(රත්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන)
දකුණේ ව්‍යාපාරිකයකු කිසියම් ගැටලුවකට සරණක් සොයමින් ලංකාවේ ප්‍රසිද්ධ දේවාල ඇතුළු වෙනත් ප්‍රසිද්ධ පේන කියන්නන් සිටින තැන් සොයා ගොස් වත් පිළිවෙත් සිදු කළ ද තමා බලාපොරොත්තු වූ කාර්ය සාර්ථකව ඉටු නොවූයෙන් ඔහු එක් ස්ථානයක් පිළිබඳ විශ්වාසය තබා පුද පූජා අවසන කපුවාගේ උපදෙස් මත හිඟන්නකු සතුටු කිරීමට පාරේ තැබූ රුපියල් 500 ක මුදල නගරයේ සිටි ධනවතකු විසින් ඇහිඳගෙන ගිය අපූරු පුවතක් දකුණට සම්බන්ධ ප්‍රදේශයකින් වාර්තා විය.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු ව්‍යාපාරිකයෙකි. යාග හෝම ආදිය පිළිබඳ දැඩි විශ්වාසයක් නොතිබුණ ද නිවසේ ඇති වන ගැටලු පිළිබඳ ඔහුගේ පවුලේ අනෙක් අය යාග හෝම දැඩි සේ විශ්වාස කළේය. එබැවින් මුදල් ගැන නොබලා එම කටයුතු සඳහා නිර්ලෝභීව අතට පයට වියදම් කළේ එහි ප්‍රතිඵල ද ලැබෙන නිසාය.
කෙසේ වුවද කිසියම් ගැටලුවක් සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රසිද්ධම පේන කියන ස්ථානයක් සොයා ගිය විට තමාගේ ගැටලුව සම්බන්ධයෙන් පැවසූ අතර ඒ සඳහා ප්‍රතිකර්ම රාශියක් කරන ලෙස උපදෙස් ලැබුණි. ඉන් එකක් වූයේ එළවළු 38 ක් හා කැවිලි වර්ග සමග ප්‍රසිද්ධ තැනක ආහාර පූජාවක් තබා එදිනම අහිංසක ගිලන් පුද්ගලයෙකුට හෝ හිඟන්නකුට අහඹුවෙන් ලබාගෙන සතුටු වන පරිදි කිසියම් මුදලක් තැනක තබන ලෙසයි.
ඒ අනුව මෙම ව්‍යාපාරිකයා හිඟන්නන් ද නිතර ගැවසෙන තැනකට ගොස් පූජාව සිදුකළ අතර නියමිත පරිදි එය ඉෂ්ඨ සිද්ධ වූ පසු හිඟන්නන් ගැවසෙන ප්‍රදේශයේ පාර අයිනේ රුපියල් 500 ක් තබා එය හිඟන්නකු ලබාගෙන සතුටු වන අයුරු දැක ගැනීමට සැඟවී බලා සිටියේය. සිදුවූයේ ඔහු සිහිනයකින්වත් නොසිතූ දෙයකි.
උදේ පාන්දර ඇවිදීම සඳහා යන අතර මෙම බෝධියට පඬුරක් දමා යාම පුරුද්දක් කරගෙන සිටි ප්‍රදේශයේ ධනවතකු මෙය දැක එය ඇහිඳ සාක්කුවේ දමා ගත්තේ බලන්න මහත්තයෝ මිනිස්සුන්ට සල්ලිවල අගයක් නැති හැටි යැයි ද පවසා සමච්චල් සිනහවක් ද පාමිනි.
බලාපොරොත්තු සුන් වූ ඔහු රු. 200ක මාරු කාසි රැගෙන තැන තැන රු. 5, 10 කාසි දමා නිවසට ගියේ කුණු ගොඩකට තමයි තවත් කුණු ගොඩක් එකතු වෙන්නේ යැයි ද පවසමිනි.
2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිඟන්නාට දැමූ 500 ධනවතෙක් සාක්කුවේ දාගෙන