IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වීසිකළ සිගරට් කොටයෙන් කතගේ ළය මඬල ගිනිගෙන

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 
දෙමහල් වෙළඳ සංකීර්ණයේ උඩු මහලේ සිට නිකරුණේ ගත කළ අයෙකු පහළට විසිකළ දුම්වැටි කොටය පහත සිටි කාන්තාවකගේ හැට්ටය තුළට වැටී අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ. 


හේ එම වෙළඳ සංකීර්ණයේ පාලු කපන කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු නිතරම සිටින්නේ උඩ ය. කාගෙන් හෝ දුම්වැටියක් උරන්නට ඔහු පුරුදුව සිටියේ අද ඊයේක නොවේ. කාලයක් තිස්සේ සිටම ඔහු මේ ක්‍රියාවේ යෙදී සිටින්නේය. උරන දුම් වැටියේ කොටය උඩු මහලේ සිට ඔහු බිමට දමන්නේ කිසිදු වගවිභාගයකින් තොරව ය. 


එදාත් වෙළඳ සංකීර්ණයේ උඩු මහලේ සිටි ඔහු දුම්වැටියක් උරා එහි කොටය බිමට දැම්මේ පුරුද්දට මෙනි. ඒ සමගම “බුදු අම්මෝ පිච්චෙනවෝ” යි කාන්තාවක් සිය ළැම ප්‍රදේශය අල්ලාගෙන මර ළතෝනියක් දුන්නාය. ඇයගේ ළැම ප්‍රදේශයෙන් දුමක් ද නගිමින් තිබිණි. ඒ සමගම පහත මාලයේ වෙළඳාමේ සිටි අය වතුර ගසා ඇයගේ ළැම ප්‍රදේශයෙන් නැගි දුම නිවා දැමූහ.


සිය ළැම ප්‍රදේශයේ හදිසි ගින්නක් ඇති වූයේ කෙසේද යන්න ඇයට මෙන්ම එතනට රැස්වූ අයට මහත් ප්‍රහේළිකාවක් විය. ඒ නිසාම මේ කාන්තාව ජනශූන්‍ය ප්‍රදේශයකට ගොස් සිය හැට්ටය අස්සට අත දමා ගිනි ගත් දෙය සෙව්වාය. ඒ සමගම ඇයගේ අතට හසුවූයේ නිවී ගිය සිගරට් කොටයකි. 


සිදුවූ දේ තේරුම් ගොස් ඇය දුම්වැටි කොටස බිමට දැමූ කෙනා සෙව්වමුත් ඒ වනවිටත් ඔහු එම ස්ථානයෙන් පලා ගොස් හමාරය. 



අදහස් (0)

වීසිකළ සිගරට් කොටයෙන් කතගේ ළය මඬල ගිනිගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site