IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සුවඳට වහ වැටුණු ගැටයාට තරුණියකගෙන් කුඩ පහරක්

(තිහගොඩ - උපසේන ලියනගම)
කඳුකර ප්‍රදේශයේ සිට මාතර බලා දිවෙන පෞද්ගලික බස් රථයකි. අතරමගදී බසයට නැග්ගේ යුරෝපීය ඇඳුමෙන් සැරැසුණු රූමත් ලලනාවන් දෙදෙනෙකි. ඔවුන් බසයට නැගීමත් සමගම මුළු බසයම සුවඳවත් වූයේ ඔවුන් ආලේප කර තිබූ සැර සුවඳ විලවුන් නිසාය.


ඊළඟ බස් නැවැතුමේදී උපකාරක පන්තිවලට යනවා යැයි සිතිය හැකි තරුණ ගැටවරයන් තිදෙනකු බසයට නැග ගත් අතර එක් තරුණයකු යට කී තරුණියන් අසල නැවැතී අනෙක් අයට කීවේ ‘මාර සුවඳක් බං, උඹලත් මෙතෙනට වරෙල්ලා’ කියාය. ඒත් ඔවුහු එහි නොපැමිණි අතර මේ ගැටවරයා, ‘කොහෙන් හොයා ගත් සුවඳක් ද මන්දා... මාර සනීපයි...’ ආදිය කියමින් ඔච්චම් කරන විට එක් තරුණියක් කෝපයට පත්ව ඔහු දෙස හැරී වේගවත් කුඩ පහරක් එල්ල කොට වෙනත් ආසනයකට ගියාය.


මෙය මුල සිටම බලා සිටි කොන්දොස්තර මොහොතින් ලජ්ජාශීලීව සිටින ඔහු දෙසට විත් ‘මල්ලි සනීපේ සැප ද’ ඇසූවෙන් සෙසු මගීන් ඔහු දෙස බලා සිනාසෙන විට බසයේ පසුපසට ගිය ඔහු සීනුව නාද කොට බසයෙන් බැස්සේ යහළුවන් දෙදෙනාටත් නොකියාලු.

 



අදහස් (0)

සුවඳට වහ වැටුණු ගැටයාට තරුණියකගෙන් කුඩ පහරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site