(රාස්සගල සම්පත් ප්‍රියනන්දන)
පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරුවරයකු තමන් පැළඳ ආ මුඛ ආවරණය උපකාරක පංති කාමරයේ මේසය යට දමා පංතියට ආ සිසුවියගේ මුඛ ආවරණය දමාගෙන ආයතනයෙන් පිටව ගිය පුවතක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

එම සිද්ධිය මෙසේය.
මෙම ටියුෂන් ආයතනයේ දවසේ එකම වේලාවකට විවිධ ශ්‍රේණිවලට අයත් තවත් පංති කිහිපයක්ම පැවැත්වේ. එදා මෙම ටියුෂන් ගුරුවරයා පංතිය අවසන් කරන්න ආසන්න වනවිට මොර සූරන වැස්සක් කඩා හැළුණි. අදාළ කාලවෙලාව අවසන් වීම නිසා උපකාරක පංති ගුරුවරයා පංතිය අවසන් කර ආයතනයෙන් පිටතට විත් මෝටර් රථය ළඟට ගියේය.
ඒ ඔහුට වෙනත් ප්‍රදේශයක තවත් උපකාරක පංතියක් පැවැත්වීමට තිබෙන නිසාය.
හිටිහැටියේ වර්ෂාව ඇද හැළුණ නිසා එම පංතියේ දරුවන් කිහිප දෙනකුට වර්ෂාව නවතිනතුර විනාඩි දහයක් පහළොවක් ආයතනයේම රැඳී සිටීමට සිදුවිය. වර්ෂාව අවසන් වූ පසු එම දරු දැරියන්ද නිවෙස් බලා යාමට සැරසෙන අවස්ථාවේදී පංතියේ ඉදිරිපෙළේම වාඩිවී සිටි දැරියකගේ මුඛ ආවරණය නොමැති බව පැවසීම නිසා දැරියෝ එය සොයන්නට වූහ.
එවිට උපකාරක පංති ගුරුවරයාගේ මේසය යට මුඛ ආවරණයක් තිබී හමු වුවද එය තමන්ගේ නොවන බව දැරිය පැවැසුවාය. උදේ සිටම මුඛ ආවරණය පැළඳ සිටි අපහසුතාව නිසා පංතිය අවසන් වෙන්න ආසන්නව තිබියදී පැළඳ සිටි මුඛ ආවරණය මද වේලාවකට ගලවා තමන් සිටි ඉදිරිපෙළ මේසය මත තැබූ බවද ඇය කීවාය. එයට ගුරවරයාගේ මේසය වූයේ ඊට යාබදවය.
වෙනත් පංතියක් පැවත්වීම සඳහා ඉක්මනින් එම ස්ථානයෙන් පිටව ගිය උපකාරක පංති ගුරුවරයා කලබලයට උසස් පෙළ දැරියගේ මුඛ ආවරණය දමාගෙන ගොස් ඇති බව දැරියන්ට වැටහුණි. දැරියන් පංති පවත්වන ආයතනයෙන් පිටව යන අතරමගදී අසල ඇති වෙළඳසලකට ගොස් දැරියන් පස් දෙනෙකු එකතුවී රුපියල් දහය බැගින් එකතු කර රුපියල් පනහක් දී අලුත් මුඛ ආවරණයක් මිලදී ගත් බව දැන ගන්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තදියම්වූ ‘ටියුෂන් ගුරා’ සිසුවියගේ මුකවාඩම දාගෙන
මාතර සත්‍යපාල Sunday, 06 December 2020 03:48 PM
බොරැ කියන්න එපා හලෝ. ඕව නිකම් සිනහ උපදවන කථා විතරයි.