(වියලුව වාර්තාකරු)
රාජකාරි වේලාවේදී කාර්යාලීය මේසය මත මර නින්දේ පසුවූ ලිපිකාර මහත්මියක සිහිනයක් දැක බිය වී මුළු කාර්යාලයම දෙවනත් කරමින් කෑ ගැසූ බව කියවෙන පුවතක් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි එක්තරා කාර්යාලයකි. දිවා ආහාරය ලබා ගැනීමෙන් පසු සියලු සේවකයෝ තමුන්ට පැවරුණු රාජකාරි යුහුසුළුව ඉටු කරන්නට වූහ.
මේ අතර තවත් කීප දෙනෙකු අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වූයේ තමන්ට පැවරුණු රාජකාරි කල්තබාම අවසන් කළ නිසාය. එක්වරම ශාලාවේ කොණක වාඩි වී සිටි ලිපිකාර මහත්මිය මර ළතෝනි දී කෑ ගසා සිට ගත්තේ එහි සේවක පිරිස පමණක් නොව පැමිණ සිටි සේවා දායකයින් ද අන්ද මන්ද කරමිනි.
මද වේලාවක් තුෂ්ණිම්භූතවී බලා ගත් වනව බලා සිටි ඇය පිරිස දෙස බයාදු බැල්මක් හෙළමින් වාඩි වූවේ තමන්ට සිදුවූ ඇබැද්දියට සමාව අයදින්නට මෙන්ය.

දිවා ආහාරයෙන් පසුව රජකාරි මේසය මතම නින්ද ගොස් සිටි ඇය නපුරු හීනයක් දැක දැඩිසේ බියට පත්ව මෙලෙස කෑ ගැසූ බව ඇය ළඟට දිව ආ තම සහෝදර සේවක පිරිසට කියා සිටියේ ‘‘අනේ ඊයේ රෑ බබා ඇහැරලා. මම නිදා ගත්තේම නැහැ. මට ටිකක් නින්ද ගියා’’ යනුවෙන් නිදහසට කරුණක් කියමිනි.
‘‘හොඳ ටික’’ යැයි කොඳුරමින් පිරිස යළිත් සිය කටයුතු ආරම්භ කළේ පැමිණ සිටි සේවා දායකයින්ට ද සිනහවකින් සංග්‍රහ කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්නන් වාලේ කාර්ය මණ්ඩල වැඩිකිරීමත් සපයන සේවය සැපයීමට අවශ්‍ය සේවක පිරිසට වඩා රැකියාදීමේ අභිලාෂයෙන් බඳවා ගැනීම් නිසා කළයුතු වැඩක් නැති අය මෙලෙස නිදාගන්නවා. මම සේවය කළ කාර්යාලයකට ගොවියන් සම්බන්ධ දිස්ත්‍රික් කාර්යාලයක සිට මාරුවී පැමිණි යතුරු ලේඛිකාවක් (2004 ට පෙර) දිවා ආහාරයෙන් පසුව නිදාගන්නවා. කාර්යාලයේ සියළු දෙනා වැඩ කරද්දී මැය පමණක් නිදාගැනීම නිසා පරිපාලන නිලධාරිනිය ඇය ගෙන්වා ප්‍රශ්නකළා. ඇය කිව්වේ ඇයගේ පෙර කාර්යාලයේ වැඩ නැතිනිසා දහවල් බොහෝ දෙනෙක් නිදාගන්නා බවත්, ඇයට එම පුරුද්ද අත්හැරීම අපහසු බවත්ය.