IMG-LOGO

නිරෝධායනය වූ පියාට පහරදෙන්න ගිය පුතා පඹගාලක පැටලිලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සේවා ස්ථානයේ ඇති වූ කොරෝනා බියත් සමඟ බිරියගේ හා පුතාගේ වෙනස්කම් හේතුවෙන් නැගණියගේ නිවෙසට වී නිරෝධායනය වෙමින් සිටියදී එහි පැමිණි පුතා පියාට පහරදී පලායාමේ සිද්ධියක් නිසා පුතාට ද නිරෝධායනයට ලක්වීමට සිදුවීමේ පුවතක් පසුගියදා (13) පල්ලේවල පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය. 


ඔහු විසුවේ වේයන්ගොඩට නුදුරු ගම්මානයකය. සේවය කළේ කඩවත ප්‍රදේශයේය. සේවා ආයතනයට කොරෝනා බිය ආවේය. කිහිපදෙනකු ආසාදිත බව ද හෙළිවිය. ඔහු ඉක්මනින් නිවෙසට ආයේ ආරක්‍ෂාව සලසා ගන්නටය. ඔහුගේ පැමිණීම බිරියට හා පුතුට රිස්සුවේ නැත. ඒ නිසා ඔහු තම නැගණියගේ නිවෙසට ගියේය. නැගණියගේ නිවෙසට වී දින කිහිපයක් නිදහසේ කල් ගතකරද්දී මේ බව සෞඛ්‍ය බලධාරීන්ට දැනගන්නට ලැබිණි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඔහුත් නැගණියත් නිරෝධායනයට ලක්කර පරීක්‍ෂණයකට සූදානම්ව සිටීමට උපදෙස් දුන්නේ අද රටේ ක්‍රියාත්මක වන නීතියේ අන්දමටය. 


මේ අතර නිරෝධායනයට ලක්කෙරුණු පියා හමුවට පුතා අවේය. බැණ වැදී පහර පිට පහර එල්ල කර පලා යද්දී අසල්වාසීන් එක්ව ඔහු අල්ලා ගත්තත් වත්මන් වාතාවරණය නිසා රඳවා තබා ගැනීම ගැටලුවක් වූයෙන් යන්නට හැරියේය. 


සිද්ධිය පිළිබඳව පල්ලේවල පොලිස් ස්ථානයට පැමිණිලි කෙරිණි. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ ආරම්භ කෙරුණි. 


නිරෝධායනයට ලක්වූ පියා සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තුරු පුතා හා මව ද ඔවුන්ගේ නිවෙසේ නිරෝධායනයට ලක්කිරීමට පියවර ගැනුණි. ඉදිරි පරීක්‍ෂණ අනුව අවශ්‍ය වුවහොත් පලා යමින් සිටි පුතා අල්ලා ගැනීමට උත්සාහ කළ පිරිස ද නිරෝධායනයට ලක්කිරීමට සිදුවිය හැකි නිසා ඔවුනට දැඩි ලෙස ආරක්‍ෂාකාරී අන්දමින් ගත කරන්නට උපදෙස් දී ඇතැයි ද මේ අතර දැන ගන්නට ලැබිණි. පසුව පුතා පියාට පහරදීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළේය.



අදහස් (0)

නිරෝධායනය වූ පියාට පහරදෙන්න ගිය පුතා පඹගාලක පැටලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 309 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site