IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කතකගේ කොරෝනාවෙන් පවුලකුත් කැඩෙන්න ගිහින්

(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්) 
කොරෝනා වයිරසය ආසාදනය වී ඇත් දැයි පරීක්ෂා කිරීම සඳහා කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී ගමේ කාන්තාවක ආසාදිත වී ඇති බව ආරංචි වී කලබලයට පත් වූ සැමියකු නිසා පවුලක් අවුල් නොවී අනූ නවයෙන් බේරීමේ පුවතක් කඳුරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 


මේ දිනවල දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම මැදරට ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශවලද කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම සිදු වේ. මෙලෙස එක්තරා ගම්මානයක සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරික්ෂණ අනුව ගමේ කිහිප දෙනෙකුම ආසාදිත වී ඇති බවට තොරතුරු ලැබෙන්නට විය. කෙසේ නමුත් මේ ගැන කතා කරමින් සිටි ගමේ එක් නිවසක පුද්ගලයකු ගමේ එක්තරා කාන්තාවක ද ආසාදිත වී ඇති බව දැනගැනීමත් සමග කලබල වනු දුටු ඔහුගේ බිරිය සැමියා සමග ආරවුලක් ඇති කර ගත්තේ වෙනත් අදහසක් සිතේ ඇති කර ගෙනයි. කොහොම වුණත් මෙම සිද්ධිය නිසා සැමියා සහ බිරිය අතර නිතර ගැටුම් ඇති වෙන්නට වූයෙන් සැමියාට සත්‍යය හෙළි කරන්නට සිදු විය. ගමේ එම කාන්තාව ආසාදිත වී ඇති බව දැනගැනීමත් සමග තමා කලබල වීමට හේතුව බිරියගේ නෝක්කාඩුව මැදදීම අකමැත්තෙන් වුවද සැමියා පැහැදිලි කළේය. ‘‘ඔය ආසාදනය වෙලා ඉන්නවයි කියන කාන්තාවගේ සැමියා හොඳ යාළුවෙක් කියලා ඔයා දන්නවනේ. පසුගිය දින කිහිපයක්ම මම වැඩ කළේ එයත් එක්ක. ඒ නිසයි මම කලබල වුණේ’’ යැයි කීය. 
එලෙස කීමත් සමග බිරියගේ නෝක්කාඩුව අඩු වී ගියේය. 



අදහස් (0)

කතකගේ කොරෝනාවෙන් පවුලකුත් කැඩෙන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site