IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අමනාපය මකාගන්න දුන් තෑග්ගෙන් රස්සාවත් එපාවෙලා

ආයතනයෙන් ඉවත්ව ගිය සේවකයකු යළි ආයතනයට පැමිණ අමනාපයෙන් පසුවන මිතුරෙකුට දුන් විශේෂ ත්‍යාගය හමුවේ  අමනාප මිතුරා සේවක පිරිස් ඉදිරියේ ලැජ්ජාවට පත්වීමේ පුවතක් වැව් බැඳි පෙදෙසකින් වාර්තා වුණි.


අනාවරණය වෙන ආකාරයට සිද්ධිය මෙසේය.


වසර ගණනාවක් එකට පෞද්ගලික ආයතනයේ සේවය කළ සේවකයෙක් පසුගියදා ඉවත්ව ගියේය. ඔහු සේවය කළ කාලයේ එකට වැඩ කළ අයකු සමග අමනාපයෙන් පසු වූයේය.


ඉවත්ව ගිය සේවකයා දින කිහිපයකට පසුව සේවකයන්ට සංග්‍රහයක් කිරීමට ආයතනයට පැමිණියේය.


ඒ වෙනුවෙන් ආයතනයේ සේවකයෝද ඔහුට ත්‍යාගයක් දීමට සූදානම් වූහ.


සේවකයා වෙන්ව යාම වෙනුවෙන් සමුදීමේ කතාවක් කළේය. ආයතන ප්‍රධානින් හා සේවකයෝද ඒ වෙනුවෙන් කතා කළහ. ඉන් අනතුරුව සියලු දෙනා සංග්‍රහය භුක්ති විඳීමට පටන් ගත්හ.


වෙන්ව යාම නිමිත්තෙන් සේවකයන් දුන් ත්‍යාගය ඔහු පැමිණි රථයෙන් තැබූ සේවකයා රථයේ තිබූ පාර්සලයක් ගෙනැවිත් අමනාපයෙන් පසු වූ මිතුරා අමතා “මෙතැන් පටන් අමනාපකම් අමතක කරමු” යැයි කියා අතට අතට දී සිපගෙන තෑගි පාර්සලය අත තබා යන්නට ගියේය.


මිතුරාද සියල්ල අමතක කරමින් එය සතුටින් බාරගෙන ආයතනයේ සියල්ලන් ඉදිරිපිටදී එය විවෘත කළේය.


 එහි තිබුණේ චීත්තයක් බව දැක ඔහු අන්ද මන්ද වී  පිරිස් ඉදිරියේ දැඩි සේ ලැජ්ජාවට පත් වුණේලු.


එය ආයතනයේම විසිකර දමා නික්ම ගිය මිතුරා ද එදා සිට එම ආයතනයට පැමිණෙන්නේ ද නැතිලු.

 

මොරගොල්ලාගම සිසිර කැලේගම

 



අදහස් (0)

අමනාපය මකාගන්න දුන් තෑග්ගෙන් රස්සාවත් එපාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site