(ඇල්පිටිය – චන්ද්‍රසිරි ගුණසේකර)
කොරෝනා උවදුර නිසා ලිපියක් දෙන්නට නියමිත නිවෙසට නොගොස් පාරේ සිට ලිපිය අයිතිකරුට දෙන්නට ගොස් ලියුම්කරුවකුට සිදුවූ කරදරයක් පිළිබඳ මේ පුවත වාර්තා වූයේ දකුණේ එක්තරා නගරයකිනි.

සිද්ධිය මෙසේය.
මෙම ලිපි බෙදන්නාට කොරෝනා සමයේ ලියුම් බෙදන්නට ලැබී තිබුණේ අලුත් කොට්ඨාසයකටය. කොරෝනා උවදුර නිසා මොහු ලිපි බෙදන්නට කිසිම නිවසක මිදුලට නොගියේය.
නිවෙසේ ගේට්ටුව අසල සිට හෝ පාර අසල සිට සීනුව නාදකර නිවෙසේ කවුරු හෝ පැමිණි පසු ලිපිය භාරදීම ඔහුගේ සිරිත විය.
ලිපියක් බෙදන්නට මේ අන්දමින් නිවෙසක ගේට්ටුවක් අසලට ගොස් ඔහු සීනුව නාද කළේය. එහෙත් නිවෙසේ කිසිවකු ගේට්ටුව අසලට ආවේ නැත. ලියුම් බෙදන්නා ගේට්ටුවෙන් එබිකම් කර බැලූ විට නිවසේ මිදුලේ ගලක් මත කිසිවෙකු වාඩිවී සිටිනු දුටුවේය.
ලියුම් බෙදන්නා ගේට්ටුවෙන් එබී ‘‘මහත්තයා ලියුමක් තියෙනවා, ගේට්ටුව ළඟට එන්න’’ යැයි කිහිප වරක් ශබ්ද නගා කතා කළේය. එහෙත් මිදුලේ සිටි තැනැත්තා ලියුම් බෙදන්නාගේ ඇමතුම ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත.
ඔහු ලිපිය ආපසු රැගෙන ආවේය. ඔහු ලිපියේ කවරයේ අනෙක් පස ‘‘ලිපි හිමියාට සීදුව නාද කර කතා කළත් ලියුම ගන්න ගේට්ටුව ළඟට ආවේ නැහැ’’ යනුවෙන් ලියුවේය.
මේ දුටු තවත් ලියුම් බෙදන්නකු ඇසුවේ ‘‘මෙච්චර විස්තරයක් මොකටද හලෝ මෙතන ලියන්නෙ සීදුව නාද කළා. නිවෙසේ කිසිවෙක් නැත’’ කියල ලිව්වනම් ඉවරයිනෙ කියාය.
‘‘නෑ නෑ, ඒ ගෙදර මිදුලේ ගලක් උඩ කෙනෙක් වාඩිවෙලා හිටියා. මං කතා කළාට ආවේ නැහැ’’ ඔහු කීය.
සිටියේ ගෙදර කෙනෙකු නොව පොකුණ අසල ගලක් උඩ සාදා තිබූ මිනිස් රුවක් බව පසුව හෙළිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරී වේලාවේදී අලුත් මත්ද්‍රව්‍ය අත්හදා බැලීමෙන් වැළකී සිටින්න.