(සිටිනාමළුව - අනීශා මානගේ)
මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි විසි හැවිරිදි සිසුවියකට බස් රථයකදී තම රහසඟ පෙන්වූ බව කියන ධීවරයකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ලේ පදිංචි 38 හැවිරිදි අවිවාහකයකු බවද ඔහු ධීවරයකු ලෙස සේවය කරන අයකු බවද පොලිසිය කියයි.
මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින 20 හැවිරිදි මෙම සිසුවියට පෞද්ගලික බස් රථයක් තුළදී රහසඟ පෙන්වීමේ චෝදනාව මත සැකකරු ඉකුත් 10 වැනිදා තංගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බෙලිඅත්ත පොලිස් වසමේ පදිංචි තරුණිය මිතුරියකගේ නිවෙසට ගොස් යළි සිය නිවෙසට යාම සඳහා තංගල්ල බස් නැවතුම්පොළට පැමිණ පෞද්ගලික බස් රථයකට ගොඩ වී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී කිසිදු මඟියකු බස් රථය තුළ සිට නොමැති අතර තරුණිය සිය ජංගම දුරකතනය භාවිතා කරමින් සිටියදී පුද්ගලයකු පැමිණ ඇය අසල වාඩිවී තරුණියට ඔහුගේ රහසඟ පෙන්වා ඇති අතර තරුණිය මේ සම්බන්ධයෙන් ඇයගේ මවට දුරකතනයෙන් දැනුම් දී ඇත. මවගේ උපදෙස් පරිදි ඇය මේ පිළිබඳව බස් රථයේ කොන්දොස්තරවරයාට දැනුම් දී කොන්දොස්තරවරයා පොලිස් නිලධාරින් දැනුම්වත් කර තිබිණි.
සැකකරු බස් රථයෙන් බැස පලා යාමට උත්සාහ කර ඇති අතර පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
තංගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් මුදිත (60798), පොලිස් කොස්තාපල් කළුආරච්චි (68668) යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂක බන්දුල, කාන්තා පොලිස් සැරයන් කාන්ති (2190), කාන්තා කොස්තාපල් අනුත්තරා (10773) යන නිලධාරිහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උසස් පෙළ සිසුවියට අමුතු දෙයක් පෙන්වන්න හදලා
fairoos Tuesday, 13 October 2020 09:27 AM
මානසික රෝගීන්...