IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


‘මං චෙයාමන්’ මාස්ක් හුටපටයක

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මුව ආවරණයක් නැතිව ගිය පුද්ගලයකු පොලිස් මාර්ග බාධකයකදී ‘‘මං චෙයාමන්’’ කියා බේරී යන්නට උත්සාහ ගත් පුවතක් පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තාවිය.


සමිතියක සභාපතිවරයෙකි. ඇඳිරි නීතිය මැද නගරයේ පැවැති කොරෝනා සහන රැස්වීමකට ගියේ ඉහළින් කෙරුණු දැනුම්දීමක් අනුවය.

ත්‍රීරෝද රියකින් ගමන පිටත් විය. රියැදුරා මුහුණු ආවරණ පැළඳ සිටියත් මේ සභාපතිවරයා ගියේ එසේ නැතිවය.


පොලිස් මාර්ග බාධකයකදී ඔවුන් පරීක්‍ෂාවට ලක් කෙරිණි.


‘කෝ මාස්ක්’ පොලිස් නිලධාරියෙක් විමසීය. ‘‘මං චෙයාමන්නේ’ ඔහු පැවසුවේ ගාම්භීරවය. ඊට ගැලපෙන ලෙස පිළිතුරු දුන් පොලිස් නිලධාරියා වහාම මුව ආවරණයක් පැළඳගෙන ගමන යන ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව ඔහුට යන්නට අවස්ථාව ලැබිණි. 
මුව ආවරණයක් මිලදී ගන්නට තැනක් නොවීය.


ඉදිරියේ හමුදා මාර්ග බාධකයකි. ඒ දුටු මේ සභාපතිවරයා ‘‘මල්ලී ඔයාගේ මාස්ක් එක මට දෙන්නැයි’’ කියා ඉල්ලාගෙන පැළඳ ගත්තේය. එහිදී රියැදුරාගෙන් ප්‍රශ්න කෙරුණේ මුව ආවරණයක් නැතිව යන්නේ ඇයි ද කියාය. ඒක මෙයා මගෙන් ඉල්ලා ගත්තායි කියද්දී මල්ලී ආ මේක අරගන්න කියමින් සභාපතිවරයා මුව ආවරණය ආපසු දුන්නේය.


ඒ දුටු ආරක්ෂක නිලධාරියා අනුන් භාවිතා කළ මුව ආවරණ තවෙකකු පැලඳීමේ නුසුදුසුකම කියා දී ත්‍රීරෝද රියැදුරාට ඔවුන් සතුව තිබූ මුව ආවරණයක් ලබාදී පිටත් කළේ සභාපතිවරයා කළ ක්‍රියාව ගැන තදින් දොස් පැවරීමෙන් පසුවය.

 



අදහස් (2)

‘මං චෙයාමන්’ මාස්ක් හුටපටයක

දිමුත් Wednesday, 25 November 2020 10:10 AM

මේ වගේ මෝඩ මිනිස්සුනේ ජනතාව ඡන්දෙන් පත්කරගෙන තියෙන්නේ...

:       0       13

pakeer Wednesday, 25 November 2020 05:04 PM

මේ වගේ අය තමයි මේ රට පාලනය කරන්නේ...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site