IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


විදුලි බිල් පතේ ‘බුරන බල්ලෙක්’

(හිඟු‍රාණ - නවරත්න සමරතුංග)
විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නකු විසින් ගෙහිමි පාරිභෝගිකයකුට නිකුත් කළ මනු සටහන් කිරීමේ ගිණුම් පත්‍රිකාවක ‘බුරන බල්ලෙක් ඉන්නවා’ යැයි සටහන් කරමින් අනුමාන සටහනක් යොදා ගිය සිද්ධියක් දමන කොට්ඨාසයේ නගරයකින් වාර්තා වේ. 


සිද්ධිය මෙසේය. 


විදුලි බිල්පතක් ගෙවීම සඳහා අදාළ පෞද්ගලික ආයතනයකට පැමිණි තරුණියක් අයකැමිවරියට මනු සටහන් කිරීමේ ගිණුම් පත්‍රිකාවක් සමග එහි සඳහන් මුදල ද භාර දුන්නාය. 


එහිදී ඇ තිවූ සංවාදය මෙ‍සේය.


“කවුද මේකේ බුරන බල්ලෙක් ඉන්නවා කියලා ලියලා තියෙන්නේ?” 


‘කවුද කියලා නම් දන්නේ නෑ. හැබැයි බල්ලෙක් නම් ඉන්නවා.’ 


“එහෙනම් ඌ බුරන්න ඇති. ගෙදර කවුරුවත් නැති වෙලාවේ බල්ලා කව්වා ගන්නේ නැතිව රීඩර් අනුමාන ගාණක් මේ බිලේ දාලා යන්න ඇති’ යැයි අයකැමිවරිය සඳහන් කළාය. 


“හැබෑ නේන්නම්. ඒත් ඉතින් අනුමාන ගාණ වුණත් ගෙවන්න එපැයි” යැයි බිල්පත ගෙනා තරුණිය කීවාය.

 



අදහස් (0)

විදුලි බිල් පතේ ‘බුරන බල්ලෙක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site