මිත්තනිය වියළි කරාබු නැටි විකුණාගත් රුපියල් 8 000 ක මුදල හැඹිලියේ දමා චීත්ත පොටේ ගැට ගසා ගෙන නිදා සිටියදී එය සොරාගෙන ගොස් තරුණ පිරිසක් සමග මත්පැන් පානය කළ මුණුබුරෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් ඉකුත් දා වාර්තා විය.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 82 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් සිටින්නීය. ඇගේ සැමියා මීට වසර 15 ට පමණ ඉහතදී මිය ගොසිනි. එකම පිරිමි දරුවා කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක් විවාහ කරගෙන දරුවන් සමග කුරුණෑගල නිවසේ පදිංචිව සිටියි.
සිය මව මහ ගෙදර නිවසේ තනිවම පදිංචිව සිටින බවත් ඇයට යම් අසනීප තත්ත්වයක්වත් මතු වුණහොත් උදව් පදව් කිරීමට කිසිවෙකුත් නොමැති නිසා 21 හැවිරිදි මුනුබුරා මීට මාස දහයකට පමණ ඉහතදී මහ ගෙදර නිවසේ පදිංචි කළේය. ඔහු රැකියාවක් කළේ නැත.
මෙම තරුණයා වැඩි කලක් යන්නට පෙර ගමේ මත් ලෝලින් කිහිප දෙනෙකු ඇසුරු කර මත්පැන් පානය කිරීමට ද පුරුදු වූයේය. ඇතැම් අවස්ථා වලදී මත්පැන් පානය කිරීමට මිත්තනියගේ මුදල් සොරාගෙන යන මෙම තරුණයා ගැන ඇය මුණුපුරාගේ පියාට ප්‍රකාශ කර තිබුණේ ද නැත.
මිත්තනිය තම කරාබු ගස් කිහිපයේ පළදාව ඉකුත් දින තම මුනුබුරා ලවා කඩවා ගත්තාය. කිලෝවකට රුපියල් 100 ගානේ මුණුපුරාට කල් තියා දුන්නේය.
වියළා ගත් කරාබු නැටි වලින් කොටසක් ඉකුත්දා පෙරවරුවේ මිත්තනිය ත්‍රිරෝද රථයකින් කෑගල්ල නගරයේ වෙළෙඳ සලකට රැගෙන ගොස් අලෙවි කළාය. එහිදී ඇය රුපියල් 12 000 ට ආසන්න මුදලක් ලබාගෙන රුපියල් 4 000 ට ආසන්න මුදලක් වැය කර නිවසට අවශ්‍ය එදිනෙදා කෑම බිම බඩු මුට්ටු ටිකක් ද රැගෙන ආවාය.
නිවසට පැමිණි මිත්තනිය අත ඉතිරි වු රුපියල් 8000 ක මුදල මුනුබුරා සොරාගෙන යතැයි ඇතිවු සැකය මත චීත්ත පොටේ ගැට ගසා ගෙන තේ කෝප්පයක් ද පානය කර මධ්‍යාහ්නයේ ඇදේ නින්දට වැටුණාය. මිත්තනිය කරාබු නැටි අලෙවි කළ බව දැන ගත් මුනුපුරා මිත්තනිය නින්දට වැටුණු අවස්ථාවේ දී මුදල් සෙව්වේය. අත් බෑගයේ මුදල් නොමැති බව දැන ගත් ඔහු නිදාගෙන සිටින මිත්තනියගේ චීත්තයේ පැත්තක යම් ගැටයක් ඇති බව පෙනුණි. හෙමින් චීත්තයේ ගැටය ලිහා එහි හැඹිලියේ තිබු රුපියල් 8000 ක මුදල ගෙන කඩදාසි කොළයක් නමා චීත්ත පොටේ ගැට ගසා තරුණයා නිවසින් එළියට පැන ගත්තේය.
මිත්තනිය පැය දෙක තුනකට ආසන්න කාලයක් නිදාගෙන සිට යළි අවදි වී රාත්‍රියට කෑම උයා පිහා ඇඟ පත සෝදා ගන්න ගිය අවස්ථාවේ දී චීත්ත පොටේ ගැටය විවෘත කළාය. ඇය හැඹිලියේ මුදල් වෙනුවට කඩදාසි කැබැල්ලක් හතරට පහට නවා ඇති අයුරු දුටුවාය. විමතියට පත් වු වයෝවෘද්ධ කාන්තාව මුණුපුරා රාත්‍රි මත්පැන් පානය කර පැමිණි අවස්ථාවේ දී චීත්ත පොටේ ගැට ගසා තිබු මුදල් පිළිබඳ විමසුවාය ,අනේ කිරි අම්මේ මම නම් ගත්තේ නෑ. මට බොරුවට නම් බනින්න එපා යැයි තරුණයා සිය මිත්තනියට ප්‍රකාශ කර ඇත්තේ වැනි වැනි බව ද වාර්තා වෙයි.
මෙම තරුණයා මිත්තනියගේ මුදල් සොරකම් කරගෙන ගොස් ගමේ තරුණයින් සිව් දෙනෙකු සමග මත්පැන් පාටියක් ප්‍රදේශයේ ගලක් මත දමා ඇති බව පසුව මිත්තනියට දැන ගන්නට ලැබුණි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1401
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආච්චි නිදාගත්තම මුණුබුරා හැඹිලියට විද ‘ආතල්’ අරන්