(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ)
තම නිවසේ සාර්ථකව වැවී තිබූ රඹුටන් පලදාව නිවෙස් හිමියා විසින් කඩා ගමටම බෙදාදීමේ සිදුවීමක් මහනුවරට නුදුරු නාගරික ප්‍රදේශයකින් වාර්තා විය.

සිද්ධියට මුහුණපෑ පුද්ගලයා වසරකට ආසන්න කාලයකට පමණ පෙර නිවෙසක් අලුතින් මිලට ගෙන ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකි.
එසේ පැමිණි ඔහුගේ නිෙවස පිහිටා තිබූ ඉඩමේ යාබද නිෙවසට ආසන්නයේ මනාව වැඩුණු රඹුටන් ගසක් ද විය. මෙවර එහි හොඳ ඵලදාවක් දක්නට ලැබුණු අතර, පසුගිය කාලයේ අවට සතුන්ගෙන් ආරක්ෂා කිරීමට ද නිවෙස් හිමියා ඇතුළු පවුලේ පිරිසට වෙහෙසෙන්නට ද සිදුවිය. ඒ අතර රඹුටන් ගසේ තැනින් තැන ගෙඩි ඉදෙන්නට පටන් ගත්තේය.
පසුගිය දිනෙක හදිසියේ පවුලේ පිරිස සමග නිවසෙන් පිට ගමනක් ගොස් සවස් කාලයේ ආපසු එන විට රඹුටන් ගසේ ගෙඩි කවුරුන් හෝ කඩාගෙන ගොස් ඇති බව දක්නට ලැබිණි.
සවස් කාලය එළඹ තිබූ නිසා ඒ පිළිබඳ සෙවීමට වෙහෙස නොවූ නිවෙස් හිමියා පසුදා උදයේම නිෙවස අවට පුද්ගලයන්ගෙන් රඹුටන් ගස සම්බන්ධයෙන් විස්තර විමසුවේය.
එසේ තොරතුරු විමසූ විට තම නිවසට යාබද නිවසේ හිමිකරු පෙර දිනයේ ගම්මානය පුරා ගොස් රඹුටන් බෙදූ බවට ආරංචියක් ලැබිණි.
ඔහු මෙවර මැතිවරණය වෙනුවෙන් කැප වී වැඩ කරන පුද්ගලයකු බවත්, පෙර දින ඔහු එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් ගම පුරා මනාප ඉල්ලා යමින් රඹුටන් බෙදූ බවටත් අසල්වැසියන්ගෙන් දැනගන්නට ලැබිණි.
නිෙවසට පැමිණි නිවෙස් හිමියා යාබද නිෙවසට ගොස් අදාළ පුද්ගලයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසුවත් රඹුටන් කැඩූ බව පිළිනොගත් අතර, දෙදෙනා අතර බහින් බස්වීමක් ද ඇතිවූ අතර, ඒ අතරේ රඹුටන් ගසේ ඉතිරි රඹුටන් ගෙඩි ටික ද කඩාගන ගමටම බෙදා මනාප ලබා ගන්නා ලෙසත් චෝදනා කළේය.
2025 ඔක්තෝබර් මස 08
1845
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1489
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඡන්දෙට මනාප ගන්න ගමටම අල්ලපු ගෙදර රඹුටන් බෙදලා