක් සිදු වෙමින් පවතින බව කිසිවෙක් දැන සිටියේ නැත. දියණිය සමඟ හාදකමක් දැක් වූ තරුණයෙක් නිවස සමීපයට පැමිණි පසු ජංගම දුරකථනයෙන් ලැබුණ සංඥාව අනුව දියණිය එළියට බැස තිබිණි. එළියෙන් ඇසුණු අඩි ශබ්දයට කට්ටඩියා කියා ඇත්තේ භුතයා ක්‍රමයෙන් ඈත් වන බවය. එහෙත් භූතයා නිවසටම පැමිණි බව දැන සිටියේ දියණිය පමණි. දෙදෙනාගේ කථා බහ අවසන් වීමෙන් පසු යතුරුපැදිය නාද වෙනවාත් සමඟම නිවැසියන් කලබලයෙන් එළියට පැමිණෙන විට දියණිය එක් වරම නිවස තුළට ගොඩවැදුනාය. සියල්ලන්ටම කරුණු වැටහිණි.

කේන්තියෙන් ඉහවහා ගිය තරුණ මව ‘‘කට්ටඩි මහත්තයෝ භූතයා ඇවිල්ල ගියා දැන් ඕක නතර කරන්න’’ යැයි උස් හඬින් කියා දියණිය සිටි කාමරයට ගියේ යක්ෂාරූඩයෙනි.



අදහස් (0)

දියණියගේ විභාගයට කට්ටඩියා මතුරද්දී භූතයා ගෙටම ඇවිදින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 220 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site