IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වැඩ පෙන්වන්න ගිහින් සෞඛ්‍ය සේවකයා නාගෙන

(ගම්පොල සුරංග රාජනායක) 
කොරෝනා ආසාදිත තරුණයන් සමග සෙල්ෆි ගැසූ සෞඛ්‍ය අංශ සේවකයකුට දින 14 ක් නිරෝධායනය වීමට සිදු වීමේ පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකින් වාර්තා වෙයි. 


එම පළාත් ආයතනය පිහිටි නගරය වෙත පිටින් පැමිණි තිස් පස් දෙනකුගේ කණ්ඩායමක සිටි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම හත් දෙනා ප්‍රතිකාර සඳහා යවා අනෙකුත් පිරිස ස්ථාන දෙකක නිරෝධායනයට යොමු කර තිබේ. 


මෙහිදී තරුණයන් පිරිස එක් තැනකත් තරුණියන් පිරිස තවත් ස්ථානයකත් වෙනම නිරෝධායනය කිරිමට ද පියවර ගෙන තිබුණි. 
එම පළාත් පාලන ආයතනයේ සෞඛ්‍ය අංශ මගින් එම තරුණියන් සිටි ස්ථානයේ වටපිටාව සඳහා විෂබීජහරණ වැඩපිළිවෙළක් සකස් කර එය තම සේවකයන් දෙදෙනකුට බාර දී උපදෙස් ද ලබා දී ඇත. 


ගෝලයන් දෙදෙනා වැඩේ හොඳටම සිදු කර එය තම ප්‍රධානීන්ට පෙන්වීම සඳහා එක් අයකු තරුණියන් සිටි නිවසේ ඇතුළට ගොස් එහි සිටි තරුණියන් 13 දෙනා සමග සෙල්ෆි ඡායාරුපයද රැගෙන ඇත. නැවත තම සේවා ස්ථානය වෙත පැමිණ තමන් වැඩේ හොඳටම කළ බව පවසා එය තහවුරු කිරීම සඳහා ගත් සෙල්ෆි ඡායාරූපද පෙන්වා තිබේ. 


වැඩේ බරපතළ තම තේරුණු සෞඛ්‍ය ප්‍රධානීන් වහාම මෙම දෙදෙනා දින 14 ක නිරෝධායනයට ලක් කර තිබේ. 


ඔවුන් නිරෝධායනය වන අතරේ එම තරුණියන් සඳහා සිදු කර තිබු පී.සි.ආර්. පරික්ෂණ ප්‍රතිඵල මත තවත් තරුණියන් ආසාදනය වී ඇති බවද තහවුරු වී තිබේ.

 



අදහස් (0)

වැඩ පෙන්වන්න ගිහින් සෞඛ්‍ය සේවකයා නාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site