අක්කාගේ රුව මල්ලියා ගන්න ගිහින් වැඩේ වැරැදිලා අක්කා මුහුණ ලස්සන වෙන්නට කස්තුරි කහ නමැති බෙහෙතක් මුහුණේ ආලේප කරනවා බලා සිටි පුංචි මල්ලියා ද අක්කා නිවසේ නොසිටි වේලාවක අක්කාගේ බෙහෙත් බඳුන සොරාගෙන මුහුණේ ආලේප කිරීමේ පුවතක් බෝධිරාජ මාවත පැත්තෙන් අසන්නට ලැබේ. 29 August 2020
බඩු පරක්කුවෙන් වැඩේ අතටම ළිප මත තබා තිබූ කසිප්පු බැරලයක් ස්ප්‍රීත්තුව නගින තුරු පුල පුලා බලා සිටි ජාවාරම්කාරයන් තිදෙනකු බඩුත් සමග නීතියේ රැහැනට කොටුවූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 29 August 2020
සැමියාගේ යාළුවා බිරිඳගේ සාරිය උඩ හෝටලයක් දාලා මගුල් ගෙදරක යාමට ගෙනා සාරිය සැමියා සෝදන්නට ගොස් සිදු වූ අකරතැබ්බයක් නිසා බිරිඳට මංගල උත්සවයට සහභාගිවීමට නොහැකිවීමේ පුවතක් මහව නගරය අවටින් අසන්නට ලැබුණි. 29 August 2020
ඔට්ටුව පැරැදී තට්ටය ගාලා ඡන්ද ඔට්ටුවෙන් පැරදී හිස බූගාගත් පුද්ගලයකු සිය පවුලේ අය ඉදිරියේ අසරණවී සිටින බවක් සහ තමන් කරන රස්සාව අහිමි කර ගැනීමේ තත්ත්වයට වැටීමේ පුවතක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා විණි. 29 August 2020
මඟුලේ උණුසුම යන්න කලින් මනාලිය ගෙදර ගිහින් ජයට උත්සව සමරා කැඳවාගෙන ආ මනාලියක එහි උණුසුම මැකී යාමටත් මත්තෙන් මනාලයා ප්‍රතික්ෂේප කොට තම මව්පියන් වෙත යෑමේ පුවතක් වයඹ පුරවරයට අයත් රාජධානි සීමාවක පිහිටි පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි. 29 August 2020
සාක්කුවේ කෙස්ගුලිය පවුලක් අවුලුවයි බස්නාහිර පළාතේ කාර්යාලයක සේවය කරන එක් දරු පියෙකි. උදෑසන සේවාවට යාම සඳහා ඔහු නාන කාමරයේ සිටින විට චූන් පාන් පැමිණියෙන් බිරිඳ ඔහුගේ කලිසම් සාක්කුවට අත දැමුවේ පාන් ගෙඩියක් සඳහා මුදලක් ගැනීමටය. ඇයගේ අතට අසු වූයේ කඩදාසියක රෝල් කරන ලද හවරියක් වැනි කෙස් ගස් ගුලියකි. කලබලය නිසා එය එලෙසම තබා පොකට්ටුවෙන් මුදල් ගත් ඇය පාන් කාරයාට මුදල් දුන්නත් හවරිය ගැන සිතේ වූයේ සැකයකි. 28 August 2020
ප්ලාස්ටික් රොටිය මගුලක් කඩලා ප්ලාස්ටික් රොටියක් නිසා යෝජිත විවාහයක් කඩා කප්පල් වීමේ සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ මාතර දිස්ත්‍රික්කයේ ගම්බද ප්රදේශයකිනි. 27 August 2020
දකින දකින මල් කඩන ‘ප්‍රේම කුරුල්ලා’ට වැඩ වරදී තම හොර බිරියට හසුවනවාට බියෙන් ජංගම දුරකතනය වතුර වීදුරුවකට දමා ෆෝන් හදන මිතුරාට අපූරු ලියුමක් එවූ පුද්ගලයකු පිළිබඳව නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 26 August 2020
පැණි රහ බලන්න ගිහින් ‘නාගෙන’ දකුණු පළාතේ උප නගරයක අලුතෙන් විවෘත කෙරුණ එළවළු හා පලතුරු කඩයකි. 25 August 2020
වචනේ පැටලිලා අලි ජංජාලයක් වෙලා පොළොන්නරුව පැත්තේ කාර්යාලයක ලිපිකාර මහතකු පසුගියදා නගරයට ගිය ගමනකදී මහමග දිවුල් ගොඩක් තබාගෙන අලෙවි කරන වෙළෙන්දකුගෙන් ඉදුණු දිවුල් ගෙඩි පහක් මිලයට ගෙන ගෙදර ගියේ තමා මෙන්ම බිරිය ද දිවුල් කිරිවලට දැඩි කැමැත්තක් දැක්වූ හෙයිනි. 24 August 2020
කැප් තෝප්පියෙන් අත්තම්මාට ගැහැණු පිරිමි මාරුවෙලා අත්තමාගේ අනවශ්‍ය ඇඟිලි ගැසීමක් නිසා දැඩි කෝපයට පත් මිණිබිරියක පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දෙහිවල පැත්තේ නිවෙසකිනි. 22 August 2020
මාළු ලොරියේ ගෝරිය බේරන්න කතක් පිරිමි දෙන්නකුට කොසු පහරදීලා ජංගම මාළු වෙළෙඳාමේ නිරත ලොරියක රියැදුරා හා ගෝලයා එකිනෙකාට පහරදී ගනිද්දී මාළු මිලදී ගැනීමට ආ කාන්තාවක කොස්සකින් පහරදී දෙදෙනා දෙපැත්තට කළ පුවතක් මීරිගම ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. 21 August 2020
බස්පොළේ කත රත්රන් ගැටේකට අහුවෙලා ගෙල බැඳි රන් මාලයට පෙන්ඩණයක් ගෙන දෙන බව පවසා වයස අවුරුදු හැටක පමණ කාන්තාවක් තලාතුඔය නගරයට කැඳවාගෙනවිත් ඇයගේ රන් මාලය ද රැගෙන පලාගිය පුද්ගලයකු පිළිබඳව පුවතක් තලාතුඔය නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසලකින් වාර්තා වේ. 20 August 2020
අලුත් ගුරුවරියට විදුහල්පතිගෙන් සිංහල පාඩමක් කොරෝනා උවදුර නිසා පාසල් ප්‍රමාද වී පටන් ගත්තද අවශ්‍ය ගුරුවරුන්ගේ නොපැමිණීම නිසා සිංහල ඉගැන්වීමට ආදේශක ගුරුවරියක යොදවා ගැනීමෙන් වූ අපූරු සිදුවීමක් වාර්තා වූයේ උඩරට ප්‍රදේශයේ පාසලකිනි. 19 August 2020
කහ හොරා කකුලෙන් අහුවෙලා රට පුරා කහ හිඟයක් ඇතිවන බව මාස ගණනාවකට පෙර කොළඹ හිතවතකුගෙන් දැනගත් මේ ගොවි මහතා කහ පැළ තොගයක් තම හේන් යායේ වගා කළේ ඉදිරි ආර්ථික වාසිය ගැන සිතමිනි. 18 August 2020
පාන් ගෙඩියේ දතක් පෙන්වන්න ගිය ගැමියාට කොල්ලන්ගෙන් ‘හූ’ වරුසාවක් පාන් ගෙඩියක මිනිස් දතක් තිබූ බවට පැමිණිලි කිරීමට බේකරියට ගිය 73 හැවිරිදි ගැමියෙකුට එය තම කටේ දතක් බව අනාවරණය වීම නිසා ගමේ කොල්ලන්ගේ හූ හඬ මැද පෙරළා නිවස බලා යෑමට සිදුවූ සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා වේ. 17 August 2020
සැමියා නැන්දම්මාගේ ඇඳේ නිදිකරගන්නවාට බිරිඳ පොලීසි ගිහින් සිය සැමියාට ඔහුගේ මව දක්වන ඇදහිය නොහැකි ආදරය නිසා මඟුල අතහැර ගිය තරුණ බිරිඳක පිළිබඳව තොරතුරු ගල්ගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් දැනගැනීමට ලැබිණි. 15 August 2020
සැමියා එක්ක එකට ගිහින් විරුද්ධ පැත්තට ඡන්දය දුන් බිරිඳ මග දමා මාරුවෙලා ඡන්ද පොළට රැගෙන ගිය බිරිය විරුද්ධ පක්ෂයකට ඡන්දය දීම නිසා උරණ වූ සැමියා ඇය ඡන්ද පොළේ දමා පැන යාමේ පුවතක් ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට අයත් ජන්ද මධ්‍යස්ථානයකින් අසන්නට ලැබුණි. 15 August 2020
කැඩුණු කසාදෙ හයිකරගන්න ගිහින් කපුවාගේ ගැටේට අහුවෙලා තම තරුණ දියණියගේ කැඩී ගිය විවාහය යළි සවි කරගැනීම සඳහා වශී ගුරුකමක් කිරීමට මුහුණු පොතේ පෝස්ටුවකට අනුව දේවාලයක් සොයා ගිය මවකට සිදු වූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ. 15 August 2020
බිරිඳගේ හොරාකෑම සැමියාගේ අතේ මාට්ටු මේ ඇතුගල්පුරයේ ගමක සිදුවූවකි. කාර්යාලීය ලිපිකරුවකු වූ ඔහු වැඩට ගොස් නිවසට එන්නේ සවස් යාමයේය. බිරිඳ නිවස තුළ තනිවමය. ඇය තවත් තරුණයකු සමග ආලවන්තකම් ඇතිකරගන ඇති බව අසල්වැසි අය පැවසුවත් අනුන්ගේ කේලම් ඔහු පිළිගත්තේ නැත. නිතරම ඇය ටෙලිපෝනයේ එල්ලී සිටින නිසා නිතරම කතා කරන්නේ කා සමගදැයි අසන විට කියන්නේ ණයට මුදල් ඉල්ලා මාමා කරදර කරන බවය. 15 August 2020
දේව වරමෙන් ඡන්ද ගුණ්ඩුවක් තමාට මනාපයක් ලබා දෙන ලෙස සිය ඡන්ද දායකයන්ගෙන් පොරොන්දු ලබාගත් අපේක්ෂකයකු පිළිබඳව මෙවර මහ මැතිවරණයේ දී රටේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබිණි. මෙය ඡන්ද දායකයන් අතර කසු කුසුවක් ලෙස පැතිර ගියේලු. 15 August 2020
මංගල යෝජනාවේ රූමතිය මල් පැළයකුත් එක්ක මනාලයාගේ රියැදුරාට බහ දීලා කපු මහතෙකු ගෙන ආ මංගල යෝජනාවකට අනුව තමා බැලීමට පැමිණි ධනවත් ව්‍යාපාරික තරුණයකුට අකමැත්ත ප්‍රකාශ කරන ලද රූමත් තරුණියක් එම තරුණයා ඇගේ නිවසට පැමිණි වෑන් රථයේ රියැදුරු සමග පෙම් සබධතාවක් ගොඩනගා ටික දිනකින් ඔහුගේ සහකාරිය වූ බව කියැවෙන පුවතකි මේ. 14 August 2020
ඡන්ද ජයට ගුටි කෙළගත් තරුණයන්ට බල්ලන්ගෙන් යස පාඩමක් මැතිවරණ ජය උණුසුම මැද පරණ කෝන්තරයකට ගුටි ඇනගත් තරුණයින් දෙපිරිසකට බල්ලන් දෙදෙනකු පන්න පන්නා සපා කෑ පුවතක් කුරුණෑගල ගමකින් වාර්තාවේ. 13 August 2020
ඔට්ටුව පැරදිලා බිරියත් නැතිවෙලා ඡන්ද ඔට්ටුවක් පැරදීම නිසා නිවාස පරිශ්‍රයට ඇතුළුවීම තහනම් වූ ඡන්දදායකයකු පිළිබඳව අපූරු පුවතක් ඌව පළාතෙන් වාර්තා විය. 12 August 2020
සූදුපොළේ හොර අල්ලන්න යැවූ ඉත්තා රාලහාමිටත් කොකා පෙන්නලා සූදු පොළක් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට යැවූ උපාය දූතයකු ග්‍රාම සේවා නිලධාරිවරයාට ද කොකා පෙන්වා මාරුවී යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ කඳුකරය ආශ්රිත ප්රදේශයකිනි. 11 August 2020
මඟුල් ගෙදර ගිහින් තෑගි 2 ක්ම දීලා එකම උත්සව ශාලාවේ මංගල උත්සව දෙකක් පැවතීම හේතුවෙන් තමන්ට ආරාධනා කළ මංගල උත්සවයැයි සිතා වෙනත් මංගල උත්සවයකට ගොඩවැදී තමන් ගෙනා ත්‍යාගය නාඳුනන යුවළකට පිරිනමා සුභ පතා තමන්ට වැරදීමක් සිදුවූ බව තේරුම්ගත් පසු හීන් සීරුවේ මගහැර තවත් ත්‍යාගයක් සොයන්නට නගරයට ගිය පුවතක් කොරෝනා වසංගතය මැද්දේ මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තාවිය. 10 August 2020
පුරුදු ලකුණ දැක්කාම මුනුපුරාගේ පොරොන්දුව සීයාට අමතකවෙලා තම මුනුබුරා දිගින් දිගටම කරන ලද ඉල්ලීමට අනුව මෙවර මහ මැතිවරණයේදී ඔහු සහය දක්වන පක්ෂයට සිය ඡන්දය ලබාදෙන බවට පොරොන්දු වී සිට ඡන්දය පැවති දින එම පොරොන්දුව කඩකළ සීයාට මුනුබුරා හොඳ පාඩමක් ඉගැන්වූ පුවතකි මේ. 07 August 2020
ඡන්දපොළට යන්න වාහනයට නැග්ග මගියාගේ කට වැරදී මග හලා ගිහින් මනාපයක් ලබා ගැනීම සඳහා අතරමංව සිටි තැනැත්තකු ඡන්ද පොළට රැගෙන යන අතරතුරේදී ඔහු විරුද්ධ පාක්ෂිකයකු බව දැනගෙන හෙතෙම අතරමග දමා යාමේ පුවතක් ඇතුගල්පුරවරයෙන් වාර්තාවේ. 06 August 2020
නංගි ගේ වෙනස් කරලා: අයියා නන්නත්තාර වෙලා කලකට පසු නැගණියගේ ගෙදර ආ අවස්ථාවේ ඇගේ නිවෙස සොයා ගැනීමට නොහැකිව පැය තුන හතරක් තිස්සේ ඒ මේ අත ත්‍රිරෝද රිය පදවමින් නිවෙස සෙවූ අයියණ්ඩියක පිළිබඳව පසුගියදා වාර්තාවිය. 05 August 2020
යෙහෙළියගේ උපදෙස් පිළිපදින්න ගිහින් සැමියා කාමරෙන් ගිහින් නින්දෙන් ගොරෝනා සැමියාට කොරෝනාවෙන් විසඳුමක් ලබාදුන් බිරියක පිළිබඳ මේ අපූරු පුවත අසන්නට ලැබුණේ අගනුවර පැත්තේ රජයේ කාර්යාලයකිනි. 04 August 2020
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026