(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මුව ආවරණයක් නැතිව ගිය පුද්ගලයකු පොලිස් මාර්ග බාධකයකදී ‘‘මං චෙයාමන්’’ කියා බේරී යන්නට උත්සාහ ගත් පුවතක් පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තාවිය.

සමිතියක සභාපතිවරයෙකි. ඇඳිරි නීතිය මැද නගරයේ පැවැති කොරෝනා සහන රැස්වීමකට ගියේ ඉහළින් කෙරුණු දැනුම්දීමක් අනුවය.
ත්‍රීරෝද රියකින් ගමන පිටත් විය. රියැදුරා මුහුණු ආවරණ පැළඳ සිටියත් මේ සභාපතිවරයා ගියේ එසේ නැතිවය.
පොලිස් මාර්ග බාධකයකදී ඔවුන් පරීක්‍ෂාවට ලක් කෙරිණි.
‘කෝ මාස්ක්’ පොලිස් නිලධාරියෙක් විමසීය. ‘‘මං චෙයාමන්නේ’ ඔහු පැවසුවේ ගාම්භීරවය. ඊට ගැලපෙන ලෙස පිළිතුරු දුන් පොලිස් නිලධාරියා වහාම මුව ආවරණයක් පැළඳගෙන ගමන යන ලෙස උපදෙස් දුන්නේය. ඒ අනුව ඔහුට යන්නට අවස්ථාව ලැබිණි.
මුව ආවරණයක් මිලදී ගන්නට තැනක් නොවීය.
ඉදිරියේ හමුදා මාර්ග බාධකයකි. ඒ දුටු මේ සභාපතිවරයා ‘‘මල්ලී ඔයාගේ මාස්ක් එක මට දෙන්නැයි’’ කියා ඉල්ලාගෙන පැළඳ ගත්තේය. එහිදී රියැදුරාගෙන් ප්‍රශ්න කෙරුණේ මුව ආවරණයක් නැතිව යන්නේ ඇයි ද කියාය. ඒක මෙයා මගෙන් ඉල්ලා ගත්තායි කියද්දී මල්ලී ආ මේක අරගන්න කියමින් සභාපතිවරයා මුව ආවරණය ආපසු දුන්නේය.
ඒ දුටු ආරක්ෂක නිලධාරියා අනුන් භාවිතා කළ මුව ආවරණ තවෙකකු පැලඳීමේ නුසුදුසුකම කියා දී ත්‍රීරෝද රියැදුරාට ඔවුන් සතුව තිබූ මුව ආවරණයක් ලබාදී පිටත් කළේ සභාපතිවරයා කළ ක්‍රියාව ගැන තදින් දොස් පැවරීමෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මෝඩ මිනිස්සුනේ ජනතාව ඡන්දෙන් පත්කරගෙන තියෙන්නේ...
මේ වගේ අය තමයි මේ රට පාලනය කරන්නේ...