IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බල්ලාට පෑ අනුකම්පාව භූමිකම්පාවක් වෙලා

සත්ව කරුණාව පා දඩාවතේ යන සුනඛයකුට ආහාර දෙන්න  ගොස් එම සතා විසින් සපා කැම නිසා නිවසට ආහාර ගෙන යෑම පසෙක තබා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත වන්නට ගැමියෙකුට සිදුවු පුවතක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තාවිය.


ඔහු ගමේ ලොකු කුඩා කොයිකා අතරත් ජනප්‍රිය චරිතයක් වූයේ නොමසුරු පරිත්‍යාගශීලි නිහතමානි අයෙකු නිසාවෙනි. නගරයේ ද ගමේද කොතනකදී වුවත් වෙළඳ සලක ඔහු ආහාරයක් ගැනීමට ගිය විටකදී සුනඛයෙකු හෝ වෙනත් සතෙකු අසල සිටියහොත් එම සතාට කුමන හෝ ආහාරයක් කඩෙන් අරගෙන දීමට පසුබට වන්නේ නැත. ඒ නිසා ගමේ සිටි සුනඛයන් පවා ඔහුට ලෙන්ගතුය.


සතියේ විවේක දිනයකි. ඔහු සුපුරුදු පරිදි ​උදේ ගමේ වෙළඳ සලට ගියේ උදේ ආහාරයට යමක් රැගෙන එන අදහසිනි. නිවසට අවශ්‍ය ආහාර වර්ග මිලදී ගෙන පෙරලා නිවස බලා යන්නට සූදානම් වන විට ඔහු දැක්කේ කඩය ඉදිරි පිට අයාලයේ යන මීට පෙර නොදුටු සුනඛයකු ඔහු දෙස බලාගෙන බිම වාඩි වී සිටින අයුරුය.


අනේ මගෙන් කන්නට යමක් ඉල්ලනවා යැයි සිතූ ඔහු කඩෙන් බනිස් ගෙඩියක් මිලට ගෙන සතා ළඟට ගොස් බනිස් ගෙඩිය උගේ කටළගට කර ‘‘ආ කන්න’’ කියා පවසා තිබේ. ඒ දෙසවත් නොබැලු සුනඛයා අහක බලා ගත් හෙයින් හා එහෙනම් මේක පස්සේ කාපන්’’ යැයි කියා කඩේ පිලට බනිස් ගෙඩිය දමා යතුරු පැදියේ නැගී යන්නට සුදානම් විය. 


ඒ සමගම ඔහුට සිතුණේ මේ සතා බනිස් ගෙඩිය නොකන නිසා මෙය රැගෙන ගොස් පාරේ සිටින බල්ලෙකුට හෝ වෙනත් සතකුට දීම සුදුසු බවයි. ඒ සිතුවිල්ල මත යතුරුපැදියෙන් බැස බනිස් ගෙඩිය තිබූ තැනට ගොස් උඹ කන්නේ නැත්නම් මම මේක අරගෙන යනවා. යැයි කියා බනිස් ගෙඩිය අතට ගන්න බිමට නැමෙනවාත් සමගම එතෙක් පසෙකට වී නිසොල්මනේ සිටි බල්ලා එක්වරම බුරාගෙන පැමිණ බනිස් ගෙඩි ගන්නට  සූදානම් ව පහතට දැමූ ඔහුගේ අතේ එල්ලී තිබේ.


නිවැසියන්ට උදේ ආහාරය රැගෙන යෑම පසෙක තබා කු ගින්නේ සිටි සතෙකුට අනුකම්පාවක් දක්වන්නට ගොස්  සුනඛයකු සපා කෑමෙන් සිදුවු තුවාල වලට රෝහලට ගොස් ප්‍රතිකාරගැනීමට ඔහුට සිදුවිය.



අදහස් (0)

බල්ලාට පෑ අනුකම්පාව භූමිකම්පාවක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site