(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
තැනට සුදුසු නුවණ භාවිතා කළ වෙළඳ ව්‍යාපාරිකයාට සිය වෙළෙඳසලේ මුදල් ටිකත් ජීවිතයත් බේරා ගැනීමට හැකිවූ පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ.

සාර්ථකව පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයකි. මේ නිසා මුදල් ද එහි යහමින් ගැවසුණි. කොල්ලකරුවන්ටද එය රහසක් නොවීය.
නොබෝ දිනෙක මේ වෙළඳසලට යතුරු පැදියකින් පැමිණි නාඳුනන කොල්ලකරුවන් දෙදෙනකු ගිනිඅවි පෙන්වා වෙළෙඳසලේ හිමිකරුගෙන් මුදල් ඉල්ලූහ. මුදල් නොදුන්නොත් වෙළඳසල් හිමියා මරා දමන බවටද තර්ජනය කළහ.
තැනට සුදුසු නුවණ පහළ වූ වෙළෙඳසලේ හිමිකරු සිය ජීවිතයත් වෙළඳසලේ මුදලුත් බේරා ගැනීමට අපූරු උපායක් යොදා ගත්තේය.
මේ වනවිට ඔහු සිය වෙළඳසලේ රුපියල් ලක්ෂ ගණනක මුදල් ලාච්චුවෙන් ඉවත්කොට රහස් තැනක සඟවා තිබීම ඊට ලොකු පිටුවහලක් විය. කොල්ලකරුවන්ට වෙළඳසලේ ලාච්චුව හැර පෙන්වූ ඔහු මුදල් නොමැති බව කීවේය. වෙළඳසලේ තිබූ මුදල් බැංකුවේ තැන්පත් කළ බවද කීවේය.
ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් කෙසේ හෝ රුපියල් ලක්ෂ පහක් ඉල්ලා කොල්ලකරුවෝ ඔහුගේ හිසට ගිනිඅවිය කිට්ටු කරගන සිටියහ. තමා මර බියෙන් සිටින බව ඇඟවූ වෙළඳසල් හිමියා ‘අනේ මාව මරන්න එපා මට මෙහෙම උදව්වක් කරන්න පුලුවන්. මා ළඟ දැන් සල්ලි නෑ. ඒ වෙනුවට මම සල්ලි බැංකුවෙන් ගන්න චෙක් එකක් ලියලා දෙන්නම්’ යැයි ඔහු කීවේය. කොල්ලකරුවන් එයට කැමති වූයේ චෙක්පත ළඟම තියෙන බැංකුවෙන් මාරුකර ගත හැකි සිතූ නිසාවෙනි.
වෙළඳසල් හිමියා චෙක් පොත ගෙන අනේ ඔයාලා මාව මරන්නේ නැතිව බේරුවානේ. ඒ නිසා රුපියල් ලක්ෂ පහක් නෙවෙයි ලක්ෂ දහයක්ම දෙන්නම් කියා රුපියල් ලක්ෂ දහයකට චෙක් පතක් ලියා දුන්නේය.
ලක්ෂ දහයක චෙක්පත ගෙන කොල්ලකරුවෝ ගියහ. සිද්ධිය කනෙන් කොනෙන් ඇසූ අය වෙළඳසලට පැමිණියේ කොල්ලකරුවන් කොපමණ මුදලක් වෙළඳසලෙන් අරන් යන්න ඇත්දැයි සෙවීමටය.
කොල්ලකරුවන් මගෙන් රුපියල් ලක්ෂ පහක් ඉල්ලුවා. මගේ ජීවිතය බේරා ගන්න මම රුපියල් ලක්ෂ පහ වෙනුවට රුපියල් ලක්ෂ දහයක චෙක් පතක් ලියා දුන්නා. ඔවුන් ඒක අරන් ගියා යැයි මේ පිළිබඳව විමසූ අයට වෙළඳසල් හිමියා කීවේය. හැමෝගේම ඇස් උඩ ඉස්සුණි. අපරාදෙනේ රුපියල් ලක්ෂ දහයක් කියමින් ඔවුහු පසුතැවුණහ.
කිසිම ගාණක් නොගත් වෙළඳසල් හිමියා එහිදී පැවසුවේ කොහොමද අපරාධයක් වෙන්නේ මම රුපියල් ලක්ෂ දහයක චෙක්පතක් ලියා දුන්නේ සල්ලි නැති චෙක් පොතකින් කීවේ ඇඟට පතට නොදැනීය.
ස්ථානෝචිත ප්‍රඥාව නිසා තමන්ගේ ජීවිතයත් මුදලුත් බේරා ගැනීමට හැකිවිය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩේට හොරු පැන්නාම මුදලාලි චෙක් එකෙන් දිවි බේරාගෙන