IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


සැමියා ‘හොරා කෑම’ අසුවී බ්රිඳගේ දෙපා වැඳ සමාව ගනී

(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර) 
තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් විවාහක බිරිඳගේ අතටම අසුවී ඇයට දණ ගසා වැඳ බැගෑපත්ව සමාව ඉල්ලා සිටීමේ සිද්ධියක් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් වාර්තා වූයේය.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 


ඔහු විවාහකයෙකි. ඔහුට දරුවන් දෙදෙනෙක් ද සිටියහ. ඒ පුතකු සහ දියණියකි. 


ඔහු සතුටින් විවාහ ජීවිතය ගෙවන අතරේ තවත් තරුණියක සමග අනියම් සම්බන්ධතාවක් ඇතිකර ගත්තේය. ඇයද විවාහකය. ඇයට දරුවන් සිටියේ නැත. ඔහු සිය කුඹුරට යන පාරේ නිවසක ඇය විසුවාය. ඇගේ සැමියා රජයේ සේවකයකු වූ අතර හිමිදිරි පාන්දර නිවසින් පිටත්ව යන සැමියා ආපසු නිවසට ආවේ රාත්‍රී කළුවර වැටෙද්දීය. 


මේ නිසා අනියම් ඇසුරක් ගොඩනගා ගත් දෙදරු  පියා කුඹුරට යන නියාවෙන් නිවසෙන් පිටත්ව කුඹුරට යනවිට හෝ ආපසු එනවිට අනියම් ඇසුර පවත්වන තරුණියගේ නිවසට ගොඩවැදී තහනම් ගහේ ගෙඩි කන්නට පුරුදුව සිටියේය. 


මෙසේ ටික කලක් යද්දී මේ සිද්ධිය අවට ගම්වාසීන් දැනගත් අතර ඔවුන් මාර්ගයෙන් ඔහුගේ බිරිඳ ද දැනගත්තේය. 


සිද්ධිය කනවැකුණු ඇය මේ පිළිබඳව කුරුමානම් අල්ලමින් සිට මේ ආරංචිය සත්‍යයක් බව පසක් කර ගත්තාය. 


ඉන්පසු ඇය සැමියා හොර අඹුවගේ නිවසට යන වේලාව දැන සිය දරුවන් දෙදෙනාද සමග එම නිවසට ගියාය. ඇය දරුවන් දෙදෙනා සමග එද්දී එම නිවසේ දොර වසා තිබුණි. ඇය ඉදිරිපස දොරට තට්ටු කරද්දී නිවසේ වූ සිය සැමියාගේ අනියම් බිරිඳ දොර ඇරගෙන එළියට ආවාය. 


‘‘මෙන්න මගේ මිනිහත් එක්ක මේ දරුවො දෙන්නත් බාර ගනින් කියා’’  දරුවන් දෙදෙනා එහි දමා ඇය ආපසු ගියාය. ඉන්පසු ඇය සිය රෙදිපිළිද බෑගයට දමාගෙන තම මවගේ නිවසට ගියාය. 


අනියම් බිරිඳගේ නිවසේ සිටි සැමියා දරුවන් දෙදෙනාද සමග නිවසට පැමිණ බලන විට බිරිඳ නිවසේ නැත. ඔහු බිරිඳ සොයාගෙන ඇයගේ නිවසට ගියේය. 


‘‘මාව මොකටද? තමුසෙ දරුවන් දෙන්නවත් බලාගෙන අර ගෑනිත් එක්ක ඉන්නවා’’. 


බිරිඳ කී විට තරු පෙනුණ සැමියා යළි එවැනි වැරැද්දක් නොකරන බවට පොරොන්දු වී බිරිඳ ඉදිරියේ දණ ගසා ඇගේ දෙපා වැඳ බැගෑපත්ව සමාව ගෙන නිවසට කැඳවාගෙන ආවේය. 


ඉන්පසු කුඹුර අඳ ගොවියෙකුට දී අස්වැද්දුවා මිස ඔහු කුඹුරට ගියේ නැත. 

 



අදහස් (0)

සැමියා ‘හොරා කෑම’ අසුවී බ්රිඳගේ දෙපා වැඳ සමාව ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1401 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site