IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නැන්දම්මා කසායට ගෙනා වෙනිවැල්ගැට ලේලි ළිපට දාලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) 
දේශීය වෙදකමට මුල් තැන දෙන නැන්දම්මා කසායක් සැකසීම සඳහා පොළෙන් මිලදී ගෙනා වෙනිවැල් ගැට කැබලි දරට දැමූ ලේලියක පිළිබඳ පුවතක් දිවුලපිටියට නුදුරු ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 


තිදරු මවකි. දරු තිදෙනාම විවාහකය. සියල්ලෝම පදිංචි මහ ගෙදරය. ගෙදර වියපැහැදම් පිරිමසන්නේ මවය. සති අන්තයේ ඇය පොළට ගියේ ලොකු පුතා සමගය. සතියකට අවැසි කළමනා මිලදී ගත් මව වෙනිවැල්ගැට කැබලි කිහිපයක්ද මිලදී ගත්තේ අවශ්‍ය විටක තම්බා බීම සඳහාය. 


ගෙදර ගෙනා එළවළු අස්පස් කළ මව වෙනිවැල් ගැට කැබලි මේසය මත තිබ්බේ පසුව වෙනත් තැනකින් තබන අදහසනි. පැය කිහිපයකට පසුව කුස්සියට ආ මව වෙනිවැල්ගැට කැබලි සෙව්වාය. ඒවා නැත. ඇය ලේලියගෙන් විමසද්දී බාල ලේලිය පැවසුවේ අම්මේ පොඩි දර කෑලි ටිකක් මේසේ උඩ තිබුණා. මම ඒවා ළිපට දැම්මා කියාය. වෙනිවැල් ගැටත් දරත් අඳුනන්නේ නැති උඹලා අත පයත් ළිපට දාන දවස වැඩි ඈතක නැතැයි කියා බැණ වදිද්දී අසල්වැසියන්ට මේ සියල්ල දැන ගන්නට ලැබිණි. 

 



අදහස් (0)

නැන්දම්මා කසායට ගෙනා වෙනිවැල්ගැට ලේලි ළිපට දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site