IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


බ්රියගේ හොර අල්ලන්න සැඟවී සිටි සැමියාට සර්පයකුගෙන් පාඩමක්

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)

මෑතක සිට ප්‍රියමනාප ලෙස හැසිරුණු සිය භාර්යාවගේ හොර ඇල්ලීමට ගොස් සර්ප ප්‍රහාරයකට ලක්වී ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳ පුවතක් දකුණේ ගමකින් වාර්තා විය.


ඔහු පෞද්ගලික ආරක්ෂක සේවයේ යෙදුණු අයෙකි. වැඩිමනත් ඔහුට ලැබුණේ රෑ වැඩ මුරයය. සිය භාර්යාව ගැන ඔහු සැක සිතුවේ අද ඊයෙක සිට නොවේ. සහේට ගත් දා සිටම ඔහු සිය භාර්යාව පිළිබඳව සැකයෙන් මෙන්ම සෙවිල්ලෙන් සිටියේය. ඒ ඈ කොයි කවුරුත් සමගම සුහදව කතාබහ කරන නිසාය. තමාට වඩා තරමක් රූපශ්‍රියෙන් සිටීම ඊට තවත් හේතුවක් විය.


මේ නිසාම දෙන්නා දෙමහල්ලන් අතර පොඩි පොඩි සැක, රණ්ඩු සරුවල් ඇති නොවුණාම නොවේ. දරුවන් ලැබුණු පසුව ද එය එසේම විය. සිය දරුවන් ඉදිරියේ රණ්ඩු සරුවල් වීම නොඉවසූ ඇය මේ සඳහා උපක්‍රම සෙව්වාය. ඒ ඔහුට තමා ගැන ඇති සැකය දුරු කරලීමටය.


මේ අතරවාරයේදී ගමේ කාන්තා සමිතිය මාර්ගයෙන් පවුල් අවුල් අවම කරවා ගැනීමේ වැඩමුළුවකට ඇය සහභාගි වූවාය. සිය සැමියාට ප්‍රියමනාප ලෙස හැසිරීම හා ඔහුගේ රැකියාව සඳහා පහසුකම් සැපැයීම පවුල් ආරවුල් අවම කරගැනීමට ප්‍රබල හේතුවක් බව එහි දේශකයෙක් කීවේය. ඒ අනුව වෙනදා දැලි පෙරාගෙන කිළිටි ඇඳුම් ඇඳගෙන සිටි ඇය එදා සිට සැමියා නිවෙසේ රැඳෙන වේලාවට ඔහුට ප්‍රියමනාප යයි සිතෙතැයි සිතෙන පිරිසුදු ඇඳුම් ඇන්දාය. සුවඳ විලවුන් ද පාවිච්චි කළාය. ආදර වදන්වලින් සිය සැමියා ඇමතුවාය.
ඇයගේ හදිසි මේ වෙනස්වීම සැමියාගේ සැකය වර්ධනය කිරීමට තවත් ප්‍රබල හේතුවක් විය. තමා රාත්‍රියේ වැඩ මුරයට ගිය විටදී සිය භාර්යාව වෙන අයකු සිය නිවෙසට ගෙන්වා ගනු ඇතැයි ඔහු සිතුවේය. මේ අමුතු ආලවන්තකම එන්න ඇත්තේ ඒ නිසා යයි ඔහුගේ සිතට වද දුන්නේය. සිය භාර්යාවගේ මේ හොරය අතටම අල්ලා ගන්නකම් ඔහුට ඉවසිල්ලක් නොවීය.


ඒ අනුව ඔහු ඒ සඳහා කදිම උපක්‍රමයක් යෙදීය. ඒ රාත්‍රී වැඩ මුරයට යන බව පවසා නිවෙසින් පිටව ගොස් රාත්‍රියේ කාටත් නොදැනෙන්න නිවෙස අසලට පැමිණ නිවෙස මුර කිරීමය. මේ වෙනස්වීමෙන් සිය සැමියාගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබෙන්නේ තමා ප්‍රියමනාප ලෙස හැසිරෙනවා මදි නිසා විය යුතු යැයි සිතූ ඇය එදා හවස් වරුවේම නා කියාගත්තේ වෙනදා භාවිත කරන සුවඳ සබන්වලට වඩා වැඩි සුවඳක් ඇති සබන් ඇඟේ ගාගනිමින්ය. 


වෙනදාටත් වඩා කලින් ඔහුට රාත්‍රී ආහාරය සකස් කර දුන් ඇය රාහු කාලය යයි කියා වෙනදාට වඩා කලින් නිවෙසින් පිටවන ලෙස ද සැමියාට කීවාය.


 අද නම් බිරියගේ හොරය අතටම අල්ල ගන්නවා යයි සිතමින් ඔහු රෑ වැඩ මුරයටයයි කියමින් නිවෙසින් පිටව ගියේය.


 එදා රාත්‍රියේ සිය නිවෙස අසලින් කෙනකුගේ කෑගැසීමක් නිසා නින්දෙන් ඇහැරුණු ඔහුගේ බිරිය සිතුවේ සිය නිවෙසට හොරු පැන ඇති බවය. ඒ නිසාම ඇය “මෙන්න හොරු ඇවිල්ලෝ” යයි කෑමොර දුන්නේ මුළු ගමම එතැනට එක්රැස් කරවමින්ය. ඒ වනවිටත් ඔහු සර්පයකු දෂ්ට කිරීමෙන් නිවස ආසන්නයේ සිහි මූර්ජා වී වැටී සිටියේය. ගමේ අය එකතු වී ඔහු රෝහලට ගෙන නොගියේ නම් ඔහු නොඑන ගමන් ගොස්ය.



අදහස් (0)

බ්රියගේ හොර අල්ලන්න සැඟවී සිටි සැමියාට සර්පයකුගෙන් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site