(සිටිනාමළුව - අනීශා මානගේ)
බත් මුලෙහි සුවඳ දැනුණ විට දරු කැක්කුම අමතක වූ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.

දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලකි. කුඩා දරුවා පෙර පාසල් වියෙහි පසුවෙයි. දරුවන්ගේ පියා ඔහු සේවය කරන කාර්යාලයට දිනපතා යාම හේතුවෙන් දරුවන් තිදෙනාට ආහාර පාන සපයා දීම ආදී දරුවන්ගේ සියලු වැඩ කටයුතු සිදුකරන්නේ ඔවුන්ගේ මවය.
කුඩා දරුවන් සිටින මේ නිවසේ අය සහ අසල්වැසි නිවෙසක සිටි අය කාලයක සිට දැඩි මිතුරුකමක් දැක්වූ නිසා විශේෂ අවස්ථාවල දී ආහාර පාන හුවමාරු කර ගැනීම සිරිතක් විය. ගැබිනි මවුවරුන්ට දානයක් දීමට අසල්වැසි නිවැසියන්ට සිත් පහළ විය. විශේෂ ආහාර පාන වර්ග පිළියෙළ කළ නිසා තම අසල්වැසි නිවසේ දරුවන් තිදෙනාට ද බත් මුලක් දීමට ඔවුහු තීරණය කළහ. එදින පාසල් පැවැත්වූ දිනයක් හේතුවෙන් වැඩිමහල් දරුවන් දෙදෙනා පාසලට ද කුඩා දරුවා පෙර පාසලට ද ගොස් තිබිණි.
දරුවන්ගේ මව දිනපතා පෙරපාසලට ගොස් කුඩා දරුවා රැගෙන එන අතර ඒ අතරමඟදී අසල්වැසි නිවසේ මිත්තණියගෙන් දරුවන් තිදෙනාට බත් මුලක් ලැබුණි.
බත් මුලත් අතැතිව නිවෙසට පැමිණි මවට එහි සුවඳ දරාගත නොහැකි විය. ඇයට සිතුනේම බත් මුලේ රස බැලීමටය. කුඩා දරුවා ද සමඟ ඇය එය රස විඳින්නට වූවාය. වැඩිමහල් දරුවන් දෙදෙනාට බත් ඉතුරු නොවීය. මේ හේතුවෙන් හනි හනිකට කඩයට දිවගොස් පාන් රාත්තලක් ගෙන ඒමට ඇයට සිදුවිය.
පාසල ඇරී පැමිණි දරුවන් දෙදෙනා මේ කිසිත් නොදැන එදා දහවලට පාන් අනුභව කළෝය.
පසුදින යළිත් පාසලට යන වැඩිමහල් දරුවන් දෙදෙනාට අසල්වැසි නිවසේ මිත්තණිය හමුවූ විට ඇය විමසුවේ “බත් මුල කෑව ද පුතේ කොහොමද රසට තිබුණාදැයි” යන්නයි. දරු දෙදෙනා උඩ බිම බැලූහ. සිදුවී ඇත්තේ කුමක්දැයි ඔවුන්ට තේරුමක් නොවීය. “ඊයේ අපි දවල්ට කෑවේ පාන් නේ ආච්චි අම්මේ” යැයි ඔවුහු කීහ.
සිදුව ඇත්තේ කුමක්දැයි මිත්තණියට තේරුම්ගත හැකි වුවත් ඇය මේ ගැන දරුවන්ගේ මවගෙන් අහන්නට නොගියාය. දරු තිදෙනාට දුන් බත් මුලෙහි සුවඳ නිසා ඇයට දරු කැක්කුම අමතක විය.
2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
මවට ලැබුණු බත්මුලේ සුවඳට දරු කැක්කුම මතක නැතිවෙලා